E   |     |  

 දිනය: 2026-08-06   පිළිතුර ලබා දී ඇත 

0471/2026: ශ්‍රී ලංකා ටෙලිකොම්: 2020 සිට මූල්‍ය කාර්යසාධනය

ගරු රවී කරුණානායක මහතා,— ඩිජිටල් ආර්ථික අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)        (i)       2020 වර්ෂයේ සිට මේ දක්වා ශ්‍රී ලංකා ටෙලිකොම් (SLT) හි මුළු  ආදායම එක් එක් වර්ෂය අනුව කොපමණද;

            (ii)       2020 වර්ෂයේ සිට මේ දක්වා ශ්‍රී ලංකා ටෙලිකොම් හි මුළු ලාභය එක් එක් වර්ෂය අනුව කොපමණද;

(iii) ඉහත (i) සහ (ii) ට අදාළව මුළු සෘජු සහ වක්‍ර බදු වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iv) ශ්‍රී ලංකා ටෙලිකොම් විසින් සේවයේ යොදවා ඇති මුළු කාර්ය මණ්ඩල සාමාජිකයින් සංඛ්‍යාව සහ පසුගිය වර්ෂ 05 සඳහා වැටුප් සහ වේතන සඳහා දරන ලද මුළු වාර්ෂික පිරිවැය වෙන් වෙන් වශයෙන් කොපමණද;

(v) ශේෂ පත්‍රයේ පිළිබිඹු වන ශ්‍රී ලංකා ටෙලිකොම් හි මුළු වත්කම් වටිනාකම සහ අනුරූප වෙළඳපොල වටිනාකම වෙන් වෙන් වශයෙන් කොපමණද;

(vi) ශ්‍රී ලංකා ටෙලිකොම් හි ප්‍රධාන කොටස් හිමියන් තිදෙනා කවුරුන්ද;

  (vii) රජය සතු කොටස්වල මුළු වටිනාකම ශ්‍රී ලංකා රුපියල්වලින් කොපමණද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2026-08-06

අසන ලද්දේ

ගරු රවී කරුණානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

ඩිජිටල් ආර්ථික

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)     

රුපියල් මිලියන  

ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහය

2020

2021

2022

2023

2024

2025

මුළු ආදායම

91,119

102,348

107,710

106,418

111,148

114,176

                        2026 මූල්‍ය වර්ෂයේ ටෙලිකොම් සමූහයේ පළමු කාර්තුවේ ආදායම රුපියල් බිලියන 30.8යි. ඒ කියන්නේ, පසු ගිය වර්ෂයට සාපේක්ෂව සියයට 10.6ක වර්ධනයක් තිබෙනවා.   

 

              (ii)     

                        ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහ‍යේ බදු ගෙවීමෙන් පසු ලාභය 2026 වර්ෂයේ පළමුවැනි කාර්තුවේදී රුපියල් බිලියන 3.1ක් වෙනවා. ඒ කියන්නේ, පසුගිය වර්ෂයට සාපේක්ෂව සියයට 53.3ක වර්ධනයක් මේ අවුරුද්දේ පළමුවැනි කාර්තුවේ තිබෙනවා.

      (iii)

** දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා රේගුව සහ අනෙකුත් පළාත් පාලන හා රාජ්‍ය ආයතන වැනි බදු සහ අයකිරීම් එකතු කරන ආයතන වෙත ගෙවන ලද බදු හා අයකිරීම්.

 

(iv)

 

 

ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහය

 

2020

2021

2022

2023

2024

2025

සේවක සංඛ්‍යාව

(එස් එල් ටී

සහ මොබිටෙල්)

8,179

8,032

8,058

7,629

7,435

7,225

මේකෙන් පැහැදිලි වෙනවා, අපි කාර්යක්ෂමතාව  වැඩි කරලා තිබෙන බව, සේවක සංඛ්‍යාව අඩු වුණත්. ආදායම සහ ලාභය වැඩිවෙලා තිබෙනවා, ආයතන දෙකේ

(v)

 

(vi)

1

මහා භාණ්ඩාගාර ලේකම්

50.23%

2

ග්ලෝබල් ටෙලිකොමියුනිකේෂන්ස් හෝල්‍ඩින්ස් එන් වී

44.98%

3

සේවක අර්ථසාධක අරමුදල

1.40%

(vii) ශ්‍රී ලංකා රජයට ශ්‍රී ලංකා ටෙලිකොම්හි සියයට 50.23ක කොටස් හිමි වෙනවා. ඒ අනුව, ආසන්න වශයෙන්  රුපියල් බිලියන 78ක කොටස් වටිනාකමක් තිබෙනවා.

 

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2026-08-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු එරංග වීරරත්න මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks