පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
454/2025
ගරු ඔෂානි උමංගා මහත්මිය,— කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාවේ ඇති කර්මාන්තපුර තුළ මේ වනවිට ක්‍රියාත්මක වන කර්මාන්ත සංඛ්‍යාව, ඒවායේ නිෂ්පාදනය සහ අයත් වන ව්‍යාපාර ක්ෂේත්‍රය වෙන් වෙන් වශයෙන් කවරේද;
(ii) කර්මාන්තපුර තුළ ක්‍රියාත්මක වූ එහෙත් මේ වනවිට වැසී ගොස් ඇති කර්‌මාන්ත සංඛ්‍යාව කොපමණද;
(iii) කර්මාන්තපුර උපරිම ධාරිතාවයෙන් මේ වනවිට ක්‍රියාත්මක වන්නේද;
(iv) එම කර්මාන්තපුර තුළ නව කර්මාන්ත ඇරඹීම සඳහා අවකාශ තිබේද;
(v) ශ්‍රී ලංකාවේ ඇති කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සංඛ්‍යාව සම්බන්ධයෙන් සංගණනයක් කර තිබේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) නව කර්මාන්තපුර ආරම්භ කිරීමට සැලසුම් කර තිබේද;
(ii) එසේ නම්, එම සැලසුම් කවරේද;
(iii) ඒ සඳහා ප්‍රාග්ධනය සපයා ගැනීමට අපේක්ෂා කරනු ලබන ආකාරය කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-03-03
අසන ලද්දේ
ගරු ඔෂානි උමංගා මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ශ්‍රී ලංකාව පුරා ඇති කර්මාන්තපුර තුළ මේ වන විට ක්‍රියාත්මක වන කර්මාන්ත සංඛ්‍යාව 527කි. කර්මාන්ත පුරයන්ට අදාළ කර්මාන්ත හා ඒවායේ නිෂ්පාදනය වෙන් වෙන්ව ඇමුණුම් අංක i සිට ix දක්වා තිබෙනවා. එම ඇමුණුම් මා සභාගත* කරනවා.
(ii) 2024.12.31 දිනට මෙම අමාත්‍යාංශය යටතේ ඇති කර්මාන්තපුර තුළ ක්‍රියාත්මක වූ, එහෙත් වැසී ගිය කර්මාන්ත සංඛ්‍යාව 40කි.
(iii) මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින කර්මාන්තපුර 33 අතරින් කර්මාන්තපුර 14ක් උපරිම ධාරිතාවෙන් යුක්තව ක්‍රියාත්මක වේ. ඒ කියන්නේ, සම්පූර්ණයෙන් එහි capacity එක fill වෙලා තිබෙන්නේ.
(iv) අවකාශ තිබේ.
(v) මෙම අමාත්‍යාංශය මඟින් කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සම්බන්ධයෙන් සංගණනයක් මෙතෙක් සිදු කර නොමැත. එම data එකතු කර ගන්නා research එක දැනටමත් සිදු වෙමින් පවතිනවා. මීට අමතරව කාර්මික සංවර්ධන මණ්ඩලය - IDB - යටතේත් කර්මාන්තපුර 17ක් ක්‍රියාත්මක වනවා.
(ආ) (i) නව කර්මාන්තපුර ආරම්භ කිරීමට සැලසුමක් තිබෙනවා.
(ii) එය ජාතික සැලසුමක්. ඒක ක්‍රියාත්මක කරන්නේ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයද, BOI එකද, IDB එකද කියන එකට එහා ගිය ජාතික සැලසුමක්.
ආරම්භ කිරිමට සැලසුම් කර ඇති නව කර්මාන්තපුර ලෙස ඉංගිරිය, රයිගම, මිල්ලනිය -අදියර II-, පරන්තන්, වාලච්චේන, පුලියන්කුලම, ආරච්චිකට්ටුව, තිහගොඩ, මාවතගම, ඇළයාපත්තුව සහ බිංගිරිය යන ප්‍රදේශ ආවරණය කරමින් අක්කර 570ක භූමි ප්‍රමාණයකින් යුතුව ජාතික වශයෙන් කර්මාන්තකරණය සඳහා නව කර්මාන්තපුර 10ක යටිතල පහසුකම් සංවර්ධන කටයුතු මෙම වසරේ ආරම්භ කිරීමට නියමිතයි. එය ජාතික වැඩ පිළිවෙළක් යටතේ සිදු වන දෙයක්. එම නිසා මොන ආයතනයද මෙම වැඩ පිළිවෙළේදී මූලිකත්වය ගන්නේ, මොන ආකාරයෙන්ද එම කර්මාන්තපුර සංවර්ධනය කරන්නේ කියන එක මෙහිදී අපි සොයා බලනවා.
විශේෂයෙන්ම මෙහිදී අපි බලාපොරොත්තු වෙනවා, එක් එක් ක්ෂේත්‍ර සඳහා කර්මාන්තපුර වෙන් කරන්න. එතකොට ඒවායේ ඵලදායීතාව වැඩි කර ගන්න පුළුවන්. මේ සැලැස්ම ඉදිරියේදී රටට ඉදිරිපත් කරනවා. එතකොට කර්මාන්තකරුවන්ට ඒ පිළිබඳව අවබෝධයක් ලබා ගන්න පුළුවන්.
(iii) ප්‍රාග්ධනය සපයා ගන්න මේ දක්වා ජාතික අය වැය මඟින් රුපියල් බිලියන 1.5ක් වෙන් කර තිබෙනවා. ඒ වාගේම මේ කර්මාන්තපුර නිර්මාණය කිරීමේදී පෞද්ගලික අංශය, එහෙම නැත්නම් පොද්ගලික කර්මාන්තපුර විධියටත් අපට ඒවා ආරම්භ කිරීමට අවස්ථාවක් තිබෙනවා. ආයෝජකයන් ඉන්නවා නම්, ඒ කර්මාන්තපුරයට අවශ්‍ය භූමිය රජය මඟින් ලබා දෙනවා. Public-private partnership එකක් යටතේ කර්මාන්තපුරය build කරලා, නිර්මාණය කරලා, ඒ සේවාවන් සැපයීමේ හැකියාව පෞද්ගලික අංශයටත් තිබෙනවා. ඒ නිසා ප්‍රාග්ධනය පෞද්ගලික සහ රාජ්‍ය කියන ආකාර දෙකෙන්ම මේ කර්මාන්තපුර ගොඩනැඟීමට යොමු වෙනවා.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2025-03-03
විසින් පිළිතුරු දෙන ලදී
ගරු චතුරංග අබේසිංහ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks