පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
453/2025
ගරු අම්බිකා සාමිවෙල් මෙනෙවිය,— වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) විවිධ ස්වාභාවික සහ සමාජ ගැටලු හේතුවෙන් කඳුකරයේ වතු ආශ්‍රිතව ජීවත්වන ජනතාව විශාල වශයෙන් පීඩාවට පත් වී සිටින බව දන්නේද;
(ii) එම ජනතාවගෙන් නිවාස අහිමි පුද්ගලයන් සහ පවුල් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) ඔවුන් තාවකාලික නිවාසවල පදිංචි වී සිටින කාලය කොපමණද;
(iv) එම ජනතාවට නිවාස ලබා දීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-02-24
අසන ලද්දේ
ගරු අම්බිකා සාමිවෙල් මෙනවිය, පා.ම.
අමාත්‍යාංශය
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්, අප ඒ පිළිබඳව දැනුවත්.
(ii) • කෑගල්ල : ලැවන්ට් වතුයාය - පවුල් 22
• බදුල්ල : පූනාගල වතුයාය - පවුල් 51
දබේතැන්න වතුයාය - පවුල් 65
• නුවරඑළිය : වෙදමුල්ල වතුයාය - පවුල් 105
(iii) වසර 2 -5 අතර කාලයක් පමණ.
(iv) • මෙම වසරේදී ක්‍රියාත්මක කිරීමට නියමිත ඉන්දියානු නිවාස ව්‍යාපෘතිය යටතේ ආපදා අවදානම් නිවාසවල ජීවත් වන පවුල් 3,627ක් සඳහා නිවාස ඉදිකිරීමට යෝජනා කර ඇත.
• ඒ අතරින් ලැවන්ට් සහ පූනාගල වතුයායේ නිවාස ව්‍යාපෘති ශ්‍රී ලංකා රජයේ අරමුදල් මඟින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-02-24
විසින් පිළිතුරු දෙන ලදී
ගරු කේ.වී. සමන්ත විද්‍යාරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks