පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
447/2025
ගරු රුවන් විජේවීර මහතා,— පරිසර අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) වර්ෂ 2020 සිට 2024 දක්වා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතුව පැවති ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර්වලින් එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතුව පවතින ඉඩම් ප්‍රමාණයේ වෙනස්වීම් සඳහා බලපා ඇති මූලික හේතු සාධක කවරේද;
(iii) වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මූලික කාර්යභාරය කවරේද;
(iv) එම දෙපාර්තමේන්තුව සතු ඉඩම් මහජන භාවිතයන් සඳහා යොදා ගතහැකි ප්‍රතිපාදන තිබේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-02-24
අසන ලද්දේ
ගරු රුවන් විජේවීර මහතා, පා.ම.
අමාත්‍යාංශය
පරිසර
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ශ්‍රී ලංකාවේ වන ආවරණය සංගණනය කරනු ලබන්නේ වසර 5කට වරක් වන අතර මේ දක්වා 1992, 1999, 2010, 2015 හා 2020 අවුරුදුවල වන සංගණනය සිදුකර ඇත.
ඒ නිසා 2020-2024 අතර කාලයේ සංගණනයක් සිදු වෙලා නැහැ.
2020දී මෙම දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද වන සංගණනය අනුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු මුළු ඉඩම් ප්‍රමාණය හෙක්ටෙයාර 1,704,279.92කි. එහි විස්තර පහත වගුව මඟින් දක්වා ඇත.
|
විස්තරය |
ප්‍රමාණය (හෙක්.) |
|
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු මුළු ස්වාභාවික වනාන්තර ප්‍රමාණය (ස්වාභාවික වන ආවරණය අනුව) |
1,397,211.18 |
|
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු වන ආවරණය සියයට 10ට අඩු කටුපඳුරු සහිත ඉඩම් |
238,348.17 |
|
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු මුළු වන වගා ප්‍රමාණය |
68,720.57 |
|
ඒ අනුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු මුළු වනාන්තර ප්‍රමාණය (ස්වාභාවික වන ආවරණය + වන ආවරණය සියයට 10ට අඩු කටුපඳුරු සහිත ඉඩම් + වන වගා) |
1,704,279.92 |
* ආරම්භයේ දී වසර 10කට වරක් සිදුකරන ලද මෙම සංගණනය 2010 වර්ෂයේ සිට වසර 5ක කාල ප්‍රාන්තරයක් තුළ දී සිදු කිරීමට තීරණය කර ඇත. ඒ අනුව දත්ත ඉදිරිපත් කිරීමේ දී 2020 වර්ෂයට අදාළ සංගණනයේ දත්ත පමණක් ඉදිරිපත් කළ හැකිය. 2021, 2022, 2023, හා 2024 වර්ෂවල වන සංගණනයන් සිදුකර නොමැත. ඊළඟ වන සංගණනය 2025 වර්ෂයේ දී සිදුකිරීමට නියමිතව ඇත.
(ii) ජනගහන වර්ධනය සමඟ මිනිසාගේ මූලික අවශ්‍යතා සපුරා ගැනීමට හා විශේෂ සංවර්ධන අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මෙන්ම රජයේ වෙනත් කටයුතු සඳහා ද ඉඩම් බැහැර කරන්න සිද්ධ වෙලා තිබෙනවා.
ඒ හේතුව තමයි ඒ ඉඩම් ප්‍රමාණය වෙනස් වෙන්න බලපා තිබෙන්නේ.
(iii)
(iv) ජාතික වන ක්ෂේත්‍ර ප්‍රතිපත්තියේ සහ වන සංරක්ෂක ආඥාපනත අනුව වන සම්පත් ස්ථාපනය කිරීම, ආරක්ෂා කිරීම හා ඒවායේ තිරසර කළමනාකරණය සඳහා ද මහජනතාවට වනජ ද්‍රව්‍ය තිරසරව භාවිත කිරීමට ද ප්‍රතිපාදන සලසා ඇත.
(ආ) අදාළ නොවේ
පිළිතුරු දුන් දිනය
2025-02-24
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) දම්මික පටබැඳි මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks