පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
444/2025
ගරු චානක මාදුගොඩ මහතා,— කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) පුල්මුඩේ, ලංකා ඛනිජ වැලි සමාගමට 2024.07.01 දින සිට අනියම් පදනම මත කම්කරු තනතුර සඳහා බඳවා ගන්නා ලද සේවකයන්ට මේ වනතෙක් කිසිදු වැටුපක් හෝ දීමනාවක් ගෙවා නොමැති බව දන්නේද;
(ii) ඔවුන්ට වැටුප්/දීමනා නොගෙවීමට හේතු කවරේද;
(iii) ඔවුන්ට වැටුප් ගෙවීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
(iv) ඔවුන්ගේ රැකියා සුරක්ෂිතභාවය සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-03-08
අසන ලද්දේ
ගරු චානක මාදුගොඩ මහතා, පා.ම.
අමාත්‍යාංශය
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) ඉහත සඳහන්, අනියම් පදනම මත බඳවා ගෙන ඇති සේවකයන් ආයතනයේ අනුමත තනතුරුවලින් බැහැරව හා විධිමත් ක්‍රමවේදයෙන් පරිබාහිරව බඳවා ගැනීම මත එම සේවකයන්ට වැටුප් ගෙවා නොමැත.
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, 118දෙනෙක් බඳවාගෙන තිබෙනවා, cadre එකෙන් පිට; ඒ වාගේම දේශපාලන වුවමනාවට. පසුගිය මැතිවරණ කාලයේදීත් විශාල ප්‍රමාණයක් බඳවාගෙන තිබෙනවා. ඒ විධියට බඳවාගෙන තිබෙන අය ඔක්කොම 118දෙනෙක් ඉන්නවා.
(iii) දැනටමත් ලංකා ඛනිජ වැලි සමාගම වෙත අනුමත කම්කරු තනතුරු 118ක් සඳහා බඳවා ගැනීම් සිදු කිරීමට රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අනුමැතිය ඉල්ලා ඇත. ඒ අනුව එම තනතුරු සඳහා බඳවා ගැනීමට රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලද පසු අනියම් පදනම මත බඳවාගෙන ඇති සේවකයන් සුදුසු පරිදි එම කම්කරු තනතුරුවල පිහිටුවා වැටුප් ගෙවීමට කටයුතු කරනු ලැබේ.
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, අපි දැනටමත් මේ ගැන සාකච්ඡා කර තිබෙනවා. මේ කිසිම සේවකයෙකු ඉවත් කරන්න අපේ බලාපොරොත්තුවක් නැහැ. මම ගිහිල්ලා ඒ සේවකයන් සමඟත් කථා කළා. මොකද, cadre එකෙන් පිට බඳවාගත් සේවකයන්ට අපි වැටුප් ගෙව්වොත්, අපටත් විගණන ප්‍රශ්න එනවා. එම නිසා දැනට මම රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවත් එක්ක සාකච්ඡා කළා. ඔවුන් වාචිකව අපට ඒ සඳහා එකඟතාව පළ කර තිබෙනවා. එම එකඟතාව ලිඛිතව ලැබුණාට පස්සේ මේ මාර්තු මාසයේ සිට ඒ අවශ්‍ය බඳවා ගැනීම් කරන්න පුළුවන්. මොකද, කොන්ත්‍රාත් පදනම මත තමයි අපට ඔවුන් මුලින්ම බඳවා ගන්න වෙන්නේ.
(iv) ඉහත අංක (iii) යටතේ සඳහන් කර ඇති පරිදි රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලද පසු අනියම් පදනම මත බඳවා ගෙන ඇති සේවකයන් සුදුසු පරිදි ආයතනයේ කම්කරු තනතුරුවල පිහිටුවීමට කටයුතු කරනු ලැබේ.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2025-03-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks