E   |     |  

 දිනය: 2025-07-22   පිළිතුර ලබා දී ඇත 

0443/2025: උප පොලිස් පරීක්ෂක තනතුර: බඳවා ගැනීම්

443/2025

ගරු චාමර සම්පත් දසනායක මහතා,— මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)         (i)       උප පොලිස් පරීක්ෂක තනතුරට බඳවාගැනීම සඳහා පසුගිය කාලයේදී සම්මුඛ පරීක්ෂණ පවත්වා තිබේද;

            (ii)       එසේ නම්, එම සම්මුඛ පරීක්ෂණවලින් සමත් වූ සංඛ්‍යාව කොපමණද;

(iii) උප පොලිස් පරීක්ෂක තනතුරට බඳවාගනු ලබන සංඛ්‍යාව කොපමණද;

(iv) මේ වනවිට එම තනතුර සඳහා බඳවාගැනීම නතර කර තිබේද;

(v) නොඑසේ නම්, උප පොලිස් පරීක්ෂක තනතුර සඳහා බඳවාගනු ලබන දිනය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-07-22

අසන ලද්දේ

ගරු චාමර සම්පත් දසනායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)         (i)       ඔව්.

(ii)       අයදුම්කරුවන් 2,650යි.

(iii)      100යි.

(iv)      තාවකාලිකව නතර කර ඇත.

                        සියලුම අයදුම්කරුවන් ලබා ගත් ලකුණු අවරෝහණ ක්‍රමයට එකතු කර සකස් කරන ලද ප්‍රමුඛතා ලේඛනයට අනුව වැඩිම ලකුණු ලබා ගත් අයදුම්කරුවන් සම්බන්ධයෙන් පසුබිම් පරීක්ෂණ හා වෛද්‍ය පරීක්ෂණ සිදු කර සුදුසුකම් සහිත 100දෙනා තෝරා ගෙන ඇති අතර මේ පිළිබඳව අයදුම්කරුවන් කිහිපදෙනෙකු විසින් ඉදිරිපත් කරන ලද අභියාචනා සම්බන්ධයෙන්, අනුමත බඳවා ගැනීම් පටිපාටියේ 7.2.4.5.2හි සටහන 03ට අනුව පත් කිරීමේ බලධාරියා වන පොලිස්පති විසින් කමිටුවක් පත් කිරීමට කටයුතු කර ඇත. සටහන 03 ඇමුණුම වශයෙන් සභාගත* කරමි.

(v) ඉහත දක්වන ලද කමිටුවේ නිර්දේශ ලද පසු කඩිනමින් බඳවා ගැනීමට අවශ්‍ය ඉදිරි කටයුතු කරමි.

(ආ) පැන නොනඟී.

සටහන 03 :  අයදුම්කරුවෙකු/අයදුම්කාරියකගේ අයහපත් පසුබිම් වාර්තා මත ඔහු/ඇය බඳවා ගැනීම සඳහා සුදුසු/නුසුදුසු වන්නේද යන්න තීරණය කිරීම පත්කිරීම් බලධාරියා විසින් කළ හැකිය. එසේ වුවද, අයදුම්කරුවෙකු අයදුම්කාරියක විසින් බඳවා ගැනීම ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව අභියාචන ඉදිරිපත් කරන අවස්ථාවක පත්කිරීම් බලධාරියා විසින් පත් කරන ලද කමිටුවක නිර්දේශය මත බඳවා ගැනීම, පත් කිරීම් බලධාරියාට තීරණය කළ හැකිය.

7.2.4.5.3.      අයහපත් පසුබිම් වාර්තා නොමැති අයදුම්කරුවන්/අයදුම්කාරියන් පමණක් වෛද්‍ය පරීක්ෂණය සඳහා කැඳවනු ලැබේ.

7.2.4.5.4. බඳවා ගැනීමේදී අයදුම්කරුවන්/අයදුම්කාරියන් විසින් අසත්‍ය තොරතුරු සැපයීම ඔහු/ඇය බඳවා ගැනීමට නුසුදුසුකමක් වේ. අසත්‍ය තොරතුරු සැපයූ බවට බඳවා ගැනීමෙන් පසුව හෙළි වුවහොත් ඕනෑම අවස්ථාවකදී සේවයෙන් ඉවත් කරනු ලැබේ.

 

 

 

පිළිතුරු දුන් දිනය

2025-07-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ආනන්ද විජේපාල මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks