පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
442/2025
ගරු චාමර සම්පත් දසනායක මහතා,— අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට,— (1)
(අ) (i) ශ්‍රී ලංකාවේ රජයේ පාසල්වල සේවය කරනු ලබන වැඩ බලන විදුහල්පතිවරුන් සංඛ්‍යාව කොපමණද;
(ii) එම වැඩ බලන විදුහල්පතිවරුන් සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;
(iii) වැඩ බලන විදුහල්පතිවරුන් උසස් කිරීමට පසුගිය රජය විසින් ආරම්භ කරන ලද ක්‍රියාමාර්ග වර්තමාන රජය විසින් ක්‍රියාත්මක කරන්නේද;
(iv) වැඩ බලන විදුහල්පතිවරුන්ට ස්ථීර පත්වීම් ලබා දෙන්නේද;
යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-06-20
අසන ලද්දේ
ගරු චාමර සම්පත් දසනායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 2024.04.30 දිනට වැඩබලන විදුහල්පතිවරුන් සංඛ්‍යාව 2,994කි.
මෙම සංඛ්‍යාව ගැනෙන්නේ ශ්‍රී ලංකා විදුහල්පති සේවා ව්‍යවස්ථාවට අනුව බඳවා ගැනීමට යටත් නොවූ රාජකාරි ආවරණය හා වැඩ බලන පදනමින් පත් කරන ලද ගුරු සේවයේ නිලධාරින් සම්බන්ධයෙන්.
(ii) වැඩබලන විදුහල්පතිවරුන් සඳහා අධිසේවක පදනම මත ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ III ශ්‍රේණියට පත්වීම් ලබා දීමට ගරු අමාත්‍ය මණ්ඩල අනුමැතිය විමසමින් අංක 23/2383/607/108 හා 2023.12.04 දිනැතිව අමාත්‍ය මණ්ඩල සන්දේශයක් ඉදිරිපත් කර තිබුණද, ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව නොමැත.
මේ කාරණාව සිද්ධ වෙන්නේ, අධිසේවක පදනම මත පත් කිරීමක් සිද්ධ විය යුතු නම්, යම් කිසි පරිපාලන දුර්වලතාවක් හේතුවෙන් පුද්ගලයෙකුට හිමි විය යුතු තනතුරක් අහිමිවීම වැළැක්වීම සඳහා සිදු විය යුතුයි. මෙම රාජකාරි ආවරණ විදුහල්පති විෂයෙහි එවැනි අගතියක් සිදු වී නොමැති බැවින් අදාළ පත් කිරීම සඳහා එකඟතාව ලබා දිය නොහැකි බව දැනුම් දී තිබෙනවා.
(iii) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 55(3) ව්‍යවස්ථාව මඟින් රජයේ නිලධරයන් පත්කිරීම, උසස් කිරීම හා ස්ථාන මාරු කිරීම සහ ඒ හා සම්බන්ධ ආනුෂංගික කරුණු පිළිබඳව විධිවිධාන සැලසීමේ බලය රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත පවරා ඇත. ඒ අනුව වැඩබලන විදුහල්පතිවරුන් අධිසේවක පදනම මත විදුහල්පති සේවයට පත් කිරීම සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය විමසන ලද අතර, අධිසේවක පත්වීම් ලබාදීමට එම කොමිෂන් සභාව එකඟ වී නොමැත. නව බඳවා ගැනීමක් මඟින් විදුහල්පති සේවයේ පුරප්පාඩු සම්පූර්ණ කරන ලෙස දන්වා ඇත.
(iv) රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ එකඟතාව ලැබී නොමැති බැවින් අධිසේවක පත්වීම් ලබා දීමේ හැකියාවක් නොමැත.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-06-20
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) මධුර සෙනෙවිරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks