01

E   |     |  

 දිනය: 2025-03-03   පිළිතුර ලබා දී ඇත 

0434/2025: 2020 සිට 2024 දක්වා නිකුත් කරන ලද මැණික් පතල් බලපත්‍ර: බදුල්ල දිස්ත්‍රික්කය

434/2025

ගරු දිනිඳු සමන් මහතා,— කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      වර්ෂ 2020 සිට 2024 දක්වා නිකුත් කරන ලද මුළු මැණික් පතල් බලපත්‍ර සංඛ්‍යාව එක් එක් වර්ෂය අනුව කොපමණද;

             (ii)      එම කාලය තුළදී බලපත්‍ර නිකුත් කරන ලද බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටි මැණික් පතල් සංඛ්‍යාව එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) එම මැණික් පතල් අතරින් වැඩ අවසන් කිරීමෙන් පසු නිසි ප්‍රමිතියට අනුව වසා දමා ඇති මැණික් පතල් සංඛ්‍යාව කොපමණද;

(iv) එම මැණික් පතල් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-03-03

අසන ලද්දේ

ගරු දිනිඳු සමන් හෙන්නායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      වර්ෂ 2020 සිට 2024 දක්වා ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය මඟින් නිකුත් කළ මැණික් පතල් බලපත්‍ර සංඛ්‍යාව පහත පරිදි ඉදිරිපත් කරමි.

වර්ෂය

බලපත්‍ර සංඛ්‍යාව

2020

4,665

2021

4,434

2022

5,322

2023

8,286

2024

7,897

 

 

(ii)

 

 

වර්ෂය

 

ප්‍රා.ලේ කොට්ඨාසය

2020

2021

2022

2023

2024

එකතුව

01

බදුල්ල

 

4

8

5

7

24

02

ලුණුගල

 

53

107

134

120

414

03

බණ්ඩාරවෙල

 

5

4

12

12

33

04

ඇල්ල

 

1

2

8

4

15

05

හල්දුල්මුල්ල

 

37

89

85

75

286

06

රිදීමාලියද්ද

 

16

42

26

30

114

07

හාලිඇල

 

1

4

4

8

17

08

සොරණතොට

 

4

2

3

4

13

09

හපුතලේ

 

8

9

21

22

60

10

මහියංගනය

 

1

4

5

2

12

11

මීගහකිවුල

 

11

17

25

24

77

12

පස්සර

 

38

65

106

111

320

13

ඌව පරණගම

 

-

-

1

2

3

14

වැලිමඩ

 

1

10

11

12

34

15

කන්දෙකැටිය

 

1

2

4

1

8

 

එකතුව

120

181

365

450

434

 

 

 

 

 

 

 

 

 

 

 

· 2020 වසරේ පැරණි පරිගණක ජාල පද්ධතිය පැවති බැවින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට වෙන වෙනම බලපත්‍ර නිකුත් කළ සංඛ්‍යාව ගැනීමට නොහැක.

ගරු කථානායකතුමනි, 2021 වනකොට මේ ප්‍රදේශයේ පතල් 181කුත්, 2024 අවසානය වනකොට පතල් 434කුත් පවතිනවා. ලුණුගල, හල්දුම්මුල්ල සහ පස්සර කියන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල තමයි මේ පතල් කැණීම් වැඩිම ප්‍රමාණයක් සිද්ධ වෙන්නේ.

(iii) මැණික් පතල් 41කි.

(iv) 2020-2021 බදුල්ල දිස්ත්‍රික්කයේ මැණික් පතල් අතරින් වැඩ අවසන් කිරීමෙන් පසු නිසි ප්‍රමිතිය අනුව වසා දමා ඇති මැණික් පතල් පිළිබඳ විස්තර:

අනු අංකය

බලපත්‍රධාරියාගේ විස්තර

ලිපිගොනු අංකය

01

එස්.එච්. බුලේගොඩ

MOP 6532

02

කේ.ජී. පොඩි අප්පුහාමි

MOG 4059

03

එච්.ඒ. ධනපාල

MOG 4135

04

කේ.එච්. අබේරත්න

MOP 6293

05

ඩී.එම්.සී.ටී. කුමාර

MOG 3984

06

ඩී.එම්. ජයතිලක

MOG 4215

07

එස්.ඒ. ගුණසේන

MOP 6485

08

ජේ.පී. ශාන්ත කුමාර

MOG 4230

 

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2025-03-03

විසින් පිළිතුරු දෙන ලදී

ගරු චතුරංග අබේසිංහ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks