පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
433/2025
ගරු දිනිඳු සමන් මහතා,— රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) බදුල්ල, මීගහකිවුල නව නගරය ඉදිකිරීමට සමගාමීව මීගහකිවුල බස් නැවතුම්පළ ඉදිකිරීම සඳහා වැය කරන ලද මුදල කොපමණද;
(ii) මේ දක්වා එම බස් නැවතුම්පළ භාවිතයට ගෙන නොමැති බව දන්නේද;
(iii) එසේ නම්, ඊට හේතු කවරේද;
(iv) ඉහත බස් නැවතුම්පළ ජනතාවගේ භාවිතය සඳහා ලබාදීමට ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
(v) එම බස් නැවතුම්පළ සඳහා ප්‍රවේශ මාර්ගය ඉදිකිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) ඉහත බස් නැවතුම්පළ ප්‍රයෝජනවත් නොවන ඉදිකිරීමක් බව පිළිගන්නේද;
(ii) එසේ නම්, ඊට වගකිවයුතු පුද්ගලයන්ට එරෙහිව ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
(iii) ඉදිරියේදී මෙවැනි තත්ත්වයක් ඇති නොවීම පිණිස පළාත් පාලන ආයතනවලට කරනු ලබන මගපෙන්වීම් කවරේද;
යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-02-22
අසන ලද්දේ
ගරු දිනිඳු සමන් හෙන්නායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) රුපියල් 17,870,884.60යි.
(ii) ඔව්.
(iii) බස් නැවතුම් පොළ සඳහා එක් ප්‍රවේශ මාර්ගයක් පවතින අතර, බස් රථ පැමිණීම හා පිටවීම සඳහා එම ප්‍රවේශ මාර්ගය ප්‍රමාණවත් නොවන බැවින් බස් නැවතුම්පොළ භාවිතයට ගැනීම සඳහා තවත් ප්‍රවේශ මාර්ගයක් ලබාගත යුතුව ඇත. එම අමතර ප්‍රවේශ මාර්ගය ලබා ගැනීමේ ගැටලු හේතුවෙන් බස් නැවතුම්පොළ මේ දක්වා භාවිතයට ගැනීමට නොහැකි වී ඇත.
(iv) මීගහකිවුල රෝහල සිට බස් නැවතුම්පොළ දක්වා නව ප්‍රවේශ මාර්ගයක් ලබා ගැනීම පිණිස ඉඩම් අත්පත් කර ගැනීමේ කටයුතු සිදු කිරීමට 2025.01.30 දින අදාළ පාර්ශ්ව සමඟ පැවැති සාකච්ඡාවකදී තීරණය කර ඇත. එතෙක් මෙම බස් නැවතුම්පොළට ප්‍රවේශ වීමට යොදා ගත හැකි විකල්ප ක්‍රමවේද සම්බන්ධව අවධානය යොමු කිරීමට තීරණය කර ඇත.
(v) ප්‍රවේශ මාර්ගය ඉදි කිරීමට අවශ්‍ය ඉඩම් අත්පත් කර ගැනීම සදහා කටයුතු කරමින් පවතී.
(ආ) (i) නැත. අමතර ප්‍රවේශ මාර්ගය ලබා ගැනීමෙන් පසු මෙම බස් නැවතුම්පොළ ඵලදායී ලෙස ප්‍රයෝජනයට ගත හැකි වේ.
(ii) අදාළ නොවේ.
(iii) සෑම සංවර්ධන ව්‍යාපාරයක්ම ආරම්භ කිරීමට ප්‍රථම ඊට ආළ ශක්‍යතා අධ්‍යයනයක් සිදු කර ඒ ප්‍රතිඵල අනුව නිවැරදි සැලැස්මක් සහිතව කටයුතු කළ යුතු බවට පළාත් පාලන ආයතන වෙත උපදෙස් ලබා දීමට කටයුතු කර ඇත.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-02-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (මහාචාර්ය) ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks