පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
432/2025
ගරු අජිත් ගිහාන් මහතා, — පරිසර අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) නීත්‍යානුකූල බලපත්‍ර මත සිදු කරනු ලබන වැලි, බොරලු, පස් සහ වැව් කැනීම් ප්‍රමිතියෙන් තොරව සිදු කිරීම හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ විශාල පරිසර විනාශයක් සිදු වන බව දන්නේද;
(ii) එම කැනීම් නියාමනය කිරීම සඳහා ක්‍රමවේදයක් සකස් කරන්නේද;
(iii) වැලි, බොරලු, පස් සහ වැව් කැනීම සඳහා සහ ඒවාට ප්‍රවාහන බලපත්‍ර ලබා දීම සම්බන්ධයෙන් නව ක්‍රමවේදයක් හඳුන්වාදී තිබේද;
(iv) එසේ නම්, එම ක්‍රමවේදය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) වයඹ පළාතේ විශාල පරිසර විනාශයක් සිදු කරමින් පවතින තත්ත්වයක් තුළ වයඹ පළාත් පරිසර අධිකාරියේ මැදිහත්වීම කවරේද;
(ii) එම අධිකාරියේ වගකීම කවරේද;
(iii) වයඹ පළාත් පරිසර අධිකාරිය තවදුරටත් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවයක් තිබේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-02-28
අසන ලද්දේ
ගරු අජිත් ගිහාන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
පරිසර
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
වයඹ පළාත් පරිසර අධිකාරිය විසින් වැලි, බොරලු කැණීම් කටයුතුවලදී නිකුත් කරනු ලබන්නේ පාරිසරික නිර්දේශයක් පමණි. වැව් කැණීමේදී වයඹ පළාත් අධිකාරියේ නිර්දේශයක් ලබා නොගන්නා අතර, ගොවිජන සංවර්ධන දේපාර්තමේන්තුවේ අවසරය මත මෙම කටයුතු සිදු කරනු ලබයි.
එහිදී අදාළ කැණීම් ව්‍යාපෘති නිර්දේශ කිරීමේදී පවත්නා පාරිසරික තත්ත්වයන් බලා කොන්දේසි සහිත නිර්දේශයක් නිකුත් කරනු ලබයි. මෙහිදී භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මඟින් අනුමත පුනරුත්ථාපන සැලැස්මකට අනුව ව්‍යාපෘති භූමිය පුනරුත්ථාපනය කළ යුතු බවට කොන්දේසි පනවයි. එමෙන්ම පුනරුත්ථාපන කටයුතු සඳහා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ මුදල් තැන්පතුවක් තබා ගන්නා අතර, ඒ අනුව පුනරුත්ථාපන කටයුතු සිදු කළ යුතුය. එවැනි කැණීම් ස්ථාන සමහරක් නිසි පරිදි පුනරුථාපනය නොකිරීම හේතුවෙන් ගැටලුකාරී තත්ත්වයක් උද්ගතව ඇත.
(ii) තිබේ.
• කැණීම් කටයුතු නියාමනය සම්බන්ධයෙන් 1992 අංක 33 දරන පතල් හා ඛනිජ ද්‍රව්‍ය පනතට අනුව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය බලධාරි ආයතනය වේ.
• අමප 21/1766/301/022 දරන 2021.10.05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය මඟින් ලද අනුමැතිය පරිදි අංක 2196/28 දරන 2020.10.06 දිනැති අති විශේෂ ගැසට් නිවේදනය අනුව සකස් කරන ලද “කාර්ය සංග්‍රහයක්” යටතේ කැණීම් නියාමනය සඳහා නිසි ක්‍රමවේදයක් සකස් කර ඇත.
(iii) ඛනිජ කැණීම් හා ප්‍රවාහනය සම්බන්ධව බලපත්‍ර නිකුත් කරන්නේ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මඟින් වන අතර, වඩා ඵලදායී හා නියාමන යන්ත්‍රණය වඩාත් සක්‍රීය මට්ටමකින් පවත්වාගෙන යාම පිණිස කෙටිකාලීන, මධ්‍යකාලීන හා දිගු කාලීන පියවර ගැනීමට අපේක්ෂිතය.
(iv) බලපත්‍ර නිකුත් කිරීම ප්‍රමුඛ ඒ හා බද්ධ වූ ඛනිජ ප්‍රවාහනය ගබඩාකරණය, ආදී වූ කාර්යයන් විනිවිදභාවයක් තුළ කාර්යක්ෂමව හා ඵලදායීව සවිගැන්වීම හා ප්‍රතිව්‍යුහගත කිරීමේ අරමුණින් පවතින ආයතනික නියාමන ක්‍රමවේදය සවිබලගැන්වීම සඳහා මේ වන විට විද්වත් කමිටුවක් ස්ථාපනය කර ඇත. එම කමිටුවේ නිර්දේශයන් මත පදනම්ව නියාමනය හා අධීක්ෂණ ක්‍රමවේදය සංශෝධනයක් තුළ කටයුතු කිරීම මඟින් මෙම ගැටලුවට තිරසර විසඳුමක් ලබා ගැනීමට ඉඩ ප්‍රස්ථාව සැලසෙනු ඇත.
(ආ) (i) වයඹ පළාත් පරිසර අධිකාරිය විසින් වැලි, බොරලු කැණීම් කටයුතුවලදී පාරිසරික නිර්දේශයක් ලබා දීම මඟින් ඒ සම්බන්ධයෙන් මැදිහත් වේ. එහිදී අදාළ කැණීම් ව්‍යාපෘති නිර්දේශ කිරීමේදී පවත්නා පාරිසරික තත්ත්වයන් සලකා බලා කොන්දේසි සහිත නිර්දේශයක් නිකුත් කරනු ලබයි. මෙහිදී කැණීම් ව්‍යාපෘති සඳහා විශේෂයෙන්ම භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මඟින් අනුමත පුනරුත්ථාපන සැලැස්මකට අනුව ව්‍යාපෘති භූමිය පුනරුත්ථාපනය කළ යුතු බවට කොන්දේසි පනවයි.
(ii) වයඹ පළාත් පරිසර අධිකාරියේ වගකීම ලෙස වයඹ පළාත තුළ පරිසරය ආරක්ෂා කිරීම, කළමනාකරණය කිරීම, අභිවර්ධනය කිරීම, පරිසර තත්ත්වය විධිමත් කිරීම පවත්වාගෙන යාම සහ එය පාලනය කිරීම.
(iii) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දහතුන්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ III වන ලැයිස්තුව ලෙස සමගාමී ලැයිස්තුව ප්‍රකාශයට පත් කර ඇති අතර, එහි අංක 33 යටතේ පරිසරය ආරක්ෂා කිරීමේ වගකීම මධ්‍යම රජයට මෙන්ම පළාත් සභාව වෙත ද පැවරී ඇත. ඒ අනුව සමගාමී ලැයිස්තුවේ සඳහන් ඕනෑම විෂයයක් සම්බන්ධව එකී ව්‍යවස්ථාවේ විධිවිධානයන්ට අනුව ක්‍රියා කිරීමේ බලය මධ්‍යම රජයට මෙන්ම පළාත් සභාවට ද පැවරී ඇත. එසේ වුවත්, මේ සම්බන්ධව පුළුල්ව සාකච්ඡා කළ යුතුය.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-05-09
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks