පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
430/2025
ගරු ඉම්රාන් මහරූෆ් මහතා,— තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) උතුර සහ නැගෙනහිර පළාත්වල ඇති ජාතික මට්ටමේ ක්‍රීඩාංගන සංඛ්‍යාව කොපමණද;
(ii) එම එක් එක් ක්‍රීඩාංගනය පිහිටුවා ඇති ස්ථානය වෙන් වෙන් වශයෙන් කවරේද;
(iii) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඇති මැකේසර් ක්‍රීඩාංගනය (Mc Heyzer Stadium) ජාතික මට්ටමේ ක්‍රීඩාංගනයක් බවට පත් කිරීම සඳහා කටයුතු කරනු ලැබූ අතර ඊට අදාළ කැණීම් සිදු කිරීමේදී මිනිස් අස්ථි කොටස් හමු වීම හේතුවෙන් එම කැණීම් අත්හිටවූ බව දන්නේද?
(iv) අත්හිටුවා තිබූ එම කැණීම් නැවත ආරම්භ කිරීම සඳහා පියවර ගෙන තිබේද;
(v) මැකේසර් ක්‍රීඩාංගනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයක් බවට පත්කිරීම සඳහා පියවර ගන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-04-22
අසන ලද්දේ
ගරු ඉම්රාන් මහරූෆ් මහතා, පා.ම.
අමාත්‍යාංශය
තරුණ කටයුතු සහ ක්‍රීඩා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) උතුර සහ නැඟෙනහිර පළාත්වල ඇති ජාතික මට්ටමේ ක්‍රීඩාංගණ සංඛ්‍යාව 07කි.
(ii)
|
අනු අංකය |
ක්‍රීඩාංගණයේ නම |
පිහිටා ඇති ග්‍රාම නිලධාරි කොට්ඨාසය |
|
01 |
ඇල්ෆ්‍රඩ් දොරෙයප්පා ක්‍රීඩාංගණය - යාපනය |
දොරෙයප්පා |
|
02 |
කිලිනොච්චි පළාත් ක්‍රීඩාංගණය |
කිලිනොච්චි නගරය |
|
03 |
වවුනියාව දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණය |
ඕමන්තෙයි |
|
04 |
අම්පාර දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණය |
ඉන්ද්‍රසාරපුර |
|
05 |
මඩකලපුව දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණය |
මත්මුරේ |
|
06 |
ත්‍රිකුණාමලය මැකේෂියර් පළාත් ක්‍රීඩා සංකීර්ණය |
Moor Street, 244/1 |
|
07 |
මන්නාරම දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණය |
නිලවේලිකුලම් |
(iii) ඔව්.
(iv) ඉදිකිරීම් කටයුතු සිදු කරගෙන යෑමේදී මිනිස් අස්ථි කොටස් හමුවීම නිසා උසාවි නියෝග මත ඉදිකිරීම් නතර කළ අතර, 2017.03.07 දින ඉදිරි කටයුතු කරගෙන යෑමට අවසර ලබා දී ඇත. ත්‍රිකුණාමලය නගර සභාව විසින් දැනුම් දී ඇති පරිදි 2024.09.12 දින ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට කටයුතු කර ඇත.
(v) ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ලෙස ඉදිකිරීමට මෙතෙක් තීරණය කර නැත.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2025-05-09
විසින් පිළිතුරු දෙන ලදී
ගරු සුනිල් කුමාර ගමගේ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks