01

E   |     |  

 දිනය: 2025-02-20   පිළිතුර ලබා දී ඇත 

0422/2025: Number of Hospitals in Kaluthara District

422/2025

ගරු චන්දිම හෙට්ටිආරච්චි මහතා,— සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

 (අ)        (i)      කළුතර දිස්ත්‍රික්කයේ ඇති පළාත් සභාව සතු රෝහල් සංඛ්‍යාව කොපමණද;

             (ii)      එම දිස්ත්‍රික්කයේ, රෝහල් නොවන වෙනත් සෞඛ්‍ය සේවා සපයන මධ්‍යස්ථාන/ආයතන පළාත් සභාව සතුව තිබේද;

(iii) එසේ නම්, එම මධ්‍යස්ථාන/ආයතන කවරේද;

(iv) කළුතර දිස්ත්‍රික්කයේ ඇති රේඛීය අමාත්‍යාංශය සතු රෝහල් සංඛ්‍යාව කොපමණද;

(v) එම දිස්ත්‍රික්කයේ, රෝහල් නොවන වෙනත් සෞඛ්‍ය සේවා සපයන මධ්‍යස්ථාන/ආයතන රේඛීය අමාත්‍යාංශය සතුව තිබේද;

(vi) එසේ නම්, එම මධ්‍යස්ථාන/ආයතන කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) ඉහත (අ)(ii) හා (v)හි සඳහන් මධ්‍යස්ථාන/ආයතන තුළ බෝ නොවන රෝග සඳහා ප්‍රතිකාර ඒකක පිහිටුවා තිබේද;

(ii) එසේ නම්,  එම සංඛ්‍යාව කොපමණද;

(iii) ඒවා පිහිටුවා ඇති ස්ථාන කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-02-20

අසන ලද්දේ

ගරු චන්දිම හෙට්ටිආරච්චි මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks