පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
393/2025
ගරු චාමර සම්පත් දසනායක මහතා,— අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට,—
(අ) (i) ජනාධිපති අරමුදල කාර්යාලය “ලේක් හවුස්” ගොඩනැගිල්ලේ 3 වන මහලේ පිහිටුවා ඇති බව දන්නේද;
(ii) මේ වනවිට එම කාර්යාලය ඉහත ගොඩනැගිල්ලෙන් ඉවත් කර වෙනත් ගොඩනැගිල්ලක ස්ථාන ගත කර තිබේද;
(iii) එසේ නම්, එම කාර්යාලය ස්ථාපිත කර ඇත්තේ රජයේ ගොඩනැගිල්ලකද; නොඑසේ නම්, පෞද්ගලික ගොඩනැගිල්ලකද;
(iv) එම කාර්යාලය මුලින් තිබූ ස්ථානයේ පවත්වාගෙන යාම සඳහා දරන ලද මාසික වියදම කොපමණද;
(v) එම කාර්යාලය වර්තමානයේ පවත්වාගෙන යනු ලබන ස්ථානයේ පවත්වාගෙන යාම සඳහා කුලිය සහ අනෙකුත් පහසුකම් වශයෙන් දරන මාසික වියදම කොපමණද;
යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-03-20
අසන ලද්දේ
ගරු චාමර සම්පත් දසනායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
අග්‍රාමාත්‍ය කාර්යාලය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 2024.12.31 දින දක්වා ලේක් හවුස් ගොඩනැගිල්ලේ පිහිටුවා තිබුණි.
(ii) ඔව්.
(iii) පෞද්ගලික ගොඩනැගිල්ලක් වන ස්ටෑන්ඩර්ඩ් චාර්ටර්ඩ් බැංකු ගොඩනැගිල්ලේ ස්ථානගත කර තිබේ.
(iv) ජනාධිපති අරමුදල ලේක්හවුස් ගොඩනැගිල්ලේ පවත්වා ගෙන යෑම සඳහා දරන ලද මාසික වියදම
|
විස්තරය |
වියදම රුපියල් (2024 දෙසැම්බර්) |
|
මාසික කුලී මුදල (බදු සහිත) |
1,330,450.00 |
|
මාසික විදුලි බිල්පත (සාමාන්‍ය) |
167,042.19 |
|
මාසික ජල බිල්පත (සාමාන්‍ය) |
9,735.00 |
|
මුළු වියදම |
1,507,227.19 |
(v) ජනාධිපති අරමුදල නව ස්ථානයේ පවත්වා ගෙන යෑම වෙනුවෙන් කිසිදු අමතර වියදමක් නොදරයි. ජනාධිපති කාර්යාලය විසින් 2006 වර්ෂයේ සිට කුලියට ගෙන තිබූ පෞද්ගලික ගොඩනැගිල්ලක ප්‍රයෝජනයට නොගත් පහළ මාලයේ ජනාධිපති අරමුදල ස්ථාපනය කර ඇත.
(ආ) අදාළ නැත.
පිළිතුරු දුන් දිනය
2025-03-20
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ආචාර්ය හරිනි අමරසූරිය, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks