04

E   |     |  

 දිනය: 2025-02-20   පිළිතුර ලබා දී ඇත 

0379/2025: Number of Prisons in Sri Lanka

379/2025

ගරු රෝහිත අබේගුණවර්ධන මහතා,— අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      ශ්‍රී ලංකාවේ බන්ධනාගාරවල සේවය කරනු ලබන නිලධාරින් සංඛ්‍යාව එක් එක් බන්ධනාගාරය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

             (ii)      එම බන්ධනාගාරවල යටිතල පහසුකම්වල මේ වනවිට පවතින අඩුපාඩු කවරේද;

(iii) බන්ධනාගාරවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා ගෙන ඇති පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) බන්ධනාගාරගත කරනු ලබන පුද්ගලයන් සඳහා පිහිටුවා ඇති පුනරුත්ථාපන මධ්‍යස්ථාන සංඛ්‍යාව කොපමණද;

 

(ii) එම පුනරුත්ථාපන මධ්‍යස්ථානවල මේ වනවිට පුනරුත්ථාපනය කරනු ලබන පුද්ගලයන් සංඛ්‍යාව එක් එක් මධ්‍යස්ථානය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) ඔවුන් පුනරුත්ථාපනය කිරීමේදී අනුගමනය කරනු ලබන ක්‍රමවේදය කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-02-20

අසන ලද්දේ

ගරු රෝහිත අබේගුණවර්ධන මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks