පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
363/2024
ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා,— සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) මඩකලපුව දිස්ත්‍රික්කයේ, මන්මුනෛ දකුණ, එරුවිල්පත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, මාන්කාඩු ප්‍රදේශයේ තැපැල් කාර්යාලයක් නොමැති බැවින් ප්‍රදේශයේ ජනතාව කිලෝමීටරයක් පමණ ඈතින් පිහිටි සෙට්ටිපාලයම් තැපැල් කාර්යාලයට යන බව දන්නේද;
(ii) එසේ නම්, මාන්කාඩු ප්‍රදේශයේ තැපැල් කාර්යාලයක් පිහිටුවීම සඳහා ගනු ලබන පියවර කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) පෞද්ගලික ගොඩනැගිල්ලක පිහිටුවා ඇති කලුවාන්ජිකුඩි තැපැල් කාර්යාලයේ ප්‍රමාණවත් පහසුකම් නොමැති බව දන්නේද;
(ii) තැපැල් දෙපාර්තමේන්තුවට අයත් ගොඩනැගිල්ල මේ වනවිට භාවිතයට ගත නොහැකි තත්ත්වයක පවතින බවත් දන්නේද;
(iii) එසේ නම්, ඉහත ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කර තැපැල් දෙපාර්තමේන්තුවට භාරදීමට කටයුතු කරන්නේද;
යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) (i) පෝරතීවුපත්තු, වෙල්ලාවෙලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, පාලෛයඩිවට්ටෙයි ගම්මානයේ තැපැල් කාර්‌යාලය පිහිටුවා ඇති ඉඩමෙන් කොටසක් හමුදා පාලනය යටතේ තවදුරටත් පවතින බව දන්නේද;
(ii) එසේ නම්, ඉහත ඉඩම හමුදා පාලනයෙන් නිදහස් කර ගැනීමට කටයුතු කරන්නේද;
යන්න තවදුරටත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-05-19
අසන ලද්දේ
ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) මාන්කාඩු ප්‍රදේශයේ කිලෝමීටරයක දුරින් තැපැල් කාර්යාල දෙකක් ක්‍රියාත්මක වන බැවින් එම ප්‍රදේශයට තැපැල් කාර්යාලයක් පිහිටුවීමට පියවර ගෙන නැත.
(ආ) (i) ඔව්.
(ii) ඔව්.
(iii) පවතින ගොඩනැඟිල්ල ඉතා අබලන් ගොඩනැඟිල්ලක් වන අතර, එය අලුත්වැඩියා කළ නොහැකිය. එබැවින් තැපැල් කාර්යාලය සඳහා රුපියල් මිලියන 29.5ක ඇස්තමේන්තුගත වටිනාකමකින් යුතුව අලුතින් ගොඩනැඟිල්ලක් ඉදිකිරීමට 2025 සැප්තැම්බර් මස 18වන දින මුල්ගල තබා ඇත.
(ඇ) (i) තවදුරටත් ශ්‍රී ලංකා හමුදාව භාරයේ නොමැත. එම ඉඩම් කොටස 2026 වර්ෂයේදී හමුදාව විසින් නැවත භාර දීමට කටයුතු කර ඇත.
(ii) අදාළ නොවේ.
(ඈ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-05-19
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (ආචාර්ය) කෞෂල්‍යා ආරියරත්න මෙනවිය, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks