පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
347/2024
ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා,— ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මඩකලපුව දිස්ත්‍රික්කයේ, එරාවූර්පත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වන්දාරුමූලෙයි දුම්රිය ස්ථානය පිහිටා ඇති බවත්;
(ii) සාමාන්‍ය දුම්රිය පමණක් එම දුම්රිය ස්ථානයේ නවත්වන අතර සීඝ්‍රගාමී දුම්රිය නොනවත්වන බවත්;
(iii) ඉහත දුම්රිය ස්ථානයේ සීඝ්‍රගාමී දුම්රිය නැවැත්වීමට කටයුතු කරන්නේ නම්, නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන්ට මෙන්ම වන්දාරුමූලෙයි, පලාච්චෝලෙයි, කොම්මාන්තුරෙයි, ඔරුමුළච්චෝලෙයි, කළුවන්කේනි, මාවඩිවෙම්බු, සිත්තාණ්ඩි සහ චෙංගලඩි යන ගම්මානවල පදිංචි ජනතාවටද ප්‍රතිලාභ ලැබෙන බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) එසේ නම්, එම දුම්රිය ස්ථානයේ සීඝ්‍රගාමී දුම්රිය නැවැත්වීමට කටයුතු කරන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-11-26
අසන ලද්දේ
ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks