E   |     |  

 දිනය: 2025-11-26   පිළිතුර ලබා දී ඇත 

0347/2025: Express transport service to Eravurpattu Railwaystation

347/2024

ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා,— ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       මඩකලපුව දිස්ත්‍රික්කයේ, එරාවූර්පත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වන්දාරුමූලෙයි දුම්රිය ස්ථානය පිහිටා ඇති බවත්;

             (ii)       සාමාන්‍ය දුම්රිය පමණක් එම දුම්රිය ස්ථානයේ නවත්වන අතර සීඝ්‍රගාමී දුම්රිය  නොනවත්වන  බවත්;

(iii) ඉහත දුම්රිය ස්ථානයේ සීඝ්‍රගාමී දුම්රිය නැවැත්වීමට කටයුතු කරන්නේ නම්, නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන්ට මෙන්ම වන්දාරුමූලෙයි, පලාච්චෝලෙයි, කොම්මාන්තුරෙයි, ඔරුමුළච්චෝලෙයි, කළුවන්කේනි, මාවඩිවෙම්බු, සිත්තාණ්ඩි සහ චෙංගලඩි යන ගම්මානවල පදිංචි ජනතාවටද ප්‍රතිලාභ ලැබෙන බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) එසේ නම්, එම දුම්රිය ස්ථානයේ සීඝ්‍රගාමී දුම්රිය නැවැත්වීමට කටයුතු කරන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-11-26

අසන ලද්දේ

ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)       වන්දාරුමූලෙයිහි පිහිටා ඇත්තේ දුම්රිය ස්ථානයක් නොව දුම්රිය නැවතුම්පළකි.

                         ඒ අනුව දුම්රියෙන් පැමිණෙන මගීන්ට එහිදී බැසීමට හැකියාව ඇති අතර, දුම්රියට පිවිසෙන්නේ නම් ආසන්න දුම්රිය ස්ථානයෙන් ප්‍රවේශ පත්‍ර මිලදී ගත යුතුය.

               (ii)       මෙම දුම්රිය නැවතුම්පළෙහි සාමාන්‍ය දුම්රියන් හා කොළඹ කොටුව-මඩකලපුව ශීඝ්‍රගාමී දුම්රියන් නවත්වනු ලැබේ.

                         එහි නොනවත්වා ධාවනය කරනු ලබන්නේ නගරාන්තර දුම්රිය හා රාත්‍රී තැපැල් දුම්රිය පමණි.

   (iii) මේ වනවිට මෙම දුම්රිය ස්ථානයේ කොළඹ කොටුව- මඩකලපුව ශීඝ්‍රගාමී දුම්රිය නවත්වන අතර 2025.11.01 දින සිට මඩකලපුව-කොළඹ කොටුව ශීඝ්‍රගාමී දුම්රිය නවත්වනු ලැබේ.

(ආ) මගී ජනතාවගේ අවශ්‍යතාවන් පිළිබඳව සලකා බලා, රාත්‍රී තැපැල් දුම්රිය හා නගරාන්තර දුම්රිය හැර සෙසු දුම්රියන් එම ප්‍රදේශයේ නැවැත්වීමට කටයුතු කර ඇත.

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2025-11-25

විසින් පිළිතුරු දෙන ලදී

ගරු බිමල් රත්නායක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks