E   |     |  

 පිළිතුර ලබා දී ඇත 

0342/ 2025 - ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 342/2024

      ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා,— මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)       සමන්තුරේ, කල්මුණේ, පොතුවිල්, එරාවුර් සහ මරුදමුනේ  යන ප්‍රදේශවල Privelth Global (Pvt.) Ltd. නමින් මූල්‍ය ආයතනයක් 2014.02.05 වනවිට පවත්වාගෙන ගිය බවත්;

      (ii) එම මූල්‍ය ආයතනයේ අධ්‍යක්ෂකවරුන් ලෙස කටයුතු කරන ලද අහමඩ් ෂෙරීම් මුහම්මුදු ෂිහාබ් (ෂිහාබ් ෂෙරීම්) සහ ෆාතිමා ‍ෆර්සානා මාකාර් යන අය විසින් පුද්ගලයන් 1400 දෙනෙකුගෙන් රුපියල් කෝටි 170කට අධික මුදලක් වංචා කර ඇති බවත්;

      (iii) පසුගිය දෙසැම්බර් මස 26 වන දින ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට හරවා එවා ඇති මෙම පුද්ගලයන් මේ වනවිට අතුරුදහන්ව සිටින බවත්;

      එතුමා දන්නෙහිද?

      (ආ) (i) ඉහත අ(ii)හි සඳහන් අය සම්බන්ධයෙන් ගනු ලබන පියවර කවරේද;

      (ii) ඔවුන් වංචා කර ඇති මුදල් නැවත අයිතිකරුවන්ට ලබා දීමට පියවර ගන්නේද;

      (iii) ඒ සඳහා අනුගමනය කරනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

      (iv) මෙවැනි මූල්‍ය ආයතන සම්බන්ධයෙන් විධිමත් අධීක්ෂණයක් සිදුකර විශ්වසනීයත්වය තහවුරු කිරීම සඳහා පියවර ගන්නේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2025-10-10

අසන ලද්දේ

ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks