01

E   |     |  

 දිනය: 2025-09-24   පිළිතුර ලබා දී ඇත 

0341/2025: මඩකලපුව දිස්ත්‍රික්කයේ කුඩා වැව්: ප්‍රතිසංස්කරණය සහ නඩත්තුව

341/2024

ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග  අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ කුඩා වැව් 478ක් පමණ තිබෙන බවත්;

              (ii)       එම වැව් අතරින්, වැව් 200කට වඩා අඩු සංඛ්‍යාවක් පමණක් නඩත්තු කරන  අතර ඉතිරි වැව් නිසි පරිදි නඩත්තු නොකරන බවත්;

(iii) එම වැව් ප්‍රතිසංස්කරණය කර නඩත්තු කරන්නේ නම්, ප්‍ර‍දේශයේ ගොවීන් සවිබල ගැන්විය හැකි බවත්;

එතුමා පිළිගන්නෙහිද?

(ආ) එසේ නම්, ඉහත සඳහන් නඩත්තු නොකරන වැව්, නිසි පරිදි නඩත්තු කිරීම සඳහා පියවර ගන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-09-24

අසන ලද්දේ

ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, එම ප්‍රශ්නයෙහි සඳහන් ආකාරයට, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ වැව් කිසිවක් නොමැති බව කාරුණිකව දන්වා සිටිනවා.

 

පිළිතුරු දුන් දිනය

2025-09-24

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) සුසිල් රණසිංහ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks