පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
340/2024
ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා,— රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මඩකලපුව දිස්ත්‍රික්කයේ, පෝරතිව්පත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පෙරිය පෝරතිව් සහ පලුකාමම් යන ප්‍රදේශ සම්බන්ධ කරමින් ඉදිකර ඇති පාලම ප්‍රතිසංස්කරණය කළ යුතු බවත්;
(ii) එම පාලමෙන් ප්‍රවාහන පහසුකම් සලසා ගැනීම ජනතාවට දැඩි දුෂ්කර කාර්යයක් බවත්;
එතුමා පිළිගන්නෙහිද?
(ආ) එසේ නම්, ඉහත පාලම ප්‍රතිසංස්කරණය කිරීමට පියවර ගන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-09-11
අසන ලද්දේ
ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා, පා.ම.
අමාත්‍යාංශය
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i), (ii) ඔව්.
(ආ) ඔව්.
පළාත් මාර්ග සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීම සඳහා දළ වශයෙන් රුපියල් මිලියන 120ක ඇස්තමේන්තුවක් සකස් කර ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කර ඇති අතර, මාර්ග සංවර්ධන අධිකාරිය (RDA) මඟින් දැනටමත් මූලික ඉදිකිරීමේ කටයුතු ආරම්භ කිරීම සඳහා රුපියල් මිලියන 40ක ප්‍රතිපාදනයක් මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත ලබා දී ඇත.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-01-09
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (මහාචාර්ය) ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks