පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
339/2024
ගරු එස්. එම්. මරික්කාර් මහතා,— නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) කොලොන්නාව, මීතොටමුල්ල කසල කන්ද ව්‍යාපෘතිය හේතුවෙන්, කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, පොතුවිල් කුඹුර ප්‍රදේශයේ පදිංචිකරුවන් ඉන් ඉවත් කරන ලද බව දන්නේද;
(ii) එලෙස ඉවත් කරන ලද පදිංචිකරුවන් සංඛ්‍යාව කොපමණද;
(iii) ඔවුන් අතරින් මේ වනවිට නිවාස ලබාදී ඇති පදිංචිකරුවන් සංඛ්‍යාව කොපමණද;
(iv) නිවාස ලබාදී නොමැති, එහෙත් මේ වනවිටත් එම ප්‍රදේශයේ පදිංචිවී සිටින පවුල් සංඛ්‍යාව කොපමණද;
(v) ඔවුන්ට නිවාස ලබා දීමට සැලසුම් කර තිබේද;
(vi) එසේ නම්, එම සැලැස්ම කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-08-20
අසන ලද්දේ
ගරු එස්. එම්. මරික්කාර් මහතා, පා.ම.
අමාත්‍යාංශය
නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) විකල්ප නිවාස ඉල්ලුම් කරන ලද පදිංචිකරුවන් අතුරින් 116දෙනෙකු අදාළ ප්‍රදේශයෙන් ඉවත් කර ඇත.
(iii) විකල්ප නිවාස ලබා ගැනීම සඳහා සුදුසුකම් සපුරන ලද නිවාස ඉල්ලුම්කරුවන් 116දෙනෙකු අතුරින් 05දෙනෙකු අනුපවුල් සාමාජිකයන් වන අතර ඔවුන් විකල්ප නිවාස ලබා ගැනීම සඳහා අවම සුදුසුකම් හෝ සපුරා නොමැත. එබැවින් "නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය - කොළඹ නගරය" ව්‍යාපෘතිය යටතේ අනුමත ක්‍රමවේදයට අනුව විකල්ප නිවාස ඉල්ලුම් කරන ලද පදිංචිකරුවන් 116දෙනා සඳහා නිවාස ඒකක 111ක් ලබා දීමට කටයුතු කර ඇත.
(iv) 09කි.
එම සියලු නිවාස ඉල්ලුම්කරුවන් විකල්ප නිවාස ලබා ගැනීම සඳහා අවශ්‍ය අවම සුදුසුකම් සපුරා නැති, විෂයගත ඉඩමේ අනවසර භුක්තියේ රැඳී සිටින අය වේ.
(v) නැත.
මුල් අවස්ථාවේදී මෙම ප්‍රදේශයෙන් ඉවත් කිරීම සඳහා විකල්ප නිවාස ඉල්ලුම්කරුවන් 140ක් හඳුනා ගන්නා ලදී. ඉන් විකල්ප නිවාස ලබා දීමට සුදුසුකම් ලැබූ 116දෙනෙකු සඳහා නිවාස ඒකක 111ක් (අනුපවුල් 05 ද සහිතව) ලබා දීමට කටයුතු කර ඇත. ඉතුරු ඉල්ලුම්කරුවන් 24දෙනා අතුරින් ඉල්ලුම්කරුවන් 15දෙනෙකු විෂයගත ඉඩමෙන් මේ වනවිට බැහැරව ගොස් ඇති අතර ඉතුරු ඉල්ලුම්කරුවන් 09දෙනා විෂයගත ඉඩමේ අනවසර භුක්තියෙන් රැඳී සිටී. මෙම 09දෙනා විකල්ප නිවාස ලබා දීම සඳහා අවශ්‍ය අවම සුදුසුකම් හෝ සපුරා නොමැති බැවින් ඔවුන් හට විකල්ප නිවාස ලබා දීමට හැකියාවක් නොමැත. එබැවින් එම ඉල්ලුම්කරුවන් 09දෙනාහට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් නෙරපීමේ නියෝග නිකුත් කර ඇත.
(vi) නිවාස නොමැති පුද්ගලයන් විසින් ඉදිරිපත් කර ඇති ඉල්ලීම් සලකා බැලීමට කමිටුවක් පත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීමට සහ එම ඉල්ලීම් සඳහා නිවාස ලබා දීමේදී විනිවිදභාවයකින් යුතු තෝරා ගැනීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට අපේක්ෂා කෙරේ.
(ආ) මෙම ඉල්ලුම්කරුවන් 09දෙනා විකල්ප නිවාස ලබා දීම සඳහා අවශ්‍ය අවම සුදුසුකම් හෝ සපුරා නොමැත.
එමෙන්ම මානුෂිකව සලකා බලා නෙරපීමේ නියෝගය ක්‍රියාත්මක කිරීමෙන් වන අපහසුතාව මඟ හරවා ගැනීමට විෂයගත ඉඩමේ අනවසර භුක්තියෙන් ඉවත්වීම සඳහා සහන කාලයක් ඇතුළත් කර මෙම ඉල්ලුම්කරුවන් 09දෙනා වෙත පූර්ව දැනුවත් කිරීමක් සිදු කිරීමෙන් අනතුරුව නෙරපීමේ නියෝගය ක්‍රියාත්මක කිරීම මේ වනවිට ආරම්භ කර ඇත.
පිළිතුරු දුන් දිනය
2025-08-20
විසින් පිළිතුරු දෙන ලදී
ගරු අනුර කරුණාතිලක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks