E   |     |  

 දිනය: 2025-04-11   පිළිතුර ලබා දී ඇත 

0335/2025: කුරක්කන්හේනේගෙදර පානීය ජල ව්‍යාපෘතිය: ප්‍රගතිය

335/2024

ගරු නීතිඥ රවුෆ් හකීම් මහතා,— නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       කුරුණෑගල දිස්ත්‍රික්කයේ, කටුපොත, ‘කුරක්කන්හේනේගෙදර පානීය ජල ව්‍යාපෘතිය’ නමින් ප්‍රජා ජල ව්‍යාපෘතියක් ආරම්භ කරනු ලැබූ බව දන්නේද;

             (ii)       එම ව්‍යාපෘතියේ මූලික වැඩ කටයුතු සඳහා වියදම් කරනු ලැබූ මුදල කොපමණද;

  (iii) එම ව්‍යාපෘතියේ වර්තමාන ප්‍රගතිය කවරේද;

 

(iv) එම ප්‍රදේශයේ ඇති රෝහල සහ කුරක්කන්හේනේගෙදර, සපුමල්පුරය, දංගොල්ල හා කටුපොත යන ප්‍රදේශවල පවුල් ඒකක 700කට අධික සංඛ්‍යාවකට අයත් ජනතාව ආවරණය වන පරිදි එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලද බව දන්නේද;

(v) මේ වනවිට එම ව්‍යපෘතිය සම්පූර්ණයෙන්ම නතරවීමට හේතු කවරේද;

(vi) එම ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කර ඉහත සඳහන් ජනතාවගේ පානීය ජල අවශ්‍යතා සපුරාලීමට පියවර ගන්නේද;

‍ (vii) එසේ නම්, එය ආරම්භ කරනු ලබන දිනය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නො‍එසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2025-04-11

අසන ලද්දේ

ගරු නීතිඥ රවුෆ් හකීම් මහතා, පා.ම.

අමාත්‍යාංශය

නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)      මෙම ව්‍යාපෘතිය කුලියාපිටිය නැ‍ඟෙනහිර ප්‍රාදේශීය ලේකම්ගේ ඉල්ලීමකට අනුව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් කුලියාපිටිය නැ‍ඟෙනහිර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රතිපාදන මත ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතියකි.

                        මෙම ව්‍යාපෘතියේ පළමු අදියර ලෙස නොගැඹුරු ළිඳක් ඉදි කිරීමටත්, දෙවන අදියර ලෙස නළ එළීම මඟින් එහි ජලය ප්‍රාදේශීය රෝහලට සහ ගම්මානවලට බෙදා හැරීමටත් නියමිතව ඇත.

              (ii)      ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් මෙම ව්‍යාපෘතියට අදාළ ළිඳ ඉදි කිරීම හා ඊට අදාළ සෙසු වියදම් සඳහා රුපියල් 3,211,697.19ක මුදලක් වැය කර ඇති අතර, එම වියදම් සඳහා කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් ‍කාර්යාලය මඟින් 2017.08.11 දිනැති අංක 300903 දරන චෙක්පත මඟින් ප්‍රතිපාදන ලබා දී ඇත.

(iii) එම ව්‍යාපෘතියේ පළමුවන අදියර වන නොගැඹුරු ළිඳ සකස් කිරීම කුලියාපිටිය - නැ‍ඟෙනහිර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රතිපාදන මත ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මඟින් 2019.05.04 දින ඉදි කිරීම් සිදු කර අවසන් කරන ලදී.

(iv) ඔව්. ප්‍රදේශයේ රෝහල සහ මෙහි සඳහන් ගම්මානවල ජල සැපයුම ආවරණය කිරීම අපේක්ෂාවෙන් ව්‍යාපෘතිය ආරම්භ කර ඇත.

(v) ළිඳ ඉදි කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වෙත ලැබුණු අතර, එය ඉදි කර කුලියාපිටිය නැ‍ඟෙනහිර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත භාර දී ඇත. නමුත් ව්‍යාපෘතියේ ඉදිරි කටයුතු සඳහා ප්‍රතිපාදන ලබා දී නැත.

(vi) ප්‍රාදේශීය ලේකම් කුලියාපිටිය - නැ‍ඟෙනහිර විසින් ව්‍යාපෘතියේ දෙවන අදියර සඳහා ප්‍රතිපාදන ලබා දෙන්නේ නම් එය අවසන් කිරීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට හැකියාව ඇති බව දන්වා සිටී.

(vii) ප්‍රතිපාදන ලද පසු ව්‍යාපෘතියේ දෙවන අදියර ආරම්භ කළ හැක.

(ආ) අදාළ නැත.

පිළිතුරු දුන් දිනය

2025-05-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අනුර කරුණාතිලක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks