පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
334/2024
ගරු එස්. එම්. මරික්කාර් මහතා,— බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) 2023 වර්ෂය වනවිට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති තනතුරට සහ කළමනාකාර අධ්‍යක්ෂ තනතුරට හිමි වැටුප වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) මේ වනවිට එම තනතුරුවලට හිමි වැටුප වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) වැටුපට අමතරව එම තනතුරු සඳහා හිමි වෙනත් දීමනා වෙන් වෙන් වශයෙන් කවරේද;
(iv) 2023 වර්ෂය වනවිට සහ මේ වනවිට එම වෙනත් දීමනා වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ඉහත තනතුරු සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම යන ආයතන දෙකෙන්ම වෙන් වෙන් වශයෙන් වැටුප් ලබා දෙන්නේද;
(ii) එසේ නම්, එම ආයතනවලින් ලබා දෙන වැටුප වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් සඳහා සහභාගි වීම වෙනුවෙන් සභාපති, කළමනාකාර අධ්‍යක්ෂ සහ සෙසු අධ්‍යක්ෂකවරුන්ට ගෙවන මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iv) සෙසු අධ්‍යක්ෂකවරුන්ට ලබා දෙන වැටුප් සහ මාසික දීමනා එක් එක් අධ්‍යක්ෂකවරයා අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම් ඒ මන්ද?
අසන ලද දිනය
2025-08-05
අසන ලද්දේ
ගරු එස්. එම්. මරික්කාර් මහතා, පා.ම.
අමාත්‍යාංශය
බලශක්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) සභාපති - රු.100,000.00
කළමනාකාර අධ්‍යක්ෂ - රු.402,122.50
(ii) සභාපති - රු.100,000.00
කළමනාකාර අධ්‍යක්ෂ - රු.502,653.10
(2024.09.18 දිනැති අමාත්‍ය මණ්ඩල අනුමැතිය පරිදි සියයට 25කින් වැටුප් වැඩි වීම)
(iii) සභාපති - දුරකථන දීමනාව කළමනාකාර අධ්‍යක්ෂ - දුරකථන දීමනාව, වෘත්තිය දීමනාව සහ ජීවන වියදම් දීමනාව
(iv) 2023 මේ වන විට
සභාපති දුරකථන රු.6,000.00 රු.6,000.00
කළමනාකාර අධ්‍යක්ෂ
දුරකථන රු.4,250.00 රු.4,250.00
වෘත්තිය දීමනාව රු.40,212.25 රු.50,265.31
ජීවන වියදම් දීමනාව රු.5,250.00 රු.5,250.00
(2024.09.18 දිනැති අමාත්‍ය මණ්ඩල අනුමැතිය පරිදි සියයට 25කින් වැටුප් වැඩි වීම මත වෘත්තිය දීමනාවද වැඩි වී ඇත)
(ආ) (i) සභාපති - ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමෙන් පමණක් වැටුප් ලබා ගනියි.
කළමනාකාර අධ්‍යක්ෂ -ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමෙන් සම්පූර්ණ වැටුපද, ලංකා ඛනිජ තෙල් සංස්ථා වැටුපෙන් 50%ක්ද ලබා ගනියි.
(ii) ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම
සභාපති ලබා නොගනී. රු.625,000.00
කළමනාකාර අධ්‍යක්ෂ
රු.502,653.10 රු.251,326.57
මුදල රුපියල්
(iii) සභාපති නොගෙවයි
කළමනාකාර අධ්‍යක්ෂ නොගෙවයි
සෙසු අධ්‍යක්ෂවරුන්
ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම
පැමිණීමේ ප්‍රවාහන දීමනා
දීමනාව රුපියල් රුපියල්
1. එච්.ටී.පී. චන්දන මහතා 20,000 7,500
2. ආර්.එම්.එස්.පී.එස්. බණ්ඩාර
මහතා 20,000 7,500
3. දීපක් දාස් මහතා, (LIOC) 20,000 7,500
4. අවිනාශ් සිංහාල් මහතා,(LIOC) 20,000 7,500
5. සුනිල් කාන්ත මහාරාණ
මහතා, (LIOC) 20,000 7,500
6. එම්.එම්.සී. ඩෝස් මහතා ලබා නොගනී ලබා නොගනී
7. ඩබ්ලිව්.එස්. හේමන්ත
කුමාර මහතා ලබා නොගනී ලබා නොගනී
(විධායක අධ්‍යක්ෂ)
සෙසු අධ්‍යක්ෂවරුන්
ලංකා ඛනිජ තෙල් නීතිගත සමාගම
පැමිණීමේ ප්‍රවාහන දීමනා
දීමනාව රුපියල්
රුපියල්
1. ආර්.එම්.එස්.පී.එස්. බණ්ඩාර
මහතා 25,000 3,000
2. එම්.කේ. ගරුසිංහ මහතා 25,000 ලබා නොගනී
3. එච්.ටී.පී. චන්දන මහතා 25,000 3,000
4. එම්.එම්.සී. ඩෝස් මහතා ලබා නොගනී ලබා නොගනී
(iv) සෙසු අධ්‍යක්ෂවරුන් (ආ) (iii)හි සඳහන් ගෙවීම්වලට අමතරව වැටුප් හා මාසික දීමනා කිසිවක් නොගනී.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-08-05
විසින් පිළිතුරු දෙන ලදී
ගරු කුමාර ජයකොඩි මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks