04

E   |     |  

 දිනය: 2025-01-24   පිළිතුර ලබා දී ඇත 

0322/2025: Difficulties faced by foreign workers in renewing their driving licenses

322/2024

ගරු අජිත් ගිහාන් මහතා,— විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      පුත්තලම දිස්ත්‍රික්කයේ විශාල පිරිසක් ඉතාලියේ රැකියා කරනු ලබන අතර ඔවුන්ගේ රියදුරු බලපත්‍ර අලුත් කර ගැනීමට නොහැකි වීම ප්‍රධාන ගැටලුවක් වී ඇති බව දන්නේද;

             (ii)      එසේ නම්, ඒ සම්බන්ධයෙන් ගනු ලබන පියවර කවරේද;

(iii) විදේශීය රැකියාවල නිරත වී සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් අමානුෂික වද හිංසාවලට භාජනය වන බව දන්නේද;

(iv) එසේ නම්, ඒ සම්බන්ධයෙන් ගනු ලබන පියවර කවරේද;

(v) විදේශ රැකියා ලබා දෙන බවට පොරොන්දු වී මුදල් වංචා කර සිටින  ආයතන/පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

  (vi) වංචා කර ඇති මුදල් නැවත ලබා ගැනීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-01-24

අසන ලද්දේ

ගරු අජිත් ගිහාන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks