පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
318/2024
ගරු (වෛද්‍ය) පත්මනාදන් සත්‍යලිංගම් මහතා,— රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) රා.ප.ච. 03/2016හි වැටුප් පරිමාණයන් 2020.01.01 සිට සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වීමත් සමඟම 2016.01.01 සිට 2019.12.31 දක්වා වූ කාලය තුළ විශ්‍රාම ගැන්වූ විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප ඒ අනුව සංශෝධනය කරන ලද බවත්;
(ii) 2019.11.11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි රා.ප.ච. 35/2019 නිකුත් කර ඇති බවත්;
(iii) එය තාවකාලිකව අත්හිටුවීමට 2020.01.02 අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති බවත්;
(iv) ඒ හේතුවෙන්, 2016.01.01 සිට 2019.12.31 දක්වා විශ්‍රාම ගැන්වූ විශ්‍රාමිකයන්ට 2020.01.01 සිට ලැබිය යුතුව තිබූ විශ්‍රාම වැටුප අහිමි වීමෙන් අගතියට පත් වී ඇති බවත්;
එතුමා පිළිගන්නෙහිද?
(ආ) (i) 2020.01.02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය අවලංගු කර 2019.11.11 දිනැති තීරණය බලාත්මක කිරීමට පියවර ගන්නේද;
(ii) 2020.01.01 සිට ලැබිය යුතු විශ්‍රාම වැටුප 2025 වර්ෂයේ සිට ගෙවීමට පියවර ගන්නේද;
(iii) එසේ නම්, ඒ සඳහා 2025 වර්ෂයේදී වෙන්කළ යුතු මුදල කොපමණද;
(iv) ඉහත (අ)(iv) අනුව අගතියට පත් වූ සංඛ්‍යාව කොපමණද;
(v) ඔවුන් අතරින් මිය ගොස් ඇති සංඛ්‍යාව කොපමණද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-01-21
අසන ලද්දේ
ගරු (වෛද්‍ය) පත්මනාදන් සත්‍යලිංගම් මහතා, පා.ම.
අමාත්‍යාංශය
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) (ii) (iii) (iv)
(ආ) (i) මේ පිළිබඳව සලකා බැලීමට තීරණය කර ඇත.
(ii) මෙම කාරණය සම්බන්ධයෙන් මේ වන විට අංක 386/2021 (F/R) යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ නඩුවක් විභාග වෙමින් පවතින අතර, එම කාරණයද ඇතුළත්ව මේ පිළිබඳ සියලු කරුණු සලකා බැලීමෙන් පසුව එම තොරතුරු අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ප්‍රතිපත්තිමය තීරණයක් ලබා ගැනීම අවශ්‍ය වේ. ගෙවීම් කටයුතු පිළිබඳව තීරණයක් ගැනීම එම අවස්ථාවේදී සිදු කළ යුතුය.
(iii) · රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 3/2016හි විධිවිධාන අනුව පළමු අදියර හා දෙවන අදියර යටතේ සිදු කළ යුතු විශ්‍රාම වැටුප් සංශෝධනය මේ වන විට සිදු කර අවසන් කර ඇත. දැනට සිදුකළ යුතුව ඇත්තේ 2018.01.01 දිනට හිමිවිය යුතු වැටුප මත සිදු කළ යුතු තුන්වන අදියරෙහි සංශෝධනය, 2019.01.01 දිනට හිමිවිය යුතු වැටුප මත සිදු කළ යුතු හතරවන අදියරෙහි සංශෝධනය හා 2020.01.01 දිනට හිමිවිය යුතු වැටුප මත සිදු කළ යුතු පස්වන අදියරෙහි සංශෝධනයයි.
2016.01.01 දිනට පසුව 2020.01.01 දින දක්වා විශ්‍රාම ගොස් ඇති විශ්‍රාමිකයන් සඳහා ඉහත සඳහන් තුන, හතර හා පහ අදියරවල සංශෝධන සිදු කිරීම සඳහා වාර්ෂිකව අවශ්‍ය වන අතිරේක ප්‍රතිපාදන ප්‍රමාණය රුපියල් මිලියන 7,704කි. ඇමුණුමෙහි විස්තර සඳහන්ව ඇත. ඇමුණුම සභාගත* කරමි.
(iv) 2016.01.01 දිනෙන් පසුව සහ 2020.01.01 දින දක්වා කාල සීමාව තුළ විශ්‍රාම ගනු ලැබූ විශ්‍රාමිකයන් සංඛ්‍යාව 112,984කි.
(v) 2016.01.01 දිනට පසුව 2020.01.01 දින දක්වා විශ්‍රාම ගොස් ඇති විශ්‍රාමිකයන් අතරින් මේ වන විට මියගොස් ඇති විශ්‍රාමිකයන් සංඛ්‍යාව 1,254කි.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2025-01-21
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (මහාචාර්ය) ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks