පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
316/2024
ගරු දේවානන්ද සුරවීර මහතා,— සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) පෙත්සම්කාර මුතුතන්ත්‍රිගේ නිලංක දිල්ශාන් කුරේ සහ තවත් පෙත්සම්කරුවන් හතර දෙනෙකු විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරා තිබූ අංක SC FR 55/2019 සහ 2019 පෙබරවාරි 13 දිනැති නඩුව එකී පාර්ශ්වකරුවන් ඉදිරියේ සමථයකට පත් වී ඇති බව දන්නේද;
(ii) එකී සමථය ප්‍රකාරව, 1 වැනි පෙත්සම්කරු ආයුර්වේද ශාස්ත්‍රීය පාඨමාලාව හැදෑරීම සඳහා 2019 වර්ෂයේ දී ඇතුළත් කර ගෙන තිබේද;
(iii) අංක 2 සිට 5 දක්වා වූ පෙත්සම්කරුවන් ඔවුන්ගේ විභාග කටයුතු පවත්වා අවසන් කර තිබේද;
(iv) ආයුර්වේද ශාස්ත්‍රීය පාඨමාලාව ආරම්භ කිරීම සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුවෙන් මේ වනවිට පියවර ගෙන තිබේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-01-21
අසන ලද්දේ
ගරු දේවානන්ද සුරවීර මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) 1 වන පෙත්සම්කරු විසින් ආයුර්වේද ශාස්ත්‍රීය පාඨමාලාව සම්බන්ධයෙන් අයදුම්පතක් මෙතෙක් ආයුර්වේද දෙපාර්තමේන්තුව වෙත යොමු කර නොමැත.
(iii) 2 වන පෙත්සම්කරු
ගම්ලත්ගේ චන්දන කුමාර දැරණියගල - ප්‍රාරම්භක පරීක්ෂණය සමත්ව ඇති අතර 2024 වර්ෂයේ මධ්‍යම පරීක්ෂණයට පෙනී සිට අසමත්ව ඇත.
3 වන පෙත්සම්කරු
වෙලපහල ආරච්චිගේ බුද්ධික එරංග පෙරේරා - ප්‍රාරම්භක පරීක්ෂණය සමත්ව ඇති අතර 2021 වර්ෂයේ මධ්‍යම පරීක්ෂණයට පෙනී සිට අසමත්ව ඇත.
4 වන පෙත්සම්කරු
දසනායක මුදියන්සේලාගේ ධනුර්දා විෂ්මි දසනායක - ප්‍රාරම්භක හා මධ්‍යම පරීක්ෂණ සමත්ව 2021 වර්ෂයේදී අවසාන පරීක්ෂණය ද සමත්ව විභාගය සම්පූර්ණ කර ඇත.
5 වන පෙත්සම්කරු
සඳලි හංසනී වික්‍රමාරච්චි - ප්‍රාරම්භක පරීක්ෂණය සමත්ව ඇත. 2022 වර්ෂයේ මධ්‍යම පරීක්ෂණය සඳහා අයදුම් කර පැමිණ නොමැත.
(iv) ආයුර්වේද ශාස්ත්‍රීය පාඨමාලා පැවැත්වීම ආයුර්වේද දෙපාර්තමේන්තුව මඟින් සිදු නොකරන අතර, ඊට අදාළ පරීක්ෂණ පැවැත්වීම පමණක් සිදු කරනු ලැබේ.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2025-01-21
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks