01

E   |     |  

 දිනය: 2025-10-10   පිළිතුර ලබා දී ඇත 

0315/2025: 2020-2024 දක්වා මුළු දේශීය සහ විදේශීය ණය: විස්තර

315/2024

ගරු රවී කරුණානායක මහතා,— මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         ශ්‍රී ලංකාවේ —

               (i)       2024.12.31 දිනට මුළු ණය ප්‍රමාණය ශ්‍රී ලංකා රුපියල් සහ එක්සත් ජනපද      ඩොලර් වලින් වෙන්  වෙන් වශයෙන් කොපමණද;

             (ii)       2021 සිට 2024 දක්වා කාලය තුළ  එක් එක් වර්ෂයට අදාළ  මුළු ණය ප්‍රමාණය  වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) 2024.12.31 දිනට මුළු ණය ප්‍රමාණය දේශීය ණය සහ විදේශීය ණය  වශයෙන් බෙදී යන ආකාරය  වෙන් වෙන් වශයෙන් කවරේද;

(iv) බහුපාර්ශ්වික ණය, ද්විපාර්ශ්වික ණය, ජාත්‍යන්තර ස්වෛරී ණය සහ වාණිජ ණය ලෙස වර්ගීකරණය කළ විට 2024.12.31 දිනට විදේශ ණය සංයුතිය කවරේද;

(v)​​ 2020 සිට 2024 දක්වා කාලය තුළ විදේශ ණය ප්‍රමාණය වෙන් වෙන් වශයෙන්  කොපමණද;

(vi) 2024.12.31 දිනට මුළු බහුපාර්ශ්වික ණය ප්‍රමාණය කොපමණද;

(vii) ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව, ජාත්‍යන්තර සහයෝගීතාව සඳහාවූ ජපාන බැංකුව සහ අයර්ලන්ත මිත්‍ර බැංකුව  වෙතින් ලබාගත් බහුපාර්ශ්වික ණය ප්‍රමාණය  2020 සිට 2024 දක්වා කාලයට අදාළව  වෙන් වෙන් වශයෙන් කොපමණද;

(viii) 2024.12.31 දිනට මුළු ද්විපාර්ශ්වික ණය ප්‍රමාණය කොපමණද;

 

(ix) 2020 සිට 2024 දක්වා කාලය තුළ එක් එක් වර්ෂයට අදාළ මුළු ද්විපාර්ශ්වික ණය  ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න  එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2025-10-10

අසන ලද්දේ

ගරු රවී කරුණානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      2024.12.31 දිනට ශ්‍රී ලංකාවේ මුළු ණය ප්‍රමාණය පහත දැක්වේ.

 

2024.12.31 දිනට ශ්‍රී ලංකාවේ මුළු ණය ප්‍රමාණය

ශ්‍රී ලංකා රුපියල් ට්‍රිලියන

එක්සත් ජනපද ඩොලර් බිලියන

 

මධ්‍යම රජයේ ණය

 

29.6

 

101.2

 

 

 

 

 

 

එය අපි දේශීය සහ විදේශීය වශයෙන් වෙන් කර ගත්තොත්, ඩොලර් බිලියන 64.5ක් දේශීය ණය. ඩොලර් බිලියන 36.7ක් විදේශීය ණය.

(ii)

 

එක් එක් වර්ෂාවසානයේ පැවති මධ්‍යම රජයේ ණය ප්‍රමාණය

2021

2022

2023

2024

ශ්‍රී ලංකා රුපියල් ට්‍රිලියන

17.6

27.5

28.7

29.6

ඇ.ඩො. බිලියන

87.9

75.7

88.6

101.3

 

 

 

 

 

(iii) 2024.12.31 දිනට ශ්‍රී ලංකාවේ මුළු ණය ප්‍රමාණය දේශීය හා විදේශීය ලෙස බෙදී යන ආකාරය පහත දැක්වේ.

 

රජයේ 2024.12.31 දිනට මුළු ණය ප්‍රමාණය

ශ්‍රී ලංකා රුපියල් ට්‍රිලියන

ඇ.ඩො. බිලියන

දේශීය ණය

18.9

64.5

විදේශීය ණය

10.7

36.7

එකතුව

29.6

101.3

 

 

 

 

 

 

 

 

 

(iv) ශ්‍රී ලංකාවේ බහුපාර්ශ්වික ණය, ද්විපාර්ශ්වික ණය ජාත්‍යන්තර ස්වෛරී ණය හා වාණිජ ණය ලෙස වර්ගීකරණය කළ විට 2024.12.31 දිනට විදේශ ණය සංයුතිය පහත දැක්වේ.

 

 

2024.12.31 දිනට ශ්‍රී ලංකාවේ විදේශ ණය සංයුතිය

ශ්‍රී ලංකා රුපියල් ට්‍රිලියන

ඇ.ඩො. බිලියන

ද්විපාර්ශ්වීය

3.1

10.8

බහුපාර්ශ්වීය

3.8

12.9

ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර

3.1

10.6

වාණිජ ණය

0.7

2.4

එකතුව

10.7

36.7

 

 

 

(v)

 

ණය ප්‍රමාණය වෙන් වෙන් වශයෙන්

2020

2021

2022

2023

2024

ශ්‍රී ලංකා රුපියල් ට්‍රිලියන

6.0

6.5

12.5

11.6

10.7

ඇ.ඩො.බිලියන

32.5

32.5

34.3

35.9

36.7

 

 

(vi) 2024.12.31 දිනට ශ්‍රී ලංකාවේ මුළු බහුපාර්ශ්වීය ණය ප්‍රමාණය පහත දැක්වේ.

 

2024.12.31 දිනට ශ්‍රී ලංකාවේ මුළු බහුපාර්ශ්වීය ණය ප්‍රමාණය

ශ්‍රී ලංකා රුපියල් ට්‍රිලියන

ඇ.ඩො.බිලියන

 

3.8

12.9

 

 

එක්සත් ජනපද ඩොලර් රුපියල් බවට පරිවර්තනය කිරීම සඳහා, වසර අවසාන විනිමය අනුපාතය රුපියල් 292.5833 ලෙස සැලකේ.

 

(vii) ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව, ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා වූ ජපාන බැංකුව, අයර්ලන්ත මිත්‍ර බැංකුව වෙතින් ලබා ගත් ණය ප්‍රමාණය 2020 සිට 2024 දක්වා වෙන් වෙන් වශයෙන් පහත දැක්වේ.

 

එක් එක් වර්ෂය තුළ ලබා ගත් ණය ප්‍රමාණය (ඩොලර් මිලියන)

2020

2021

2022

2023

2024

ලෝක බැංකුව

 330.1

 536.5

 424.9

 737.8

 556.5

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල

-

-

-

 682.3

 346.8

ආසියානු සංවර්ධන බැංකුව

 612.3

 610.6

 641.8

 827.1

 871.0

ජාත්‍යන්තර සහයෝගිතාව සඳහා වූ ජපාන බැකුව

-

-

-

-

-

අයර්ලන්ත මිත්‍ර බැංකුව

-

-

-

-

-

 

 

 

 

(viii) ශ්‍රී ලංකාවේ 2024.12.31 දිනට මුළු ද්විපාර්ශ්වික ණය ප්‍රමාණය පහත දැක්වේ.

 

ශ්‍රී ලංකාවේ 2024.12.31 දිනට ද්විපාර්ශ්වික මුළු ණය ප්‍රමාණය

ශ්‍රී ලංකා රුපියල් ට්‍රිලියන

ඇමෙරිකානු ඩොලර් බිලියන

 

3.1

10.8

 

(ix)

 

මුළු ණය ප්‍රමාණය

2020

2021

2022

2023

2024

ශ්‍රී ලංකා රුපියල් ට්‍රිලියන

2.3

2.2

4.1

3.5

3.2

ඇමෙරිකානු ඩොලර් බිලියන

12.3

11.2

11.3

10.8

10.8

 

 

 

 

 

 

(ආ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2025-11-27

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (ආචාර්ය) අනිල් ජයන්ත මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks