පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
313/2024
ගරු රවී කරුණානායක මහතා,— බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2015 වර්ෂයේ සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක පෞද්ගලික විදුලි ජනන සමාගම් සංඛ්‍යාව එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) එම එක් එක් සමාගමේ නම හා ලිපිනය සහ ජනන ධාරිතාව වෙන් වෙන් වශයෙන් කවරේද;
(iii) 2015 වර්ෂයේ සිට මේ දක්වා ඉහත සඳහන් එක් එක් සමාගම ලංකා විදුලිබල මණ්ඩලය වෙත සැපයූ විදුලි ඒකක සංඛ්‍යාව සහ ඒ සඳහා එක් එක් සමාගමට ගෙවන ලද මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iv) ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලි ජනන ධාරිතාව වැඩි කිරීම සඳහා ගැනීමට නියමිත ක්‍රියාමාර්ග කවරේද;
(v) එම විදුලි ජනනය සඳහා යොදා ගනු ලබන බලශක්ති ක්‍රමවේද පුනර්ජනනීය බලශක්තියද නැතහොත් තාප බල ශක්තියද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-09-11
අසන ලද්දේ
ගරු රවී කරුණානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
බලශක්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ජනන සමාගම් සංඛ්‍යාව එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් ඇමුණුම 01හි දක්වා ඇත.
(ii) එක් එක් සමාගමේ නම, ලිපිනය සහ ජනන ධාරිතාව වෙන් වෙන් වශයෙන් ඇමුණුම 02හි දක්වා ඇත.
(iii) එක් එක් සමාගම ලංකා විදුලිබල මණ්ඩලය වෙත සැපයූ විදුලි ඒකක සංඛ්‍යාව සහ ඒ සඳහා එක් එක් සමාගමට ගෙවන ලද මුදල් පිළිබඳ විස්තරයක් ඇමුණුම 03හි දක්වා ඇත.
(iv) ලංකා විදුලිබල මණ්ඩලය විසින් ජනන ධාරිතාව වැඩි කිරීම සඳහා ගැනීමට නියමිත ක්‍රියාමාර්ග පහත සඳහන් වේ.
(v) ඉදි කිරීමට නියමිත බලාගාර බොහොමයක් පුනර්ජනනීය ගණයට වැටේ. සූර්ය බලාගාර ප්‍රමුඛව එක් කරන අතර සුළං බලාගාර ද සැලකිය යුතු ප්‍රමාණයක් පද්ධතියට එක් කිරීමට, කුඩා පරිමාණ ජල විදුලි බලාගාර හා ජීව ද්‍රව්‍ය බලාගාර ද එක් කිරීමට බලාපොරොත්තු වේ. අතිරික්ත පුනර්ජනනීය බලශක්තිය ගබඩා කර භාවිතයට ගැනීම සඳහා බලශක්ති ගබඩා පද්ධති ද එක් කෙරේ. පද්ධතියේ ස්ථායීතාව, බලශක්ති සුරක්ෂිතතාව සඳහා තාප බලාගාර ඉදි කිරීමට නියමිත ය.
සටහන: මේ පිළිබඳ දත්ත ඇතුළත් 2025-2044 දිගු කාලීන ජනන සැලැස්මෙහි උපුටා ගැනීම ඇමුණුම 04 මඟින් දක්වා ඇත. ඇමුණුම් 01, 02, 03 සහ 04 සභාගත* කරමි.
ඉදිරි වර්ෂ කීපය තුළ ඉදි කෙරෙන බලාගාර පිළිබඳ සාරාංශය පහත දක්වා ඇත.
|
|
මුළු ධාරිතා එකතුව (මෙගාවොට්) |
|||||
|
|
තාප බලාගාර |
කුඩා ජල බලාගාර |
සුළං බලාගාර |
ජීව ද්‍රව්‍ය බලාගාර |
සූර්ය බලාගාර |
බැටරි බලශක්ති ගබඩා |
|
2026 |
235 |
10 |
90 |
15 |
370 |
100 |
|
2027 |
115 |
10 |
260 |
20 |
400 |
- |
|
2028 |
200 |
20 |
200 |
20 |
450 |
100 |
|
2029 |
- |
20 |
150 |
20 |
450 |
100 |
|
2030 |
130 |
20 |
150 |
20 |
450 |
50 |
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-02-05
විසින් පිළිතුරු දෙන ලදී
ගරු කුමාර ජයකොඩි මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks