01

E   |     |  

 දිනය: 2025-08-20   පිළිතුර ලබා දී ඇත 

0312/2025: ත්‍රිකුණාමල ව‍රායේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් තෙල් ටැංකි: ආදායම

----

අසන ලද දිනය

2025-08-20

අසන ලද්දේ

ගරු රවී කරුණානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)      ඔව්.

              (ii)      අනූනවයයි.

             (iii)      ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට පවරන ලද ටැංකි 24න්, 3ක් 2001.04.26වන දින, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) හා ප්‍රීමා සමාගම (Prima Ceylon Ltd.) අතර ඇතිකර ගත් ගිවිසුම අනුව මසකට එක් ටැංකියක් සඳහා රුපියල් 100ක බදු මුදලකට වසර 05ක් සඳහා බදු දී ඇත. ඒ අනුව වසරකට ටැංකියක බදු කුලිය රුපියල් 1,200ක් වන අතර ටැංකි 3 සඳහා වසරක බදු කුලිය රුපියල් 3,600කි. එම මුදල ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙත ලැබෙන බව දන්වා ඇත.

(iv) ප්‍රීමා ලංකා (පුද්ගලික) සමාගම

(v) එක් වර්ෂයක බදු ආදායම රුපියල් 3,600කි.

(vi) ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ටැංකි 21ක් නවීකරණය සඳහා රුපියල් මිලියන 7,010ක් ආයෝජනය කිරීමට අපේක්ෂිතය.

(ආ) අදාළ නොවේ.

 

 

පිළිතුරු දුන් දිනය

2025-08-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු කුමාර ජයකොඩි මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks