පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු රවී කරුණානායක මහතා,— මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) 2015 වර්ෂයේ සිට මේ දක්වා —
(i) භාණ්ඩ අපනයන වටිනාකම සහ එමඟින් ලැබූ ආදායම;
(ii) භාණ්ඩ ආනයන වටිනාකම සහ ඒ සඳහා වියදම්;
(iii) වෙළඳ ශේෂය;
(iv) දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස අපනයන වටිනාකම;
ශ්‍රී ලංකා රුපියල් සහ ඇමරිකානු ඩොලර් මුදලින් වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) 2015 වර්ෂයේ සිට මේ දක්වා —
(i) ප්‍රධාන කාණ්ඩ 10ක් දක්වමින් සේවා අංශයෙන් අපනයන ඉපැයීම්;
(ii) විදේශීය සේවාවන් සඳහා සිදුකළ ගෙවීම්වල වටිනාකම;
(iii) සේවා වෙළඳ ශේෂය;
(iv) දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සේවා;
(v) ගෙවුම් ශේෂ අතිරික්තය හෝ හිඟය;
ශ්‍රී ලංකා රුපියල් සහ ඇමරිකානු ඩොලර් මුදලින් වෙන් වෙන් වශයෙන් කොපමණද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) ගෙවුම් ශේෂ හිඟය වැඩිදියුණු කිරීම සඳහා ඉලක්ක කර ඇති ක්ෂේත්‍ර කවරේද;
(ii) (අ)(i) හි සඳහන් අපනයන අයිතම 15 කවරේද;
(iii) පසුගිය වර්ෂ 10 තුළ මෙරටට ගෙන්වා නොමැති, විදේශයන්හි රඳවාගෙන ඇති අපනයන ආදායමේ වටිනාකම වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iv) එලෙස මුදල් රඳවා ගැනීමට අවසරදී ඇති කාලසීමාව කොපමණද;
යන්න තවදුරටත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-06-26
අසන ලද්දේ
ගරු රවී කරුණානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i
|
වර්ෂය |
අපනයන අගය |
|
|
|
රුපියල් බිලියන |
එ.ජ.ඩො. මිලියන |
|
2015 |
1,431 |
10,546 |
|
2016 |
1,501 |
10,310 |
|
2017 |
1,732 |
11,360 |
|
2018 |
1,934 |
11,890 |
|
2019 |
2,135 |
11,940 |
|
2020 |
1,859 |
10,047 |
|
2021 |
2,487 |
12,499 |
|
2022 |
4,235 |
13,106 |
|
2023 |
3,899 |
11,911 |
|
2024 |
3,857 |
12,772 |
|
2025 (අ) |
4,087 |
13,581 |
|
2026 ජන.- අප්‍රේ. (මාස 4 සඳහා) (අ) |
1,414 |
4,535 |
)
(අ) තාවකාලික
(ii)
|
වර්ෂය |
ආනයන අගය |
|
|
|
රුපියල් බිලියන |
එ.ජ.ඩො. මිලියන |
|
2015 |
2,572 |
18,935 |
|
2016 |
2,794 |
19,183 |
|
2017 |
3,199 |
20,980 |
|
2018 |
3,607 |
22,233 |
|
2019 |
3,565 |
19,937 |
|
2020 |
2,975 |
16,055 |
|
2021 |
4,104 |
20,637 |
|
2022 |
5,737 |
18,291 |
|
2023 |
5,493 |
16,811 |
|
2024 |
5,686 |
18,841 |
|
2025 (අ) 2026 ජන.- අප්‍රේ. (මාස 4 සඳහා) (අ) |
6,469 2,569 |
21,480 8,228 |
(අ) තාවකාලික
ලික (
|
වර්ෂය |
වෙළඳ ශේෂය |
|
|
|
රුපියල් බිලියන |
එ.ජ.ඩො. මිලියන |
|
2015 |
-1,141 |
-8,388 |
|
2016 |
-1,294 |
-8,873 |
|
2017 |
-1,466 |
-9,619 |
|
2018 |
-1,673 |
-10,343 |
|
2019 |
-1,430 |
-7,997 |
|
2020 |
-1,116 |
-6,008 |
|
2021 |
-1,617 |
-8,139 |
|
2022 |
-1,502 |
-5,185 |
|
2023 |
-1,593 |
-4,900 |
|
2024 |
1,828 |
-6,069 |
|
2025 (අ) 2026 ජන.- අප්‍රේ. (මාස 4 සඳහා) (අ) |
-2,383 -1,155 |
-7,899 -3,693 |
iii)
(අ) තාවකාලික
(iv
|
වර්ෂය |
අපනයන අගය |
|
|
|
එක්සත් ජනපද ඩොලර් මිලියන |
දළ දේශීය නිෂ්පාදිතයෙහි ප්‍රතිශතයක් ලෙස |
|
2015 |
10,546 |
12.4 |
|
2016 |
10,310 |
11.7 |
|
2017 |
11,360 |
12.0 |
|
2018 |
11,890 |
12.5 |
|
2019 |
11,940 |
13.4 |
|
2020 |
10,047 |
11.9 |
|
2021 |
12,499 |
14.1 |
|
2022 |
13,106 |
17.1 |
|
2023 |
11,911 |
14.2 |
|
2024 |
12,772 |
12.8 |
|
2025(අ) |
13,581 |
12.5 |
)
(අ) තාවකාලික
(ආ) (i) අපනයන ඉපැයීම් ඇමුණුම 01හි සඳහන් වේ. එය දීර්ඝ විස්තරයක්.
(ii
|
වර්ෂය |
සේවා:ගෙවීම් |
|
|
|
රුපියල් බිලියන |
එක්සත් ජනපද ඩොලර් මිලියන |
|
2015 |
553 |
4,072 |
|
2016 |
620 |
4,259 |
|
2017 |
674 |
4,421 |
|
2018 |
748 |
4,608 |
|
2019 |
827 |
4,625 |
|
2020 |
410 |
2,216 |
|
2021 |
177 |
889 |
|
2022 |
308 |
953 |
|
2023 |
772 |
2,363 |
|
2024 |
1,045 |
3,475 |
|
2025(අ) |
1,012 |
3,359 |
|
2026 ජනවාරි-අප්‍රේල් (මාස 4 සඳහා) (අ) |
387 |
1,241 |
)
(අ) තාවකාලික
(iii)
(අ) තාවකාලික
(iv)
|
වර්ෂය |
සේවා:ලැබීම් |
|
සේවා: ශුද්ධ |
|
|
|
එක්සත් ජනපද ඩොලර් මිලියන |
දළ දේශීය නිෂ්පාදිතයෙහි ප්‍රතිශතයක් ලෙස |
එක්සත් ජනපද ඩොලර් මිලියන |
දළ දේශීය නිෂ්පාදිතයෙහි ප්‍රතිශතයක් ලෙස |
|
2015 |
6,397 |
7.5 |
2,325 |
2.7 |
|
2016 |
7,138 |
8.1 |
2,879 |
3.3 |
|
2017 |
7,724 |
8.2 |
3,302 |
3.5 |
|
2018 |
8,374 |
8.8 |
3,766 |
4.0 |
|
2019 |
7,474 |
8.4 |
2,849 |
3.2 |
|
2020 |
3,035 |
3.6 |
819 |
1.0 |
|
2021 |
2,475 |
2.8 |
1,586 |
1.8 |
|
2022 |
3,062 |
4.0 |
2,110 |
2.7 |
|
2023 |
5,416 |
6.4 |
3,053 |
3.6 |
|
2024 |
6,910 |
6.9 |
3,435 |
3.4 |
|
2025 (අ) |
7,066 |
6.5 |
3,707 |
3.4 |
(අ) තාවකාලික
(v) ශ්‍රී ලංකා මහ බැංකුව දැනට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගෙවුම් තුලනය සහ අන්තර්ජාතික ආයෝජන තත්ත්ව අත්පොතෙහි හයවන සංස්කරණය - BPM6 - මත පදනම්ව ගෙවුම් තුලන සංඛ්‍යා දත්ත සම්පාදනය කරයි. BPM6 වාර්තාකරණ රාමුවට අනුව, ජංගම සහ ප්‍රාග්ධන ගිණුම්වල ඒකාබද්ධ ශේෂය, ලෝකයේ සෙසු රටවලට, ආර්ථිකයේ ශුද්ධ ණය දීමේ - අතිරික්තය මඟින් - හෝ ශුද්ධ ණය ගැනීමේ -හිඟය මඟින්- තත්ත්වය නියෝජනය කරයි. සෛද්ධාන්තිකව, වැරදීම් සහ අත්හැරීම් නොමැති බව උපකල්පනය කළහොත්, මෙම ශේෂය මූල්‍ය ගිණුමේ ශුද්ධ ශේෂයට අනුරූප විය යුතුය. ඒ අනුව, BPM6 සම්පාදන හා වාර්තාකරණ රාමුවට අනුව ගෙවුම් තුලනය සම්පාදනය කිරීමේදී, "ගෙවුම් තුලනයේ සමස්ත ශේෂය" -ගෙවුම් තුලනයේ අතිරික්තය හෝ හිඟය- යන සංකල්පය, ගෙවුම් තුලනය භාවිතයෙන් ඍජුව සම්පාදනය කර ගත නොහැක. විශ්ලේෂණාත්මක මිනුමක් ලෙස, සමස්ත ශේෂය යනුවෙන් වෙනත් සංකල්පයක් ඇති අතර එය යම් කාලපරිච්ඡේදයක් තුළ ශුද්ධ ජාත්‍යන්තර සංචිතවල වෙනස පිළිබිඹු කරයි.
ජංගම ගිණුමේ ශේෂය සහ සමස්ත ශේෂය පිළිබඳ දත්ත ඇමුණුම 02හි දක්වා ඇත. එය දීර්ඝ විස්තරයක්.
(ඇ) (i) ශ්‍රී ලංකාවේ ගෙවුම් ශේෂ හිඟය වැඩිදියුණු කිරීම සඳහා ඉලක්ක කරගත් ප්‍රධාන ක්ෂේත්‍ර අතරට,
අපනයන ඉපැයීම් වැඩි කිරීම සඳහා වෙළෙඳ භාණ්ඩ අපනයනය -තේ, ඇඟලුම්, රබර් නිෂ්පාදන, ICT සේවා ආදිය- පුළුල් කිරීම සහ අපනයන වෙළෙඳ පොළ හා නිෂ්පාදන විවිධාංගීකරණය කිරීම.
සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා වැඩි සංචාරක පැමිණීම් ආකර්ෂණය කර ගැනීම තුළින් සංචාරක ආදායම වැඩි කිරීම.
ඍජු විදේශ අයෝජන - FDI - වැඩි කිරීම සඳහා නිෂ්පාදන අංශ හා යටිතල පහසුකම් සඳහා විදේශ ආයෝජන දිරිමත් කිරීම.
සේවක ප්‍රේෂණ වැඩි කිරීම, විදේශ රැකියා අවස්ථා සඳහා පහසුකම් සැලසීම සහ විධිමත් මාර්ග හරහා ප්‍රේෂණ දිරිමත් කිරීම.
ආනයන කළමනාකරණය සඳහා ආනයන ආදේශක දේශීය නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම.
සේවා අපනයන පුළුල් කිරීම
සේවා අපනයන වැඩිදියුණු කිරීම සඳහා ICT/BPM සේවා, මූල්‍ය සේවා, නැව්ගත කිරීම සහ සැපයුම් අංශ පුළුල් කිරීම.
බාහිර මූල්‍යකරණය සහ ණය කළමනාකරණය සඳහා සහන මූල්‍යකරණය ලබා ගැනීම හා විදේශ සංචිත ඵලදායී ලෙස කළමනාකරණය කිරීම.
විදේශ විනිමය සංචිත ශක්තිමත් කිරීම සඳහා සංචිත සමුච්චය වැඩි කිරීමට හා විනිමය අනුපාතික ස්ථාවරත්වය පවත්වා ගැනීමට ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම.
(ii) විස්තරාත්මක වගුවක් ඇමුණුම 03හි දක්වා ඇත.
ඇමුණුම් 01, 02 සහ 03 සභාගත* කරමි.
(iii) 1953 අංක 24 දරන විනිමය පාලන පනත යටතේ නිකුත් කරන ලද 1993.03.26 දිනැති අංක 759/15 දරන ගැසට් නිවේදනය මඟින් අපනයනකරුවන් විසින් අපනයන ඉපැයීම් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේ අවශ්‍යතාවෙන් නිදහස් කරන ලදී.
(iv) ඉහත සඳහන් රීතිවලට අනුව භාණ්ඩ හා සේවා අපනයනය කරන ලද සියලු අපනයනකරුවන් විසින් තම අපනයන ආදායම, භාණ්ඩ නැව්ගත කරන ලද දිනයේ සිට හෝ සේවාවන් සැපයූ දිනයේ සිට දින 180ක් ඇතුළත අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකාවට ගෙන්විය යුතුය. ඒ අනුව අපනයනකරුවෙකුට භාණ්ඩ නැව්ගත කළ දිනයේ හෝ සේවාවන් සැපයූ දිනයෙන් පසු තම අපනයන ආදායම උපරිම වශයෙන් දින 179ක් පමණක් විදේශයන්හි රඳවා තබා ගැනීමට අවසර ඇත.
(ඈ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2026-06-26
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නිශාන්ත ජයවීර මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks