පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
306/2024
ගරු රවී කරුණානායක මහතා,— මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) පසුගිය වසර 20 තුළ ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ මුළු වටිනාකම ශ්‍රී ලංකා රුපියල්වලින් (SLR) හා ඇමරිකානු ඩොලර්වලින් (USD) සහ එම කාලය තුළ වර්ධන වේගය වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) ඉදිරි වසර 5 සඳහා දළ දේශීය නිෂ්පාදිතයේ අපේක්ෂිත වර්ධනය සහ වර්ධන අනුපාතයේ ප්‍රක්ෂේපණය වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) පසුගිය වසර 20 තුළ අපනයනවල මුළු වටිනාකම ශ්‍රී ලංකා රුපියල් හා ඇමරිකානු ඩොලර් වලින් සහ එය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iv) ශ්‍රී ලංකාවේ ඉහළම අපනයන වෙළඳ භාණ්ඩ විස්ස කවරේද;
(v) පසුගිය වසර 10 තුළ සේවාවලින් ලැබුණු මුළු ආදායම ඇමරිකානු ඩොලර්වලින් වෙන් වෙන් වශයෙන් කොපමණද;
(vi) ශ්‍රී ලංකාවට වැඩිම ඇමරිකානු ඩොලර් ප්‍රමාණයක් උපයා දෙන ලද සේවා අංශ දහය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) උපයන ලද ඇමරිකානු ඩොලර්වලින් කොපමණ ප්‍රමාණයක් විදේශයන්හි රඳවා තිබේද;
(ii) ඇමරිකානු ඩොලර් විදේශයන්හි රඳවා තැබිය හැකි නිල කාලය කොපමණද;
(iii) විනිමය පාලන නියමයන් උල්ලංඝනය කරමින් විදේශයන්හි මුදල් රඳවා තබා ගන්නා පුද්ගලයින්ට හෝ ආයතනවලට එරෙහිව ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-04-11
අසන ලද්දේ
ගරු රවී කරුණානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ගරු මන්ත්‍රීතුමනි, මා හිතනවා, ඔබතුමා මේ පිළිබඳව අවධානය යොමු කර ඇති කියලා. මෙම ගණනය කිරීමේදී පදනම් වර්ෂ එක එක විධියට සූදානම් කරගෙන තිබෙනවා. පසුගිය වසර 20 තුළ ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ මුළු වටිනාකම ශ්‍රී ලංකා රුපියල්වලින් - SL Rupeesවලින් - හා ඇමෙරිකානු ඩොලර්වලින් - US Dollarsවලින් - සහ එම කාලය තුළ වර්ධන වේගය වෙන් වෙන් වශයෙන් ඇමුණුම 01හි සඳහන් වේ.
(ii) ඉදිරි වසර 5 සඳහා දළ දේශීය නිෂ්පාදිතයේ අපේක්ෂිත වර්ධනය සහ වර්ධන අනුපාතයේ ප්‍රක්ෂේපණය අංශ තුනක් ඔස්සේ බලන්නට පුළුවන්. That is from the angles of real GDP growth, GDP deflator growth and nominal GDP growth. Hon.Member, in addition, the nominal GDP in billions of rupees is given in Annex 02.
Annex 02
Expected GDP Growth and Growth Rate Projection for next five years.
|
Indicator |
2025 |
2026 |
2027 |
2028 |
2029 |
2030 |
|
Real GDP Growth (%) |
3.5 |
3.1 |
3.1 |
3.1 |
3.1 |
3.1 |
|
GDP Deflator Growth (%) |
3.6 |
5.3 |
5.1 |
5.0 |
5.0 |
5.0 |
|
Nominal GDP Growth (%) |
7.1 |
8.5 |
8.4 |
8.3 |
8.3 |
8.3 |
|
Nominal GDP (In Billions of Rs.) |
32,036 |
34,754 |
37,664 |
40,779 |
44,163 |
47,826 |
(iii) පසුගිය වසර 20 තුළ අපනයනවල මුළු වටිනාකම ශ්‍රී ලංකා රුපියල් සහ ඇමෙරිකානු ඩොලර්වලින් සහ එය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස වෙන් වෙන් වශයෙන් ඇමුණුම 03හි දක්වා ඇත.
ඇමුණුම 03
2 සංඛ්‍යා සටහන: අපනයනවල මුළු වටිනාකම
|
වර්ෂය |
අපනයන (රුපියල් මිලියන) |
අපනයන (එක්සත් ජනපද ඩොලර් මිලියන) |
දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස |
|
2005 |
638,276 |
6,347 |
26.0 |
|
2006 |
716,579 |
6,883 |
24.4 |
|
2007 |
845,683 |
7,640 |
23.6 |
|
2008 |
878,499 |
8,111 |
19.9 |
|
2009 |
813,911 |
7,085 |
16.8 |
|
2010 |
937,737 |
8,626 |
14.6 |
|
2011 |
1,167,588 |
10,559 |
16.2 |
|
2012 |
1,245,531 |
9,774 |
14.3 |
|
2013 |
1,344,054 |
10,394 |
14.0 |
|
2014 |
1,453,176 |
11,130 |
14.0 |
|
2015 |
1,431,431 |
10,546 |
12.4 |
|
2016 |
1,500,766 |
10,310 |
11.7 |
|
2017 |
1,732,440 |
11,360 |
12.0 |
|
2018 |
1,933,533 |
11,890 |
12.6 |
|
2019 |
2,134,796 |
11,940 |
13.4 |
|
2020 |
1,858,927 |
10,047 |
11.9 |
|
2021 |
2,486,943 |
12,499 |
14.1 |
|
2022 |
4,234,913 |
13,106 |
17.6 |
|
2023 |
3,899,427 |
11,911 |
14.1 |
|
2024 (තාවකාලික) |
3,857,195 |
12,772 |
නැත |
(iv) කෘෂිකාර්මික අපනයන, කාර්මික අපනයන, ඛනිජමය කොට්ඨාසයට අයත් අපනයන සහ වර්ග නොකළ අපනයන විධියට අයිතම වශයෙන් ඒ ඉල්ලා තිබෙන විස්තර ඇමුණුම 04හි දැක්වෙන වා.
ඇමුණුම 04
(v) ඒ පිළිබඳව සමස්ත විස්තරය ඇමුණුම 05හි දැක්වෙනවා.
ඇමුණුම 05
4 සංඛ්‍යා සටහන: සේවාවලින් ලැබුණු ආදායම
|
වර්ෂය |
සේවාවලින් ලැබුණු ආදායම (එක්සත් ජනපද ඩොලර් මිලියන) |
|
2014 |
5,605 |
|
2015 |
6,397 |
|
2016 |
7,138 |
|
2017 |
7,724 |
|
2018 |
8,374 |
|
2019 |
7,474 |
|
2020 |
3,035 |
|
2021 |
2,475 |
|
2022 |
3,062 |
|
2023 |
5,416 |
|
2024 (තාවකාලික) |
6,910 |
(vi) සේවා අංශයට දායක වූ ප්‍රධාන අංශ පහත දැක්වේ.
(ආ) (i) ඒ සම්බන්ධයෙන් තිබෙන නීතිමය රාමුව මම පැහැදිලි කරන්නම්.
(ii) ඉහත සඳහන් රීතිවලට අනුකූලව අපනයනකරුවෙකුට භාණ්ඩ හෝ සේවා සැපයීමේ දින සිට ශ්‍රී ලංකාවට අපනයන ආදායම නැවත ගෙන්වා ගැනීමට පෙර, උපරිම වශයෙන් දින 180ක් ශ්‍රී ලංකාවෙන් පිටත අපනයන ආදායම රඳවා ගැනීමට හැකියාව ඇත.
(iii) මෙම රීතියෙහි 11වන රීති ප්‍රකාරව, භාණ්ඩ සහ/හෝ සේවා අපනයනයේදී ඕනෑම අපනයනකරුවෙක්, ඍජු අපනයනකරුවෙක්, වක්‍ර අපනයනකරුවෙක් හෝ බලපත්‍රලාභී බැංකුවක් විසින් මෙකී රීතින් සමඟ අනුකූල නොවීමට හෝ උල්ලංඝනය කිරීමට විරුද්ධව ක්‍රියාමාර්ග ඇරඹීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ විදේශ විනිමය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂහට අයිතිය ඇත.
ඒ අනුව විදේශ විනිමය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ විසින් ඉහත ආ (i) ඡේදයෙහි සඳහන් කර ඇති රීතින්ට අනුකූලවීමට අපොහොසත් වූ අපනයනකරුවන්ට එකී රීතින්ට අනුකූල වන ලෙස නියම කරමින් අවශ්‍ය ලෙස නිතිපතා දැනුවත් කිරීම් කරනු ලැබේ.
තවද, ශ්‍රී ලංකා මහ බැංකු පනතේ 107(1) වගන්තිය අනුව, පනතේ ඕනෑම විධිවිධානයක් හෝ ඒ යටතේ නිකුත් කරන ලද ඕනෑම රීතියක්, විධිවිධානයක් හෝ තීරණයක් උල්ලංඝනය කරන ඕනෑම පුද්ගලයෙකු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව හට පරිපාලනමය පියවර ගැනීමේ හැකියාව පවතී. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මේ වනවිට මහ බැංකු පනතේ විධිවිධාන හෝ ඒ යටතේ නිකුත් කරන ලද රීති උල්ලංඝනය කළ අවස්ථාවකදී ගත යුතු පරිපාලන ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රමවේදය කෙටුම්පත් කරමින් පවතී. මෙම රීතින් ප්‍රකාශයට පත් කිරීමත් සමඟ මෙම රීතින් උල්ලංඝනය කිරීම/ අනුකූල නොවීම සඳහා අවශ්‍ය පරිපාලන ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුවට හැකියාව ලැබේ.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2025-05-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (ආචාර්ය) හර්ෂණ සූරියප්පෙරුම මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks