02

E   |     |  

 දිනය: 2025-02-06   පිළිතුර ලබා දී ඇත 

0297/2025: වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට එරෙහි විනය පරීක්ෂණය: විස්තර

----

අසන ලද දිනය

2025-02-06

අසන ලද්දේ

ගරු චාමර සම්පත් දසනායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඔව්.

                        ශ්‍රී ලංකා ජාතික රෝහලේ 2016/2017 වර්ෂය සඳහා අමු, වියළි හා සකස් කරන ලද ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම සම්බන්ධව සිදු කරන ලද විගණන පරීක්ෂණයකදී අනාවරණය වූ කරුණු අනුව සෞඛ්‍ය ලේකම්ගේ නියෝග ප්‍රකාරව පවත්වන්නට යෙදුණු මූලික විමර්ශනයේ නිර්දේශ පරිදි එවකට එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කළ විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වෙතද චෝදනා පත්‍රයක් නිකුත් කර තිබුණි.

එම චෝදනා පත්‍රය සම්බන්ධයෙන් විධිමත් විනය පරීක්ෂණයක් පවත්වන ලද අතර, එම පරීක්ෂණය අවසානයේ පරීක්ෂණ නිලධාරියා විසින් ලබා දුන් වාර්තාවේ ඇතුළත් නිගමන සියල්ල සලකා බලා, ආයතන සංග්‍රහයේ XLVII පරිච්ඡේදයේ 22:5:2 අනුව විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සියලු චෝදනාවලින් නිදොස්කොට නිදහස් වී ඇත.

(ii) නැත.

(iii) අදාළ නොවේ.

(iv) අදාළ නොවේ.

(v) අදාළ නොවේ.

(ආ) පැන නොනඟී.

 

 

පිළිතුරු දුන් දිනය

2025-02-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks