05

E   |     |  

 දිනය: 2025-01-24   පිළිතුර ලබා දී ඇත 

0296/2025: ජාතික පාසල්වලට අනුයුක්ත පළාත් පාසල් ගුරුවරුන්: විස්තර

296/2024

ගරු චාමර සම්පත් දසනායක මහතා,— අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට,—

(අ)         (i)       පළාත් සභා පාසල්වලින් ජාතික පාසල් සඳහා රජයේ ගුරුවරුන් අනුයුක්ත කර ඇති බව දන්නේද;

            (ii)       එම ගුරුවරුන් අනුයුක්ත කර ඇති කාල සීමාව නැවත දීර්ඝ නොකිරීමට තීරණය කර තිබේද;

(iii) එම කාල සීමාව දීර්ඝ නොකිරීම හේතුවෙන් ජාතික පාසල්වල ඇති වන ගුරු පුරප්පාඩු තුලනය කරනු ලබන ආකාරය කෙසේද;

යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-01-24

අසන ලද්දේ

ගරු චාමර සම්පත් දසනායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේයි.

(අ)          (i)      ඔව්,

                        දැනට ජාතික පාසල්වල හා පළාත් පාසල්වල පවතින ගුරු ඌනතා සඳහා එම පාසල් අතර ගුරුවරුන් තාවකාලිකව අනුයුක්ත කරනු ලැබේ.

              (ii)      නැත.

                        ජාතික පාසල්වල අතිරික්තව සිටින ගුරුභවතුන් එම විෂයයන් සඳහා ඌනතා පවතින පළාත් පාසල් වෙත අනුයුක්ත කිරීම හා ජාතික පාසල්වල ඌනතා පවතින විෂයයන් සඳහා පළාත් පාසල්වල අතිරික්ත ගුරුභවතුන් අනුයුක්ත කිරීම කලාප අධ්‍යාපන කාර්යාලයේ විෂය අධ්‍යක්ෂවරුන්ගේ නිර්දේශය අනුව සිදු කළ යුතු බව 2023.07.14 දිනැති හා ED/01/27/14/1-2 අංක දරන ලිපිය මඟින් සියලු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත දන්වා ඇත.

(iii) අදාළ නොවේ.

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2025-02-18

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ආචාර්ය හරිනි අමරසූරිය, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks