පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
295/2024
ගරු චාමර සම්පත් දසනායක මහතා,— අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට,— (1)
(අ) (i) දසවැනි පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සඳහා ලබා දී ඇති වාහන සංඛ්‍යාව කොපමණද;
(ii) එම වාහන ලබා දී ඇති පදනම කවරේද;
(iii) එම වාහන ජනාධිපති කාර්යාලය මඟින් ලබා දී තිබේද;
(iv) නොඑසේ නම්, ලබා දී ඇති ආයතන කවරේද;
(v) එම වාහන සඳහා රජයේ රියදුරන් ලබා දී තිබේද;
(vi) එම වාහන සඳහා ඉන්ධන, නඩත්තු වියදම් සහ වාර සේවා සපයනු ලබන ආයතන කවරේද;
(vii) එම වාහන සඳහා මාසිකව වැය කරනු ලබන මුදල කොපමණද;
යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-01-23
අසන ලද්දේ
ගරු චාමර සම්පත් දසනායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
අග්‍රාමාත්‍ය කාර්යාලය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) දසවැනි පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් සඳහා වාහන ලබා දීමක් සිදු කර නොමැත.
නමුත්, විශේෂ අවශ්‍යතාවක් ලෙස සලකා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන සුගත් වසන්ත ද සිල්වා මන්ත්‍රීවරයා වෙත අංක KR-5844 දරන කාර් රථය ජනාධිපති කාර්යාලය මඟින් ලබා දී ඇත.
(ii) ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමාත් දන්නා පරිදි ඉහත මන්ත්‍රීවරයා දෘශ්‍යාබාධ සහිත පුද්ගලයෙක්. ආබාධ සහිත පුද්ගලයෙකු පළමුවැනි වතාවටයි මේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ. ආබාධ සහිත ප්‍රජාව නියෝජනය කරන එකම මහජන නියෝජිතවරයා හැටියට එතුමාගේ සක්‍රිය දායකත්වය ලබා දීම සඳහා පහසුකම් සපයන්න ඕනෑ නිසායි ඒ වාහනය අප ලබා දී තිබෙන්නේ.
(iii) ඔව්.
(iv) අදාළ නැත.
(v) ජනාධිපති කාර්යාලය මඟින් ලබා දුන් වාහනය සඳහා රියැදුරෙකු ලබා දී නොමැත.
(vi) · ජනාධිපති කාර්යාලය වෙතින් ලබා දුන් වාහනය සඳහා ජනාධිපති කාර්යාලය මඟින් ඉන්ධන ලබා දීමක් සිදු කර නැත.
· රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහය අනුගමනය කරමින් සේවා සැපයුම්කරුවන් තෝරා ගැනීම සිදු කරනු ලබන අතර, ඒ අනුව රථයේ නඩත්තු හා වාර සේවා සපයනු ලබයි.
(vii) වාහනය අනුයුක්ත කරන ලද දින සිට 2025.01.17 වන දින දක්වා කිසිදු වියදමක් දරා නොමැත.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-01-23
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ආචාර්ය හරිනි අමරසූරිය, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks