01

E   |     |  

 දිනය: 2025-03-21   පිළිතුර ලබා දී ඇත 

0294/2025: ගංවතුර අවදානම සහිත ගංගා සහ ඇළ දොළ: ගංවතුර අවම කිරීමේ ව්‍යාපෘති

294/2024

ගරු නීතිඥ රවුෆ් හකීම් මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග  අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)           (i)       නිරතුරුවම ගංවතුර ගැලීමේ අවදානම සහිත ගංගා සහ ඇළ දොළ කවරේද;

             (ii)       ඒවායේ ගංවතුර පාලනය කිරීම සඳහා මේ වනවිට ක්‍රියාත්මක කර ඇති දේශීය හා විදේශීය ව්‍යාපෘති කවරේද;

  (iii) එම ව්‍යාපෘති සඳහා භාවිතා කර ඇති දේශීය අරමුදල් ප්‍රමාණය සහ විදේශීය අරමුදල් ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iv) එම ව්‍යාපෘති සඳහා අරමුදල් සපයා ඇති ආයතන කවරේද;  

(v) ඉහත ව්‍යාපෘති අතර විවිධ බාධා හේතුවෙන් අසාර්ථක වී ඇති ව්‍යාපෘති තිබේද;

(vi) එසේ නම්, එම ව්‍යාපෘති කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නො‍එසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2025-03-21

අසන ලද්දේ

ගරු නීතිඥ රවුෆ් හකීම් මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)      අත්තනගලු ඔය, මා ඔය, කළු ගඟ, මහවැලි ගඟ, ගිං ගඟ, නිල්වලා ගඟ, හැඩ ඔය, මුන්දෙනි ආරු, දැදුරු ඔය, මල්වතු ඔය, කලා ඔය, ගල් ඔය, කැලණි ගඟ, බෙන්තර ගඟ, පොල්වත්ත ගඟ, යාන් ඔය, කිරිඳි ඔය, වලවේ ගඟ, කුඹුක්කන් ඔය, මැණික් ගඟ, මාදුරු ඔය, කනකරයාන් ආරු, කරබලන් ඔය, අඹන් ගඟ.

 

              (ii)      දේශීය ව්‍යාපෘති   

              01.      ගිං ගඟ පුනරුත්ථාපන ව්‍යාපෘතිය (2014-2021)

                        *       දේශීය අරමුදල් යටතේ සිදු කොට ඇත.

*   ගිං ගඟ ගංවතුර ආරක්ෂණ ව්‍යාපෘතිය යටතේ කරන ලද ඉදිකිරීම් පුනරුත්ථාපන කටයුතු මේ යටතේ සිදු කොට ඇත.

02. කැලණි ගඟ ගංවතුර ආරක්ෂණ ව්‍යාපෘතිය ( 2018-2024) (Kelani River Flood Protection Project)

*   දේශීය අරමුදල් යටතේ සිදු කර ඇත.

විදේශීය ව්‍යාපෘති

01. ගිං ගඟ ගංවතුර ආරක්ෂණ ව්‍යාපෘතිය (1976-1982)

*   චීන රජය මඟින් අරමුදල් සපයා ඇත.

*   මෙමඟින් ගිං ගඟ, අගලියෙන් පහළ කොටසෙහි ගංවතුර ආරක්ෂණ බැමි 74 ඉදිකර ඇත.

*   පොම්ප 37කින් යුත් පොම්පාගාර 10ක් ඉදිකර ඇත.

02. නිල්වලා ගඟ ගංවතුර ආරක්ෂණ ව්‍යාපාරය (1980 දශකය)

*   ප්‍රංශ රජය මඟින් අරමුදල් සපයා ඇත.

*   නිල්වලා ගඟ පහළ නිම්නයේ ගංවතුර ආරක්ෂණ බැමි හා පොම්පාගාර ඉදිකිරීම.

03. CRIP - දේශගුණික අවබලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය (2014-2021)

*  ලෝක බැංකු අරමුදල් යටතේ සිදු කර ඇත.

*  මෙම ව්‍යාපෘතිය යටතේ ගංවතුර අවදානම අධික ගංගාද්‍රෝණි 10ක් සඳහා ද්‍රෝණි ආයෝජන සැලසුම් සකස් කිරීම සිදු කර ඇත.

*   රාගත් ගංවතුර අවම කිරීමේ පියවර සඳහා ශක්‍යතා අධ්‍යයන සිදු කිරීම.

04. CResMPA ව්‍යාපෘතිය - දේශගුණික අවබලපෑම අවම කිරීමේ බහු අදියර වැඩසටහන් ප්‍රවේශය (2022 සිට මේ දක්වා)

*   ලෝක බැංකු අරමුදල් යටතේ සිදු කරයි.

*   ගංගා ද්‍රෝණි 22 සඳහා වන ගංවතුර ආකෘති සැකසීම හා ස්වයංක්‍රීය ජල මිනුම් ස්ථාන ඉදිකිරීම වැනි ගංවතුර පාලනය සඳහා ගංවතුර අනතුරු ඇඟවීම සඳහා අවශ්‍ය වන විවිධ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම සිදු වෙයි.

05. IWWRMP ව්‍යාපෘතිය (2020 සිට මේ දක්වා)

*  ඒකාබද්ධ ජලාධාර හා ජල සම්පත් කළමනාකරන ව්‍යාපෘතිය (2020 සිට මේ දක්වා)

*   ලෝක බැංකු අරමුදල් යටතේ සිදු කරයි.

*  ස්වයංක්‍රීය ජල මිනුම් ස්ථාන නැවත ප්‍රතිසංස්කරණය කටයුතු කිරීම.

(iii)  

 

ව්‍යාපෘතියේ නම

කාල වකවානුව

දේශීය/විදේශීය ද යන්න

ලැබූ අරමුදල් ප්‍රමාණය

වියදම

ගිං ගඟ පුනරුත්ථාපන ව්‍යාපෘතිය

2014 -2021

දේශීය

රු.මි. 700

රු.මි. 687.00

කැලණි ගඟ ගංවතුර ආරක්ෂණ ව්‍යාපෘතිය

2018-2024

දේශීය

රු.මි. 1000

රු.මි. 601.10

CResMPA ව්‍යාපෘතිය දේශගුණික අවබලපෑම් අවම කිරීමේ බහු අදියර වැඩසටහන් ප්‍රවේශය

2022 සිට මේ දක්වා

විදේශීය

Component 1 - USD 14.9 Million  Component 2 - USD 28.5 Million

  -

IWWRMP ව්‍යාපෘතිය

2020 සිට මේ දක්වා

විදේශීය

USD 70.03 Million

රු.මි. 2,028.00

CRIP-DBIP (දේශගුණික අවබලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය)

2014-2021

‍විදේශීය

USD 21.5 Million

රු.මි. 4,421.30

(iv) 

 

ව්‍යාපෘතියේ නම

අරමුදල

CResMPA ව්‍යාපෘතිය - දේශගුණික අවබලපෑම් අවම කිරීමේ බහු අදියර වැඩසටහන් ප්‍රවේශය

ලෝක බැංකුව

IWWRMP ව්‍යාපෘතිය

ලෝක බැංකුව

CRIP - දේශගුණික අවබලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය

ලෝක බැංකුව

(v) නැත. එහෙත් නිල්වලා ගංවතුර වැළැක්වී‍මේ ව්‍යාපෘතිය අදියර 3ක් යටතේ සැලසුම් කර ඇතත් අදියර 2ක් පමණක් ක්‍රියාත්මක වී අතරමඟ නතර වී ඇත. 80 දශකයේ රටේ පැවති දේශපාලන හා සමාජ තත්ත්වය මත ව්‍යාපෘතිය නවතා දමා ඇත.

              (vi)      ඉහත ප්‍රශ්න අංක (v) අනුව අදාළ නොවේ.

(ආ)      ඉහත පිළිතුර අනුව අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2025-05-23

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි. | පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks