පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
278/2024
ගරු එස්. එම්. මරික්කාර් මහතා,— අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට,— (1)
(අ) (i) දෙමළ මාධ්‍ය පාසල්වල සිංහල භාෂාවත්, සිංහල මාධ්‍ය පාසල්වල දෙමළ භාෂාවත් ඉගැන්වීම අනිවාර්ය කිරීමට සැලසුම් කර තිබේද;
(ii) එසේ නම්, එය ක්‍රියාත්මක කිරීමට නියමිත කාල වකවානු කවරේද;
(iii) ඒ සඳහා අවශ්‍ය ගුරුවරුන් සිටින්නේද;
(iv) නොඑසේ නම්, එම ගුරු පුරප්පාඩු පිරවීම සඳහා ගනු ලබන පියවර කවරේද;
යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-04-24
අසන ලද්දේ
ගරු එස්. එම්. මරික්කාර් මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) දැනට සියලුම පාසල්වල 6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා දෙමළ මාධ්‍ය සිසුන් සඳහා සිංහල භාෂාව දෙවන බස ලෙසත්, සිංහල මාධ්‍ය සිසුන් සඳහා දෙමළ භාෂාව දෙවන බස ලෙසත් ඉගැන්වීම් කටයුතු සිදු කරනු ලබයි. ඊට අමතරව 10 සහ 11 ශ්‍රේණිවලදී කාණ්ඩ විෂය යටතේ දෙමළ මාධ්‍ය සිසුන් සඳහා දෙවන බස සිංහල ලෙසත්, සිංහල මාධ්‍ය සිසුන් සඳහා දෙවන බස දෙමළ ලෙසත් තෝරා ගැනීමේ අවස්ථාව සිසුන්ට ලබා දී ඇත.
(ii) 2026 වර්ෂයේදී 6 ශ්‍රේණියට විෂයමාලා ප්‍රතිසංස්කරණ ආරම්භ කර, ඊට අනුගාමීව ඉදිරි වර්ෂවල අනෙකුත් ශ්‍රේණි සඳහා ද විෂයමාලා ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී ඉහත ක්‍රමවේදය ප්‍රකාරව අධ්‍යයන කටයුතු ක්‍රියාත්මක කිරීමට නියමිතය.
(iii) 2024.12.31 දිනට පවතින පුරප්පාඩු තොරතුරු අනුව ජාතික හා පළාත් පාසල්හි පහත පරිදි පුරප්පාඩු පවතී.
I. දෙවන බස සිංහල 820යි.
II. දෙවන බස දෙමළ 2,099යි.
(iv) දෙමළ මාධ්‍ය පාසල්වල සිංහල භාෂාවත්, සිංහල මාධ්‍ය පාසල්වල දෙමළ භාෂාවත් ඉගැන්වීම් සඳහා ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරින් බඳවා ගනු ලබන අතර, 2020- 2022 ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරි කණ්ඩායමේ ඩිප්ලෝමාධාරින් සඳහා 2025.05.02 දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-I (අ) ශ්‍රේණියට ගුරු පත්වීම් ලබා දීම සිදු කර ඇත. ඒ අනුව, දෙමළ මාධ්‍ය පාසල්වල සිංහල භාෂාව ඉගැන්වීම සඳහා ගුරුවරුන් -දෙවන බස සිංහල- 95ක් බඳවාගෙන ඇති අතර, සිංහල මාධ්‍ය පාසල්වල දෙමළ භාෂාව ඉගැන්වීම සඳහා ගුරුවරුන් -දෙවන බස දෙමළ- 69ක් බඳවාගෙන ඇත.
එමෙන්ම, මෙම විෂයයන් සඳහා ඉදිරියේදී ගුරු අවශ්‍යතාව හඳුනාගෙන ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ මඟින් පුහුණු කරන ඩිප්ලෝමාධාරින් සංඛ්‍යාවේ අවශ්‍ය සංශෝධන පිළිබඳව ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණය මත එම බඳවා ගනු ලබන ශිෂ්‍ය සංඛ්‍යාව තීරණය කළ හැකි අතර, ඒ අනුව ඉදිරියේදී ගුරු පුරප්පාඩු පිරවීමේ හැකියාව ඇත.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-05-23
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ආචාර්ය හරිනි අමරසූරිය, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks