04

E   |     |  

 දිනය: 2025-04-11   පිළිතුර ලබා දී ඇත 

0277/2025: දෙහිවල ප්‍රා.ලේ. කොට්ඨාසය: පිරිමි ජාතික පාසලක්

277/2024

ගරු එස්. එම්. මරික්කාර් මහතා,— අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට,—

(අ)        (i)       දෙහිවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බාලිකා ජාතික පාසලක් ඇති අතර, එම කොට්ඨාසයේ පිරිමි ජාතික පාසලක් පිහිටුවීමට ඉදිරියේදී කටයුතු කරන්නේද;

(ii) එසේ නම්, ජාතික පාසලක් බවට පත් කිරීම සඳහා ඉහත කොට්ඨාසයෙන්  හඳුනා ගන්නා ලද පාසල කවරේද;

(iii) එම පාසල සඳහා ලබා දීමට නියමිත පහසුකම් කවරේද;

(iv) එම ජාතික පාසල පිහිටුවනු ලබන දිනය කවරේද;

  යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-04-11

අසන ලද්දේ

ගරු එස්. එම්. මරික්කාර් මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)       දෙහිවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිරිමි ජාතික පාසලක් නොමැති අතර, එම ප්‍රදේශයේ පිරිමි ජාතික පාසලක් පිහිටුවීමට ඉදිරියේදී කටයුතු සැලසුම් කර නොමැත.

              (ii)      මේ වන විට නව ජාතික පාසල් පිහිටුවීම සම්බන්ධයෙන් කටයුතු සිදු නොවන අතර, මෙම කොට්ඨාසයෙන් ජාතික පාසලක් බවට පත් කිරීමට පාසල් තෝරා ගෙන නොමැත.

             (iii)      ඉහත (ii) හි පිළිතුර ම අදාළ වේ.

             (iv)       ඉහත (ii) හි පිළිතුර ම අදාළ වේ.

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2025-05-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) මධුර සෙනෙවිරත්න මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks