පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
276/2024
ගරු එස්. එම්. මරික්කාර් මහතා,— කම්කරු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) සේවා නියුක්තිකයන් වෙනුවෙන් අලුතින් විවෘත කරනු ලබන සේවක අර්ථසාධක අරමුදල් සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් ගොනු සංඛ්‍යාව ආර්ථික සංවර්ධනය නිරීක්ෂණය කිරීමේ මිණුම් ඒකකයක් වශයෙන් යොදා ගත හැකි බව දන්නේද;
(ii) 2024 වර්ෂයේ නොවැම්බර් මාසය තුළදී අලුතෙන් විවෘත කරන ලද සේවක අර්ථසාධක අරමුදල් සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් ගොනු සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) 2024 වර්ෂයේ දෙසැම්බර් මස සිට සෑම මාසයකම අලුතින් විවෘත කරන ලද සේවක අර්ථසාධක අරමුදල් සහ සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් ගොනු සංඛ්‍යාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන්නේද;
(iv) එසේ නම්, එම තොරතුරු මාසයේ කවර දිනයකදී පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලබන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-04-08
අසන ලද්දේ
ගරු එස්. එම්. මරික්කාර් මහතා, පා.ම.
අමාත්‍යාංශය
කම්කරු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
මෙම දර්ශකය ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ වැදගත් වනවා. එකක්, පොදුවේ ලිපිගොනු සංඛ්‍යාව වැඩි වන විට ආර්ථිකයේ ප්‍රගමනය පිළිබඳ දත්ත ඉදිරිපත් කරනවා. කෙසේ වෙතත්, යම් ගැළපීම් සිද්ධ කරන්න වෙනවා. අක්‍රියව තිබෙන ඒවා, දැනට තිබෙන ආයතන වහනවා නම් ඒ වාගේ ඒවා සංශෝධනයකට ලක් කරන්න වෙනවා. ඒ වාගේම තමයි, විශ්ලේෂණාත්මකව ඒ ලිපිගොනු සංඛ්‍යාව බැලුවාම මෙයින් නියෝජනය වෙන්නේ ආර්ථිකයේ විධිමත් අංශය පමණයි. එතකොට විධිමත් අංශයේ තොරතුරු තුළින් සේවකයන්ගේ අයිතිවාසිකම්, සමාජ ආරක්ෂණය සහ අනෙකුත් වැඩකටයුතුවලටත් මේ සංඛ්‍යාව අපට යොදා ගන්න පුළුවන්.
ඒ වාගේම අපි ආංශික විශ්ලේෂණයකට ගියොත්, මේ සංඛ්‍යාවලින් අපට හොයා ගන්න පුළුවන් මොන මොන ක්ෂේත්‍රවලින්ද ආර්ථිකයට වැඩිපුර සම්බන්ධ වෙලා තිබෙන්නේ කියලා. ඒ කාරණයත් වැදගත් වනවා. ඒ වාගේම ජාතික ඉතිරිකිරීම් සහ නව ආයෝජන, ප්‍රාග්ධනය සැපයීම පිළිබඳවත් තොරතුරු මෙතැනදී විශ්ලේෂණයට යන්න පුළුවන්. ඒ වාගේම කාන්තා ශ්‍රම දායකත්වය පිළිබඳ තොරතුරුත් ලබා ගන්නට පුළුවන්.
(ii) 2024 නොවැම්බර් මාසය තුළදී සේවක අර්ථසාධක අරමුදලේ ලියාපදිංචි වූ නව සාමාජික සංඛ්‍යාව 6,332ක් වේ. සේවා නියුක්තයන්ගේ භාර අරමුදලේ 2024 එම මාසයට අදාළව ලියාපදිංචි වූ සාමාජික සංඛ්‍යාව 2,777කි.
(iii) 2025 ජනවාරි මාසයේ සිට අදාළ තොරතුරු ලබා දෙන්න පුළුවන්. ඕනෑම මාසයක ඒවා ලබා දෙන්න පුළුවන්.
(iv) ඉල්ලා සිටින ඕනෑම අවස්ථාවකදී ලබා දීමට කටයුතු කළ හැක. කෙසේ වුවද, මෙම තොරතුරු මාස 6කට වරක් මහජන ප්‍රවේශය සඳහා ශ්‍රම බලකායේ ස්ත්‍රී පුරුෂ දායකත්වය, gender-based information සමඟින් පදනම් කර ගනිමින් ඉදිරියේදී අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ පළ කිරීමටත්, වාර්ෂික කාර්ය සාධන වාර්තාවේ ඇතුළත් කිරීමටත් කටයුතු කර තිබෙනවා.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2025-04-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (ආචාර්ය) අනිල් ජයන්ත මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks