01

E   |     |  

 දිනය: 2025-02-28   පිළිතුර ලබා දී ඇත 

0258/2025: ගාලු වරාය ප්‍රදේශයේ යෝජිත "වරාය නගරය" ව්‍යාපෘතිය: පරිසරය සහ ප්‍රජාවට වන බලපෑම

258/2024

ගරු (වෛද්‍ය) නිශාන්ත සමරවීර මහතා,— ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       ගාල්ල වරාය ප්‍රදේශය ආශ්‍රිතව ක්‍රියාත්මක කිරීමට යෝජනා කර ඇති ‘වරාය නගරය’ ව්‍යාපෘතිය මඟින් අපේක්ෂා කරන ප්‍රතිලාභ කවරේද;

            (ii)       එම ව්‍යාපෘතිය හේතුවෙන් සිදු වන පරිසර බලපෑම සම්බන්ධයෙන් ශක්‍යතා අධ්‍යයනයක් සිදු කර තිබේද;

(iii) මීට පෙර සිදු කර ඇති මහජන විරෝධතාවල ප්‍රතිඵලයක් ලෙස ඉහත ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කර ඇති වෙනස්කම් කවරේද;

(iv) යෝජිත ව්‍යාපෘතිය හේතුවෙන් ජන ජීවිතයට සිදු වන බලපෑම  සැලකිල්ලට ගෙන තිබේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-02-28

අසන ලද්දේ

ගරු (වෛද්‍ය) නිශාන්ත සමරවීර මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන, මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)     ව්‍යාපෘතියෙන් අපේක්ෂිත ප්‍රතිලාභ පහත පරිදි වේ.

  • දියඹේ දියකඩන දෙකක් ඉදිකිරීම මඟින් ගාල්ල බොක්ක                                        ප්‍රදේශයේ විශාල නිසල ජල ප්‍රදේශයක් නිර්මාණය  වන                                     අතර එමඟින්,

        Ø   සැඩ රළ පහරින් ගාලු කොටුව ආරක්ෂා වීම.

        Ø   සැඩ රළ පහරින් ගාලු පාර ආරක්ෂා වීම.    

Ø      කුණාටු ඇතිවන අවස්ථාවලදී දකුණු පළතේ ධීවරයින්/ධීවර ‍බෝට්ටු සඳහා ආරක්ෂිත තොටුපළක්  නිර්මාණය වීම.

  • විශාල මගී නෞකා මෙහෙයවීමට පහසුකම් සලසමින්, ඒ සඳහාම වෙන් වූ මගී පර්යන්තයක් නිර්මාණය කිරීමත් සමඟ කලාපීය සංචාරක කර්මාන්තය සඳහා ගාල්ල වරාය සංවර්ධන ව්‍යාපෘතිය දායකත්වය දක්වනු ඇත.
    • දෙවැට වෙරළ අසල ඉඩම ගොඩකර ප්‍රතිසංස්කරණය කරන ලද ප්‍රදේශයේ මිශ්‍ර සංවර්ධන කටයුතු මඟින් දේශීය හා විදේශීය සංචාරකයින් ආකර්ෂණය කර ගැනීම.
    • මෙම සංවර්ධනය හරහා ඍජු හා වක්‍ර රැකියා අවස්ථා වර්ධනය කිරීම.

(ii) 2000 වර්ෂයේ මුල් භාගයේ දී දියකඩනය ඉදිකිරීම, මගී පර්යන්තය සමඟ රැඳවුම් බැම්ම ඉදිකිරීම, වරාය ‍ද්‍රෝණිය හැරීමේ කටයුතු සහ නාවික කටයුතුවලට ආධාර කිරීම සඳහා පාරිසරික බලපෑම් පිළිබඳ තක්සේරුව අවසන් කර ඇත.දෙවැට වෙරළ යාබදව ඉඩම් ගොඩකර ප්‍රතිසංස්කරණ කිරීම සඳහා පරිපූරක පාරිසරික බලපෑම් පිළිබඳ තක්සේරුව උපදේශකවරයකු විසින් අවසන් කර ඇති අතර, -මධ්‍යම ඉංජිනේරු උපදේශක කාර්යාංශය- මෙම පරිපූරක පාරිසරික බලපෑම් පිළිබඳ තක්සේරුව 2025.01.09 දින අවසන් කර ඇත.

(iii) 2024.11.28 සිට 2025.01.09 දක්වා පරිපූරක පාරිසරික බලපෑම පිළිබඳ අධ්‍යයනයේ කොටසක් ලෙස සිදු කරන ලද මහජන මතය විමසීමේ ක්‍රියාවලියේ දී ඉදිරිපත් කරන ලද අදහස් මේ වන විට උපදේශකවරයා විසින් ඇගයුම් කරනු ලැබේ.

(iv) මෙම ව්‍යාපෘතියට අදාළව පාර්ශ්වකරුවන්ගේ දායකත්වය ලබාගෙන ඇති අතර ඒ පිළිබඳව ඇති විය හැකි සමාජයීය බලපෑම හා එම බලපෑම අවම කිරීමේ ක්‍රියාමාර්ග හඳුනා‍ගෙන ඇත.

(ආ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2025-02-28

විසින් පිළිතුරු දෙන ලදී

ගරු බිමල් රත්නායක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks