01

E   |     |  

 දිනය: 2014-01-23   පිළිතුර ලබා දී ඇත 

2660/2014: විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන : භාෂාගාර

2660/’12

 

ගරු සජිත් ප්‍රේමදාස මහතා,— උසස් අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       මහින්ද චින්තන ඉදිරි දැක්මේ සඳහන් වන පරිදි විශ්වවිද්‍යාල ඇතුළු සෑම උසස් අධ්‍යාපන ආයතනයකම සියලු පහසුකම්වලින් සමන්විත අංග සම්පූර්ණ භාෂාගාර පිහිටුවා තිබේද;

  (ii)  එසේ  නම්, එම භාෂාගාර පිහිටුවීමේ වැඩ සටහනට  අදාළ විස්තර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?      

(ආ)  නොඑසේ නම්,  ඒ මන්ද?‍

 

අසන ලද දිනය

2014-01-23

අසන ලද්දේ

ගරු සජිත් ප්‍රේමදාස මහතා, පා.ම.

අමාත්‍යාංශය

උසස් අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      මහින්ද චින්තන ඉදිරි දැක්මේ සඳහන් වන පරිදි විශ්වවිද්‍යාල 17හිම භාෂාගාර පිහිටුවීම සඳහා අවශ්‍ය පියවර ගෙන තිබේ. 

                        "21 වන සියවසේ උසස් අධ්‍යාපනය සඳහා වන ව්‍යාපෘතිය" යටතේ මෙම භාෂාගාර තවදුරටත් සංවර්ධනය කිරීමට ප්‍රතිපාදන වෙන් කර කටයුතු කර ගෙන යනු ලැබේ. 

              (ii)      අදාළ විස්තර මම කියවන්නම්. 

1. ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය: - මෙම විශ්වවිද්‍යාලයේ ඇති භාෂාගාරය අංග සම්පූර්ණ භාෂාගාරයක් බවට  පත් කර ඇත.  සිංහල, පාලි, සංස්කෘත, ඉංග්‍රීසි, දෙමළ, චීන, ජපන් භාෂා අධ්‍යයනයෙහිලා භාෂාගාරය ප්‍රයෝජනයට ගැනේ. 

2. බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය: - මෙම විශ්වවිද්‍යාලයේ අංග සම්පූර්ණ භාෂාගාරයක් පිහිටුවීම සඳහා පියවර ගෙන ඇත. 

3. කොළඹ විශ්වවිද්‍යාලය: - මෙම විශ්වවිද්‍යාලයේ අංග සම්පූර්ණ භාෂාගාරයක් ස්ථාපනය කර ඇත. පරිගණක 60කට වඩා වැඩි ප්‍රමාණයක් මෙම භාෂා විද්‍යාගාරය සතුය. 

"වෛද්‍ය විද්‍යාව සඳහා ඉංග්‍රීසි" කඩිනම් පාඨමාලාව, නවක සිසුන් සඳහා වන තෙවන භාෂා (සිංහල/දෙමළ) වැඩසටහන, ඉංග්‍රීසි භාෂා විභාග - UTEL - සමායෝජනය, සන්නිවේදන නිපුණතා වැඩමුළු, විද්‍යාත්මක ලිවීමේ වැඩමුළු, විදේශීය සිසුන් සඳහා සිංහල පාඨමාලා, උපාධි ලැයිස්තු සඳහා  පාඨමාලා පැවැත්වීම මෙම භාෂාගාරයේදී සිදු කෙරේ.

4. පේරාදෙණිය විශ්වවිද්‍යාලය: - මෙම විශ්වවිද්‍යාලයේ අංග සම්පූර්ණ භාෂාගාරයක් ස්ථාපනය කර ඇත.  එහි පරිගණක වැඩ ස්ථාන 23ක්, බහු මාධ්‍ය තිර පහසුකම්, ශීර්ෂ ප්‍රක්ෂේපණ යන්ත්‍රයක්, ඉයර්පෝන් 23ක් භාෂා රාශියක විමර්ශන පොත් හා අමතර කියවීම් ඇතුළත් පුස්තකාලයක් සහිත ස්වයං පිවිසුම් භාෂාගාරයක් ස්ථාපිත කොටඇත.

කලා විෂයන් හදාරන සිසුන්ගේ "නව නිපැයුම් සංවර්ධන ප්‍රදානය" - IDAS - යටතේ මෙම පීඨය සඳහා අනුමත ව්‍යාපෘති යෝජනාව 21 වන සියවසේ උසස් අධ්‍යාපනය සඳහා වන ව්‍යාපෘතිය විසින් ක්‍රියාත්මක කළ විට පරිගණක වැඩ ස්ථාන 75 කින් යුතු නව භාෂාගාරය 2014 වර්ෂය අවසන් වීමට පෙර ස්ථාපිත කිරීමට ශාස්ත්‍ර පීඨය විසින් කටයුතු සැලසුම් කර ගෙන යනු ලැබේ.

  5. කැලණිය විශ්වවිද්‍යාලය : බහුමාධ්‍ය පහසුකම් සහිත භාෂා විද්‍යාගාර 04ක් ස්ථාපනය කර ඇත.

6. මොරටුව විශ්වවිද්‍යාලය : 21වන සියවසේ උසස් අධ්‍යාපනය සඳහා වන ව්‍යාපෘතිය යටතේ ලැබුණු මූල්‍යමය ප්‍රතිපාදන මත භාෂා විද්‍යාගාරයක් පිහිටුවීම සඳහා මූලික කටයුතු සිදු කරමින් පවතී.

7. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය : මෙම විශ්වවිද්‍යාලයේ ඇති භාෂාගාරය අංග සම්පූර්ණ භාෂාගාරයක් බවට පත් කර ඇත.

ආරම්භයේදී පරිගණක 17කින් සමන්විත වූ භාෂාගාරයට අමතරව පරිගණක 50කින් සමන්විත තවත් භාෂාගාරයක් ආරම්භ කිරීම සඳහා 21වන සියවසේ උසස් අධ්‍යාපනය සඳහා වන ව්‍යාපෘතියෙන් ලද ප්‍රතිපාදන/මූල්‍යමය ආධාරවලින් භාෂාගාරය සඳහා අවශ්‍ය වන ලී බඩු උපකරණ සහ පරිගණක මෘදුකාංග මේ වන විට ඇණවුම් කර ඇති අතර භාෂාගාරයේ පසුතලය මේ වන විට ඉදි කර අවසන්ව ඇත.

  8. යාපනය විශ්වවිද්‍යාලය : මෙම විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය කේන්ද්‍රීය ඉගෙනුම් ඒකකයක් ස්ථාපනය කර ඇත. අංග සම්පූර්ණ භාෂාගාරයක් පිහිටුවීම සඳහා මූලික කටයුතු සිදු කරමින් පවතී. ඒ සඳහා උපකරණ මිලදී ගනිමින් තිබෙනවා.

9. රුහුණ විශ්වවිද්‍යාලය : ඉංග්‍රීසි භාෂාව සඳහා පහසුකම් සැලසෙන භාෂාගාර වෛද්‍ය, විද්‍යා, ධීවර හා සාගර  විද්‍යා පීඨවල දැනටමත් පිහිටුවා ඇත. ඉදිරියේදී සියලුම ශිෂ්‍ය ප්‍රජාවගේ යහපත උදෙසා මෙම භාෂාගාර සංවර්ධනය කිරීමේ සැලැස්මක් සකස් කර ඇත.

10. නැ‍ඟෙනහිර විශ්වවිද්‍යාලය : මෙම විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමේ ඒකකය යටතේ භාෂා පරීක්ෂණාගාරයක් ස්ථාපිත කර ඇත. සිසුන් 100 දෙනෙකු සඳහා ඉඩකඩ පහසුකම්වලින් යුතු පොත්පත්, ශ්‍රව්‍ය සහ දෘශ්‍ය මා‍ධ්‍ය උපකරණවලින් සපිරි අංග සම්පූර්ණ භාෂාගාරයක් පිහිටුවා ඇති අතර මෙම භාෂාගාරයේ කටයුතු සඳහා ස්ථිර කථිකාචාර්යවරයෙකුද, උපදේශකවරුන් හය දෙනෙකුද අනුයුක්ත කර ඇත.

11. අග්නිදිග විශ්වවිද්‍යාලය : නවීන පහසුකම්වලින් සමන්විත භාෂා විද්‍යාගාර දෙකක් ස්ථාපනය කර ඇත.

21වන සියවසේ උසස් අධ්‍යාපනය සඳහා වන ව්‍යාපෘතිය මඟින් ප්‍රතිසංස්කරණය කරන ලද විද්‍යාගාරය වර්තමානයේ පරිගණක 20කින් ජාලගත කර ඇත.

12. රජරට විශ්වවිද්‍යාලය: මෙම විශ්වවිද්‍යාලයේ අංග සම්පූර්ණ භාෂාගාරයක් ස්ථාපනය කර ඇත.

13. සබරගමුව විශ්වවිද්‍යාලය: මෙම විශ්වවිද්‍යාලයේ අංග සම්පූර්ණ භාෂාගාරයක් ස්ථාපනය කර ඇත.

14. වයඹ විශ්වවිද්‍යාලය: මෙම විශ්වවිද්‍යාලයේ අංග සම්පූර්ණ භාෂා විද්‍යාගාර දෙකක් කුලියාපිටිය පරිශ්‍රය සහ මාකඳුර පරිශ්‍රය තුළ ස්ථාපනය කර ඇත.

15. විවෘත විශ්වවිද්‍යාලය: මෙම විශ්වවිද්‍යාලයේ මූලික පහසුකම්වලින් සමන්විත භාෂා විද්‍යාගාරයක් පිහිටුවා ඇත. අංග සම්පූර්ණ භාෂාගාරයක් පිහිටුවීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතී.

16. ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය : මෙම විශ්වවිද්‍යාලයේ මූලික පහසුකම්වලින් සමන්විත භාෂා විද්‍යාගාරයක් පවතී.

21 වැනි සියවසේ උසස් අධ්‍යාපනය සඳහා වන ව්‍යාපෘතිය යටතේ ලැබුණු මූල්‍යමය ප්‍රතිපාදන මත අංගසම්පූර්ණ භාෂාගාරයක් පිහිටුවීම සඳහා මූලික කටයුතු සිදු කරමින් පවතී.

17. සෞන්දර්ය විශ්වවිද්‍යාලය: 21 වැනි සියවසේ උසස් අධ්‍යාපනය සඳහා වන ව්‍යාපෘතිය යටතේ ලැබුණු මූල්‍යමය ප්‍රතිපාදන මත අංග සම්පූර්ණ භාෂා විද්‍යාගාරයක් පවතී.

මෙම විශ්වවිද්‍යාල යටතේ පවතින සියලුම උසස් අධ්‍යාපන ආයතන හා පශ්චාත් උපාධි ආයතනයන්හි ද අංග සම්පූර්ණ භාෂාගාර පිහිටුවීම සඳහා අවශ්‍ය පියවර ගෙන තිබේ.

(ආ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2014-06-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු එස්. බී. දිසානායක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks