පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
255/2024
ගරු (වෛද්‍ය) නිශාන්ත සමරවීර මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ගාල්ල දිස්ත්‍රික්කයේ, නුගදූව, “වලහන්දූව වත්ත” ඉඩම කැබලි කර විවිධ ව්‍යාපෘති සඳහා ලබා දීමට සැලසුම් කර තිබූ බව දන්නේද;
(ii) එම ව්‍යාපෘතිවල වර්තමාන තත්ත්වය කවරේද;
(iii) එම ව්‍යාපෘති සඳහා මේ දක්වා වැය කර ඇති මුදල කොපමණද;
(iv) එක් එක් ව්‍යාපෘතියේ අවශ්‍යතාවය හා අපේක්ෂිත ප්‍රතිලාභ හඳුනාගෙන තිබේද;
(v) ඒ අනුව, අත්‍යවශ්‍ය ව්‍යාපෘති කවරේද;
(vi) ඒ අතරින් ඇතැම් ව්‍යාපෘති මේ වනවිට අතරමග නතර වී තිබේ නම්, එම ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමේ හැකියාවක් තිබේද;
(vii) නොඑසේ නම්, එම ව්‍යාපෘති වෙනුවෙන් දැරීමට සිදුවන අලාභය කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-02-05
අසන ලද්දේ
ගරු (වෛද්‍ය) නිශාන්ත සමරවීර මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ගාල්ල, වලහන්දූව වත්ත නමැති ඉඩමට අදාළව විකිණීමේ හා බදු පදනම යටතේ පහත සඳහන් බැහැර කිරීම් සිදු කර ඇත.
|
අ.අ |
බැහැර කිරීම |
|
|
|
බැහැර කරන ලද දිනය |
|
|
|
අක්: |
රූ: |
පර්: |
|
|
01 |
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභා සේවකයින් සඳහා (විකිණීමෙන්) |
5 |
0 |
00 |
2017.03.09 |
|
02 |
අක්මීමණ විවිධ සේවා සමුපකාරය (විකිණීමෙන්) |
3 |
3 |
04 |
1980 වර්ෂයේ |
|
03 |
සුජීවා නිශාන්ති මිය (බදු පදනම මත) |
0 |
1 |
20 |
2017.01.01 |
(ii) ඉහත අංක 01 හා 02 යන කරුණු සින්නක්කරව විකිණීමෙන් බැහැර කිරීම් වේ. අංක 03 දරන කරුණ යටතේ වූ අක්:00 රූ:01 පර්:20ක බිම් ප්‍රමාණය දීර්ඝකාලීන බදු පදනම මත ලබා දී ඇත.
උක්ත පියවරයන්ට අතිරේකව වලහන්දූව වත්ත ඉඩම විෂයෙහිලා පහත සඳහන් කාර්යය කටයුතු ඉටු කිරීම සඳහා පියවර ගෙන තිබූ අතර නැවත ප්‍රසිද්ධ ගැසට් පත්‍ර අංක 2271/25 හා 2022.03.15 දිනැති ගැසට් පත්‍රය මඟින් හෙක්:401කින් සමන්විත වූ වලහන්දූව වත්ත නැමැති ඉඩම රාජ්‍ය වැවිලි සංස්ථාව සතු වී ඇති බැවින් එකී කටයුතු සඳහා ඉදිරි පියවර ගෙන නොමැත.
ගරු කථානායකතුමනි, සාරාංශයක් වශයෙන් කිව්වොත්, මෙහිදී සිදු වෙලා තිබෙන්නේ වලහන්දූව වත්ත කියන ඉඩමෙන් හෙක්ටෙයාර 401ක් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට - LRC එකට - තිබිලා නැවත රාජ්‍ය වැවිලි සංස්ථාවට අයිති කරගෙන, නැවතත් එය LRC එකට අයිති කරගෙන තිබෙනවා. ඊට පසුව ඒ ගැසට් එක cancel කරලා දැනට රාජ්‍ය වැවිලි සංස්ථාවට තමයි මේ ඉඩම අයිති වෙලා තිබෙන්නේ. ඒ නිසා ඉල්ලීම් ගොඩක් ලැබිලා තිබෙනවා. මේ ඉඩම රාජ්‍ය වැවිලි සංස්ථාවට ලැබී තිබෙන නිසා එතැන පටලැවිල්ලක් තිබෙනවා.
(iii) ඉඩම් අත්කර ගැනීමේ කටයුතු ක්‍රියාත්මක බැවින් මෙතෙක් වන්දි ගෙවා නොමැත.
(iv) ඔව්.
(v) ඇමුණුමෙහි සඳහන් කාර්යයන් සඳහා.
ඒ වලහන්දූව වත්තෙන් ඉල්ලා තිබෙන ඉඩම් අයිතම 42ක් යටතේ සඳහන්ව තිබෙනවා.
(vi) ඉඩම් අත්කර ගැනීමේ කටයුතු ක්‍රියාත්මක වේ.
(vii) නැත.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-03-15
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) සුසිල් රණසිංහ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks