04

E   |     |  

 දිනය: 2025-01-21   පිළිතුර ලබා දී ඇත 

0253/2025: හපුතලේ සහ හල්දුම්මුල්ල ප්‍රා.ලේ. කොට්ඨාස: LRC සහ රජයට අයත් ඉඩම්

253/2024

ගරු රවීන්ද්‍ර බණ්ඩාර මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)        (i)       හපුතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හා හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඇති ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් ඉඩම්  ප්‍රමාණය හෙක්ටයාර් කොපමණද;

(ii) එම ප්‍රමාණය එක් එක් ග්‍රාම නිලධාරි වසම් අනුව වෙන් වෙන් වශයෙන් හෙක්ටයාර්වලින් කොපමණද;

(iii) එම ඉඩම්වලින් දෙවැනි පාර්ශ්වයන් වෙත ලබා දී ඇති ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර් කොපමණද;

(iv) එම එක් එක් දෙවැනි පාර්ශ්වයේ නම, එම පාර්ශ්වයට ඉඩම් ලබා දී ඇති ස්ථානය සහ ලබා දී ඇති පදනම වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) ඉහත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් නොවන, රජයේ ඉඩම් පිහිටි ස්ථාන හා ප්‍රමාණයන් හෙක්ටයාර්වලින් වෙන් වෙන් වශයෙන් කොපමණද;

(ii) ඉහත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ මේ වනවිට හඳුනාගෙන ඇති කෘෂිකාර්මික ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර් කොපමණද;

(iii) එම ඉඩම් අතරින් මේ වනවිට වගා කර ඇති ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර් කොපමණද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-01-21

අසන ලද්දේ

ගරු රවීන්ද්‍ර බණ්ඩාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)      හපුතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉඩම්

                        ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් ඉඩම් ප්‍රමාණය - හෙක්ටෙයාර 634.3690

                        හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉඩම්

                        ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් ඉඩම් ප්‍රමාණය -  හෙක්ටෙයාර  2755.2279

              (ii)      අදාළ ලේඛනය අමුණා ඇත. (ඇමුණුම  01)**

              (iii)      දෙවන පාර්ශ්ව  වෙත ලබා දී ඇති ඉඩම් ප්‍රමාණය

නිවාස අරමුණු සඳහා

හපුතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය - හෙක්ටෙයාර 10.8703

හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය - හෙක්ටෙයාර 197.8005

බදු පදනම මත

හපුතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය - හෙක්ටෙයාර 12.6483

හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය - හෙක්ටෙයාර 0.6287

වැඩි විස්තර ඇමුණුම 02හි** දක්වා ඇත.

(iv) අදාළ ලේඛනය අමුණා ඇත. (ඇමුණුම 03)**

(ආ) (i) අදාළ ලේඛනය අමුණා ඇත.

(හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය - ඇමුණුම 04 හි** දැක්වෙන වගුවේ A තීරුව මඟින් දැක්වේ.)

හපුතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් නොවන ඉඩම් ප්‍රමාණය හෙක්ටෙයාර 545.2ක් ‍පමණ වේ.

(ii) අදාළ ලේඛනය අමුණා ඇත.

(හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය - ඇමුණුම 04 හි දැක්වෙන වගුවේ B තීරුව මඟින් දැක්වේ)

හපුතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කෘෂිකාර්මික ඉඩම් ප්‍රමාණය හෙක්ටෙයාර 84.480 ‍පමණ වේ.

(iii) අදාළ ලේඛනය අමුණා ඇත.

(හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය - ඇමුණුම 04 හි දැක්වෙන වගුවේ C තීරුව මඟින් දැක්වේ)

හපුතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කෘෂිකාර්මික ඉඩම් ප්‍රමාණය අතුරින් වගා කර ඇති ඉඩම් ප්‍රමාණය හෙක්ටෙයාර 42.377

 

(ඇ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2025-03-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු බිමල් රත්නායක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks