පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
249/2024
ගරු නීතිඥ රවුෆ් හකීම් මහතා,— සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) කොවිඩ්-19 වසංගතය නිසා මිය ගිය අයගේ ආදාහනය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රතිපත්තිමය තීරණය, “විශේෂඥ කමිටුවක්” විසින් නොමඟ යවනු ලැබූ බවට දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යවරයා විසින් 2022.11.29 වන දින කරන ලද ප්‍රකාශය සමඟ එතුමා එකඟ වන්නේද;
(ii) ඉහත සඳහන් කරන ලද කමිටුව රජය විසින් පත් කරන ලද කමිටුවක්ද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) ඉහත සඳහන් කරන ලද කමිටුව රජය විසින් පත් කරන ලද කමිටුවක් නම් —
(i) විශේෂයෙන්ම කොවිඩ්-19 වසංගතය හේතුවෙන් මිය ගිය අයගේ මෘත දේහ බැහැර කිරීම සම්බන්ධයෙන් එහි නිර්දේශ කවරේද;
(ii) පත් කිරීමේ බලධාරියා කවරෙක්ද;
(iii) විෂය පථය සහ/හෝ බලතල කවරේද;
(iv) සාමාජිකයින්ගේ නම් සහ තනතුරු කවරේද;
(v) සභාපතිගේ නම කුමක්ද;
(vi) එය අඛණ්ඩව රැස්වන්නේද;
(vii) එසේ අඛණ්ඩව රැස් නොවේ නම්, අවසන් වරට රැස්වූ දිනය කවරේද;
(viii) මේ දක්වා පවත්වා ඇති රැස්වීම් සංඛ්‍යාව කීයද;
(ix) රැස්වීම් පැවැත්වූ ස්ථානය කවරක්ද;
(x) එක් එක් රැස්වීමෙහි සභාපතිත්වය දැරූ අයගේ නම් වෙන් වෙන් වශයෙන් කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-01-10
අසන ලද්දේ
ගරු නීතිඥ රවුෆ් හකීම් මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) එවැනි ප්‍රකාශයක් සිදු කර නොමැත.
(ii) ඔව්.
(ආ) (i) කොවිඩ් - 19 වයිරස් ප්‍රභේදයේ ස්වභාවය අනුව ලෝකයේ අනෙකුත් රටවල් ක්‍රියා කරන ලද ආකාරය මෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් සලකා බලා මහ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂණය උදෙසා "කොවිඩ් 19 ආසාදිත මෘත ශරීර ආදාහනය කළමනාකරණය පිළිබඳ තාක්ෂණික කමිටුව" විසින් වරින් වර නිර්දේශ ලබා දීම සිදු කරන ලදී.
(ii) සෞඛ්‍ය ලේකම්.
(iii) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අංක 2170/8 දරන 2020.04.11 දිනැති අති විශේෂ ගැසට් පත්‍රය මඟින් (222 වන අධිකාරය වූ) නිරෝධායනය සහ රෝග වැළැක්වීමේ ආඥාපනතට සිදු කරන ලද සංශෝධන අනුව, ජනාධිපති කාර්ය සාධන බලකායට පැවරුණු බලතල.
(iv) කොවිඩ් 19 ආසාදිත මෘත ශරීර ආදාහනය කළමනාකරණය පිළිබඳ තාක්ෂණික කමිටුවේ සාමාජිකයින්, තනතුරු මාරුවීම් මත කිහිප අවස්ථාවකදී සංශෝධනය වී ඇති අතර, සමාජිකත්වය දැරූ නිලධාරීන්ගේ නම් හා තනතුරු ඇමුණුම මඟින් දක්වා ඇත.
(v) සෞඛ්‍ය ලේකම් කමිටු රැස්වීම සඳහා සහභාගි වන්නේ නම්, සභාපතිත්වය සෞඛ්‍ය ලේකම් විසින් දරන අතර, නොඑසේ නම් විශේෂඥතාව දරන පුද්ගලයා අවස්ථානුකූලව සභාපතිත්වය දරා ඇත.
(vi) එවකට පැවති කාලීන අවශ්‍යතාව හා හදිසිභාවය අනුව වරින් වර රැස් විය.
(vii) 2021 පෙබරවාරි 02.
(viii) ආසන්න වශයෙන් රැස්වීම් වාර 10කට වැඩි සංඛ්‍යාවක් පවත්වා ඇත.
(ix) සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රය.
(x) සෞඛ්‍ය ලේකම් සහභාගී වන අවස්ථාවලදී සෞඛ්‍ය ලේකම් විසින්ද, අනෙකුත් අවස්ථාවල අදාළ ක්ෂේත්‍රයේ විශේෂඥයෙක් විසින්ද රැස්වීමේ මුලාසනය හොබවන ලදී.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2025-02-05
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks