පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
247/2024
ගරු නීතිඥ රවුෆ් හකීම් මහතා,— සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ‘COVID-19 වැළඳී ඇතැයි සැක කෙරෙන රෝගීන් සහ තහවුරු කරන ලද රෝගීන් පිළිබඳව වන සායනික පුහුණු මාර්ගෝපදේශකය’ නමැති ප්‍රකාශනය පිළිබඳව දන්නේද;
(ii) එසේ නම්, එම ප්‍රකාශනයට අන්තර්ගතය සහ නිර්දේශ මඟින් දායක වූ විශේෂඥයින්ගේ නම් කවරේද;
(iii) ඔවුන් විශේෂඥ සම්පත්දායකයින් ලෙස සේවය කරන අවස්ථාවේදී ඔවුන් අනුබද්ධිතව සිටි ආයතන සහ ඔවුන්ගේ තනතුරු නාම කවරේද;
(iv) ඔවුන් පත් කිරීම සඳහා වගකීම දැරූ බලධාරියා කවුරුන්ද;
(v) ඔවුන් තෝරා ගැනීම සඳහා අනුගමනය කරන ලද නිර්ණායක/පදනම කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ඉහත ප්‍රකාශනයේ 7 වන ඡේදය පිළිබඳව දන්නේද;
(ii) එසේ නම්, එම ඡේදයේ අන්තර්ගතය සහ නිර්දේශ සඳහා වගකිව යුතු නිශ්චිත විශේෂඥ සම්පත්දායකයින්ගේ නම් කවරේද;
(iii) 7 වන ඡේදයේ අන්තර්ගතය සහ නිර්දේශ සකස් කිරීම සඳහා භාවිතා කරන ක්‍රියාවලිය, ලේඛන සහ ආශ්‍රේය ග්‍රන්ථ වෙන් වෙන් වශයෙන් කවරේද;
(iv) 7 වන ඡේදයේ නිර්දේශ දේශීය හෝ ජාත්‍යන්තර වශයෙන් වෛද්‍ය ආචාර ධර්ම සහ වෛද්‍ය මානව විද්‍යාව යන ක්ෂේත්‍රවල විශේෂඥයින්ගේ වෘත්තීය මතයට භාජනය වී තිබේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-01-09
අසන ලද්දේ
ගරු නීතිඥ රවුෆ් හකීම් මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii), (iii) ඇමුණුම 01 මඟින් දක්වා ඇත.
Annex 01
GUIDELINES DEVELOPMENT AND EDITORIAL COMMITTEE
Dr. Ananda Wijewickrama Consultant Physician, National Institute of Infectious Diseases, IDH/President, Ceylon College of Physicians
Dr. Damayanthi Idampitiya Consultant Physician, National Institute of Infectious Diseases, IDH
Dr. Eranga Narangoda Consultant Physician, National Institute of Infectious Diseases, IDH
Dr. Amitha Fernando Consultant Respiratory Physician, NHSL, Colombo
Dr. Chandimani Udugodage Consultant Respiratory Physician, Faculty of Medical Sciences, University of Sri Jayewardenepura
Dr. Jayantha Weeraman Consultant Paediatrician, Epidemiology Unit, Colombo
Dr. Neranjan Dissanayake Consultant Respiratory Physician, Teaching Hospital, Ratnapura
Dr. Manoj Edirisooriya Consultant in Intensive Medicine, NHSL, Colombo
Dr. Upul Dissanayake Consultant Physician, NHSL, Colombo
Dr. Priyankara Jayawardana Consultant Physician, De Soysa Maternity Hospital, Colombo
Dr. Rohitha Mutugala Consultant Virologist, Teaching Hospital, Kandy
Dr. Channa Perera Consultant Judicial Medical Officer, Colombo
Dr. Indika De Lanerole Consultant Emergency Physician, NHSL, Colombo
Dr. Hasitha Tissera Consultant Epidemiologist, Epidemiology Unit
Editorial Assistance
Dr. Azhar Ghouse Senior Registrar in Community Medicine, Family Health Bureau
Dr. Sammani Ratnayake Research Assistant, Epidemiology Unit
(iv) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්
(v) අදාළ ක්ෂේත්‍රයන් පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති පිරිසක් මේ සඳහා පත් කිරීමට කටයුතු යොදන ලදී.
(ආ) (i) ඔව්. ඇමුණුම 02* මඟින් දක්වා ඇත.
(ii) ඇමුණුම 01 මඟින් දක්වා ඇත.
(iii) අදාළ විශේෂඥයන්ගෙන් සමන්විත කමිටුව මඟින් පවත්වන ලද රැස්වීම හා අන්තර්ජාතික වශයෙන් එවකට අනෙකුත් රටවල් අනුගමනය කළ ක්‍රියාපිළිවෙත් හා කාලීනව ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් නිකුත් කරන ලද මාර්ගෝපදේශන පදනම් කරගෙන විද්වත් කමිටුවේ ඒකමතික තීරණයක් මත ලංකා කායික විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය විසින් සකස් කරන ලදී.
(iv) අන්තර්ජාතික වශයෙන් පිළිගත් වෘත්තීමය නිපුණතාවක් සහිත විද්වතුන්ගේ අදහස්, නිර්දේශ හා පළ කරන ලද ලියවිලි මත පදනම්ව මෙම ප්‍රකාශනය නිකුත් කර ඇත.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2025-02-18
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks