04

E   |     |  

 දිනය: 2025-01-24   පිළිතුර ලබා දී ඇත 

0245/2025: කොළොන්නාව ප්‍රා.ලේ. කොට්ඨාසයේ ගංවතුර පාලනය: ක්‍රියාත්මක නොකළ ව්‍යාපෘති

245/2024

ගරු එස්. එම්. මරික්කාර් මහතා,— නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගංවතුර පාලනය කිරීම සඳහා යෝජිත ව්‍යාපෘති අතරින් මේ දක්වා ක්‍රියාත්මක නොකර ඉතිරිව ඇති ‍ව්‍යාපෘති කවරේද;

(ii) ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා සැලසුම් කර තිබේද;

(iii) එසේ නම්, එම එක් එක් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබන කාල වකවානුව, අරමුදල් සපයා ගනු ලබන ආකාරය සහ ක්‍රියාත්මක කරනු ලබන ආයතනය  වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-01-24

අසන ලද්දේ

ගරු එස්. එම්. මරික්කාර් මහතා, පා.ම.

අමාත්‍යාංශය

නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i).   

 1.     දහම්වෙල ප්‍රධාන ඇළ මාර්ගය

  • බෝක්කු ප්‍රතිසංස්කරණය කිරීම - (ගණන 11)
  • ඇළ මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම - (ඇළෙහි මුළු දිග 3.85 km)

2.      පස්සැන්න ප්‍රධාන ඇළ මාර්ගය

  • වැසිජල රැඳවුම් තටාක ඉදි කිරීම - (ගණන 2)
  • බෝක්කු ප්‍රතිසංස්කරණය කිරීම - (ගණන 8)
  • ඇළ මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම - (ඇළෙහි මුළු දිග 4.485 km)

3. සැළලිහිණි ප්‍රධාන ඇළ මාර්ගය

  • පොම්පාගාර ඉදි කිරීම
  • බෝක්කු ප්‍රතිසංස්කරණය කිරීම - (ගණන 5)
  • ඇළ මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම - (ඇළෙහි මුළු දිග 3.25  km)

4. දඬුතොට ප්‍රධාන ඇළ මාර්ගය

  • බෝක්කු ප්‍රතිසංස්කරණය කිරීම - (ගණන 6)
  • පොම්පාගාරය ඉදි කිරීම
  • ඇළ මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම - (ඇළෙහි මුළු දිග 1.4 km)


- මෙයට අමතරව කළු පාලම ජල දොරටුවට පොම්ප සවිකිරීමට යෝජිත ව්‍යාපෘතිය සඳහා (ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුව) වෙත යොමු කර එහි අනුමැතිය අපේක්ෂාවෙන් සිටී.

(ii). කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කොටිකාවත්ත - මුල්ලේරියාව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ තුළ පිහිටි පහත සඳහන් ඇළ මාර්ග පද්ධති, කොළොන්නාව වැසි ජල අපවහන හා පරිසරය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ මහා භාණ්ඩාගාර අරමුදල් උපයෝජනය කොට ප්‍රතිසංස්කරණය කිරීම 2025 සිට 2029 දක්වා වූ අවුරුදු 5ක කාලය තුළ ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව මඟින් ක්‍රියාත්මක කොට නිම කිරීමට සැලසුම් කර තිබේ.

1. කිත්තම්පහුව ඇළ මාර්ග පද්ධතියට අයත් පස්සැන්න ඇළ මාර්ගය සහ දහම්වෙල ඇළ මාර්ගය සහ ඒවාට අයත් ද්විතීයික ඇළ මාර්ග.

2. සැළලිහිණි මාවත ඇළ මාර්ගය සහ ද්විතීයික ඇළ මාර්ග, සැළලිහිණි මාවත පොම්පාගාරය

3. දඬුතොට ඇළ මාර්ගය හා ද්විතීයික ඇළ මාර්ග, දඬුතොට ඇළ පොම්පාගාරය -කළු පාලම පොම්පාගාරය සඳහා අවශ්‍ය මූලික සැලසුම් සහ ප්‍රසම්පාදන ලේඛන - design and built -  සකස් කර ඇත. ක්‍රියාත්මක කිරීම, අවශ්‍ය අනුමැතිය සහ ප්‍රතිපාදන වෙන් වූ පසු  කිරීමට යෝජිතය.

(iii)

ඇළ මාර්ගයේ නම

ඉංජිනේරු- සැළසුම් සකස් කිරීම

ක්‍රියාත්මක කිරීම

නඩත්තු කටයුතු සිදු කිරීම

අරමුදල් සපයා ගන්නා ආකාරය

කාල වකවානු

පස්සැන්න ඇළ

ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව

ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව

ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව

භාණ්ඩාගාර අරමුදල්

   2025-2029

පස්සැන්න ද්විතීයික ඇළ මාර්ගය

 

කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාව

කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාව

 

 

දහම්වෙල ඇළ

 

ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව

ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව

 

 

දහම්වෙල ද්විතියික ඇළ මාර්ගය

 

කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාව

කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාව

 

 

සැළලිහිණි මාවත ඇළ

 

ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව

ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව

 

 

සැළලිහිණි ද්විතියික ඇළ මාර්ගය

 

කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාව

කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාව

 

 

දඬුතොට ඇළ

 

ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව

ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව

 

 

දඬුතොට ද්විතියික ඇළ මාර්ගය

 

කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාව

කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාව

 

 

 

(ආ)            අදාළ නොවේ

පිළිතුරු දුන් දිනය

2025-02-19

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අනුර කරුණාතිලක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks