04

E   |     |  

 දිනය: 2025-01-21   පිළිතුර ලබා දී ඇත 

0244/2025: කොළොන්නාව ප්‍රා.ලේ. කොට්ඨාසය: නාගරික සංවර්ධන සැලැස්ම

----

අසන ලද දිනය

2025-01-21

අසන ලද්දේ

ගරු එස්. එම්. මරික්කාර් මහතා, පා.ම.

අමාත්‍යාංශය

නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ කොටිකාවත්ත ප්‍රාදේශීය සභාව සහ කොළොන්නාව නගර සභාව යන පළාත් පාලන ආයතන දෙක ක්‍රියාත්මක වේ.

                        කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බලප්‍රදේශය වෙනුවෙන් 2023-2033 කාල සීමාව සඳහා සංවර්ධන සැලැස්ම සකසා අවසන් බවත්, එය අවසන් අදි‍‍යරේ තිබෙන බවත්, එය ගැසට් කිරීමට නියමිත බවත් නාගරික සංවර්ධන අධිකාරිය විසින් දන්වා සිටී. කෙසේ වුවත්, ගැසට් කිරීමට කලින් ඒ පිළිබඳ නැවත review එකක් කරලා ඉක්මනින්ම ගැසට් කරන්න කටයුතු කරන බව දන්වා සිටී.

කොළොන්නාව නගර සභා බලප්‍රදේශය සඳහා (2013-2025) සංවර්ධන සැලසුම් කෙටුම්පත මඟින් හා ඉන්ධන ගබඩා ආරක්ෂිත කලාපය සඳහා අංක 1435/24 දරන ගැසට් පත්‍රය මඟින් දක්වා ඇති නියාමන භාවිත කරන අතර, කොළොන්නාව නගර සභා සීමාව සඳහා 2024-2034 කාල සීමාව වෙනුවෙන් නව සංවර්ධන සැලැස්මක් කෙටුම්පත් කරමින් සිටින බවත්, එය 2025 වසර තුළ ගැසට් කිරීමට යෝජිත බවත්, ආරක්ෂිත කලාපය සඳහා ද නියාමනයන් යාවත්කාලීන කිරීම් සම්බන්ධ කෙටුම්පත් සකස් කරමින් පවතින බවත් නාගරික සංවර්ධන අධිකාරිය විසින් තවදුරටත් දන්වා සිටී.

(ii) සාමාන්‍යයෙන් නාගරික සංවර්ධන අධිකාරිය මඟින්  ප්‍රදේශයකට සැලසුමක් සකස් කරනකොට ඒ ප්‍රදේශය තුළ නේවාසික සීමා ප්‍රදේශ මොනවාද,  කර්මාන්ත සඳහා වෙන් කළ යුතු ප්‍රදේශ මොනවාද, මිශ්‍ර සංවර්ධනය සඳහා වෙන් විය යුතු ප්‍රදේශ මොනවාද, මංමාවත් සහ විනෝදාත්මක කරුණු සඳහා වෙන් විය යුතු ප්‍රදේශ මොනවාද කියන කරුණු ඇතුළත් සැලසුමක් තමයි සකස් කරන්නේ.  ඒ අනුව කොටිකාවත්ත ප්‍රදේශීය සභා සංවර්ධන සැලැස්ම (2023-2033 කාලය                  සඳහා) ගැසට් කිරීමට නියමිතව තිබෙනවා. කොලොන්නාව නගර සභා සංවර්ධන සැලැස්ම (2024 - 2034) සකස් කරමින් පවතිනවා.

(iii) අවශ්‍ය ප්‍රතිපාදන ලැබීම අනුව ඒ සැලසුම් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා.

 

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2025-01-21

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අනුර කරුණාතිලක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks