පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2025-01-10
අසන ලද්දේ
ගරු එස්. එම්. මරික්කාර් මහතා, පා.ම.
අමාත්‍යාංශය
නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) සම්පූර්ණ මහල් නිවාස 24ක් තිබෙනවා. මේකට දීර්ඝ විස්තරයක් තිබෙන්නේ.
මම කියන්නම්.
මෙට්‍රොහෝම්ස් නිවාස ව්‍යාපෘතිය - නිවාස ඒකක 626යි. මිහිඳුසෙන්පුර නිවාස ව්‍යාපෘතිය - නිවාස ඒකක 830යි.
මෙයින් ඔප්පු ලබා දී තිබෙන්නේ මෙට්‍රොහෝම්ස් නිවාස ව්‍යාපෘතියේ 94යි. මිහිඳුසෙන්පුර නිවාස ව්‍යාපෘතියේ 39යි. සිරිසර උයන නිවාස ව්‍යාපෘතියේ නිවාස ඒකක 718යි, ඔප්පු ලබා දීලා තිබෙන්නේ 34කටයි. සම්පූර්ණ ගණන 167යි. ඉතිරි කිසිම නිවාස ව්‍යාපෘතියකට ඔප්පු ලබා දීලා නැහැ.
විස්තර ඇමුණුම 01 මඟින් පහතින් දක්වා ඇත.
ඇමුණුම 01
|
අනු අංකය |
නිවාස ව්‍යාපෘතියේ නම |
නිවාස ඒකක ගණන |
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය |
ලබා දී ඇති ඔප්පු සංඛ්‍යාව |
ඔප්පු ලබා දීමට නියමිත කාල වකවානු |
|
1. |
මෙට්‍රොහෝම්ස් නිවාස ව්‍යාපෘතිය |
626 |
කොළඹ |
94 |
2025 |
|
2. |
මිහිඳුසෙන්පුර නිවාස ව්‍යාපෘතිය |
830 |
තිඹිරිගස්යාය |
39 |
2025 |
|
3. |
සිරිසර උයන නිවාස ව්‍යාපෘතිය |
718 |
තිඹිරිගස්යාය |
34 |
2025 |
|
4. |
සිරිමුතු උයන නිවාස ව්‍යාපෘතිය |
546 |
කොළඹ |
|
2025 |
|
5. |
මෙත්සඳ සෙවණ නිවාස ව්‍යාපෘතිය |
918 |
කොළඹ |
|
2025 |
|
6. |
ලක්සෙත සෙවණ නිවාස ව්‍යාපෘතිය |
466 |
කොළඹ |
|
2025 |
|
7. |
ලක්මුතු සෙවණ නිවාස ව්‍යාපෘතිය |
118 |
තිඹිරිගස්යාය |
|
2025 |
|
8. |
කොළොම්තොට සරසවි උයන නිවාස ව්‍යාපෘතිය |
528 |
තිඹිරිගස්යාය |
|
2025 |
|
9. |
ලක්හිරු සෙවණ නිවාස ව්‍යාපෘතිය |
768 |
කොළඹ |
|
2025 |
|
10. |
මුවදොර උයන නිවාස ව්‍යාපෘතිය |
872 |
කොළඹ |
|
2025 |
|
11. |
මිහිජය සෙවණ නිවාස ව්‍යාපෘතිය |
1,647 |
කොළඹ |
|
2025 |
|
12. |
ජයමඟ සෙවණ නිවාස ව්‍යාපෘතිය |
68 |
කොළඹ |
|
2025 |
|
13. |
පුරදොර සෙවණ නිවාස ව්‍යාපෘතිය |
34 |
කොළඹ |
|
2025 |
|
14. |
හෙළමුතු සෙවණ නිවාස ව්‍යාපෘතිය |
1,043 |
කොළඹ |
|
2026 |
|
15. |
සිරිසඳ සෙවණ නිවාස ව්‍යාපෘතිය |
366 |
කොළඹ |
|
2026 |
|
16. |
සියසෙත සෙවණ නිවාස ව්‍යාපෘතිය |
266 |
කොළඹ |
|
2026 |
|
17. |
මෙත්සර උයන නිවාස ව්‍යාපෘතිය |
430 |
තිඹිරිගස්යාය |
|
2026 |
|
අනු අංකය |
නිවාස ව්‍යාපෘතියේ නම |
නිවාස ඒකක ගණන |
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය |
ලබා දී ඇති ඔප්පු සංඛ්‍යාව |
ඔප්පු ලබා දීමට නියමිත කාල වකවානු |
|
18. |
රන්දිය උයන නිවාස ව්‍යාපෘතිය |
1,137 |
කොළඹ |
|
2026 |
|
19. |
රන්මිතු සෙවණ නිවාස ව්‍යාපෘතිය |
576 |
කොළඹ |
|
2026 |
|
20. |
සත්හිරු සෙවණ නිවාස ව්‍යාපෘතිය |
672 |
කොළඹ |
|
2026 |
|
21. |
සංහිඳ සෙවණ නිවාස ව්‍යාපෘතිය |
696 |
කොළොන්නාව |
|
2026 |
|
22. |
ලක්සඳ සෙවණ නිවාස ව්‍යාපෘතිය |
1,008 |
කොළොන්නාව |
|
2026 |
|
23. |
සියපත් සෙවණ නිවාස ව්‍යාපෘතිය |
705 |
කොළඹ |
|
2026 |
|
24. |
ලේක්සයිඩ් රෙසිඩන්සීස් නිවාස ව්‍යාපෘතිය |
193 |
කොළඹ |
|
2027 |
(ii) නිවාස ඒකක 167කි. ඇමුණුම 01 මඟින් ඉහතින් දක්වා ඇත.
(iii) ඔව්.
(iv) සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය මඟින් සහාධිපත්‍ය සහතික ලබා ගැනීමෙන් අනතුරුව අදාළ ප්‍රකාශන ඔප්පු සකස් කිරීමෙන් පසු ඔප්පු ලබා දීමට නියමිතව ඇත. මෙහිදී නිවාසලාභින් විසින් තම නිවාස ඒකකයට අදාළ හිඟ ජල බිල්පත්, වරිපනම් ගාස්තු හා මාසික වාරික ගාස්තු උපරිමය රුපියල් 350,000ක් ගෙවීමෙන් අනතුරුව ඔප්පු ලබා දීම සිදු කිරීමට හැකියාව ඇත. අදාළ කාල වකවානු ඇමුණුමේ සඳහන්ව ඇත.
ඒ කටයුතු සම්පූර්ණ කිරීමෙන් අනතුරුව මේ සඳහා ඔප්පු ලබා දෙන්න කටයුතු කරනවා. නමුත්, මේ නිවැසියන්ගේ ස්වභාවය පිළිබඳව බැලුවාම, සමහර අයට ඒ රුපියල් 350,000ත් ගෙවීමේ අපහසු තත්ත්වය නිසා ම හිඟ මුදල් ඇති වීම සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වෙනවා. අපි මේ සඳහා මේ අවුරුද්දේ යම් වැඩ පිළිවෙළක් සකස් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අනුව මේ රුපියල් 350,000 ගෙවන්න අපහසු අයට කිසියම් ක්‍රමයක් සකස් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. සමහර නිවාසවල වටිනාකමට වඩා අඩුවෙන් තමයි මේ රුපියල් 350,000ක මුදල තීරණය කර තිබෙන්නේ. උදාහරණයක් හැටියට ගත්තොත්, මිහිඳුසෙන්පුර ව්‍යාපෘතියේ නිවාස ඒකකයක වටිනාකම මිලියන 3.6යි. නමුත්, නීතිපති දෙපාර්තමේන්තුවත් එක්ක සාකච්ඡා කරලා ඒ ප්‍රමාණය අඩු කර තිබෙනවා, රුපියල් 350,000 දක්වා. මේ ප්‍රමාණය තවදුරටත් අඩු කරලා මේ අවුරුද්ද තුළ ඒ නිවාසවල ඔප්පු ලබා දීම සඳහා කටයුතු කරන්න නිවාස සංවර්ධන අධිකාරිය කටයුතු කරමින් ඉන්නවා.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-02-05
විසින් පිළිතුරු දෙන ලදී
ගරු අනුර කරුණාතිලක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks