පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
229/2024
ගරු අජිත් පී. පෙරේරා මහතා,— අග්රාමාත්යතුමිය සහ අධ්යාපන, උසස් අධ්යාපන සහ වෘත්තීය අධ්යාපන අමාත්යතුමියගෙන් ඇසීමට,— (1)
(අ) (i) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සහ නීතිපතිවරයා විසින් ඉල්ලා අස්කර ගන්නා ලද නඩු නැවත සමාලෝචනය කර සුදුසු නඩු නැවත පැවරීමට ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්රතිපත්ති ප්රකාශය මඟින් පොරොන්දුවී තිබේද;
(ii) වර්ෂ 2019 සිට 2024 දක්වා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ඉල්ලා අස්කරගෙන ඇති නඩු සංඛ්යාව කොපමණද;
(iii) එම නඩු අතරින් නැවත සමාලෝචනය කිරීමෙන් පසු නැවත පවරා ඇති නඩු සංඛ්යාව කොපමණද;
යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-11-04
අසන ලද්දේ
ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම.
අමාත්යාංශය
අග්රාමාත්ය කාර්යාලය
ව්යවස්ථාදායකය
ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
ගරු ජනාධිපතිතුමන් විසින් 2024 ජනාධිපතිවරණයේ ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් කරන ලද "පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" ප්රතිපත්ති ප්රකාශයේ "නීතිය මත පාලනයක් - සමප්රවේශී අධිකරණ පද්ධතියක්" පරිච්ඡේදය යටතේ පහත පරිදි ප්රතිපත්ති රාමුවට ඇතුළත් කර ඇත.
"අල්ලස් කොමිසම හා නීතිපති මඟින් ඉල්ලා අස්කර ගන්නා ලද නඩු සමාලෝචනයකට ලක් කර සුදුසු නඩුකර නැවත පැවරීමට කටයුතු කිරීම."
(ii) 2019 වර්ෂයේ සිට 2024 වර්ෂය දක්වා ඉල්ලා අස්කර ගත් මුළු නඩු සංඛ්යාව 102කි.
(iii) ඉහත නඩු 102 අතරින්,
|
නැවත පැවරූ නඩු සංඛ්යාව |
65 |
|
නැවත නොපැවරීමට තීරණය කළ නඩු සංඛ්යාව |
34 |
|
නැවත පැවරීමට සලකා බලමින් සිටින නඩු සංඛ්යාව |
03 |
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-01-09
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ආචාර්ය හරිනි අමරසූරිය, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks