01

E   |     |  

 දිනය: 2025-09-24   පිළිතුර ලබා දී ඇත 

0220/2025: බිත්තර වී අවශ්‍යතාව සහ තොග පවත්වාගෙන යාම: විස්තර

220/2024

ගරු රෝහණ බංඩාර මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)        (i)       මේ වනවිට රජය සතුව ඇති බිත්තර වී ප්‍රමාණය කොපමණද;

             (ii)       2020 වර්ෂයේ සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ බිත්තර වී අවශ්‍යතාවය එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) විවිධ කාලගුණික හා දේශගුණික විපර්යාස හේතුවෙන් බිත්තර වී අවශ්‍යතාවය ඉහළ බැවින් රජය සතුව ප්‍රමාණවත් බිත්තර වී තොගයක් පවත්වා ගෙන යාම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2025-09-24

අසන ලද්දේ

ගරු රෝහණ බංඩාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)      වී බුසල් 147,932කි.

          (ii)            

වර්ෂය

බිත්තර වී අවශ්‍යතාව  (බුසල්)

2020

6,042,270

2021

6,358,535

2022

6,287,575

2023

6,588,385

2024

6,439,945

 

 

 

 

 

 

 

 

 

 

         (iii) 1. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් වී පර්යේෂණායතනවල අභිජනන වී නිෂ්පාදනය කිරීම.

2. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් බිත්තර වී ගොවිපළවල් තුළ අත්තිවාරම් බීජ, ලියාපදිංචි බීජ සහ සහතික බීජ නිෂ්පාදනය කිරීම.

3. පෞද්ගලික බීජ නිෂ්පාදකයින්, බීජ නිෂ්පාදන සමිති සහ පෞද්ගලික සමාගම් මඟින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ලබා ගන්නා ලියාපදිංචි බීජ යොදා ගෙන සහතික බීජ නිෂ්පාදනය කරනු ලබන අතර, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් එම බීජ නිෂ්පාදන වැඩසටහන් නියාමනය කෙරේ.

4. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ හා රෝපණ අංශය කොන්ත්‍රාත් ක්‍රමයට ගොවීන්ගේ කුඹුරුවල සහතික බීජ නිෂ්පාදනයක් කරනු  ලැබේ.

(ආ) අදාළ නොවේ.

 

 

පිළිතුරු දුන් දිනය

2025-09-24

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නාමල් කරුණාරත්න මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks