E   |     |  

 දිනය: 2025-09-11   පිළිතුර ලබා දී ඇත 

0219/2025: 2024 නොවැම්බර් මාසයේ ඇති වූ අයහපත් කාලගුණය හේතුවෙන් විනාශ වූ වී වගාවන්: විස්තර

219/2024

ගරු රෝහණ බංඩාර මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)        (i)       2024 වර්ෂයේ නොවැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේ පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විනාශ වූ කුඹුරු ප්‍රමාණය එක් එක් දිස්ත්‍රික්කය අනුව අක්කරවලින් වෙන් වෙන් වශයෙන් කොපමණද;

(ii) ඒ හේතුවෙන් අපේක්ෂිත වී අස්වැන්නේ සිදු වන අඩු වීම කොපමණද;

(iii) විනාශ වූ කුඹුරු අතරින් නැවත වගා කරන ලද ප්‍රමාණය අක්කරවලින් කොපමණද;

(iv) විනාශ වූ කුඹුරු සඳහා වන්දි ලබාදී තිබේද;

 (v) එසේ නම්, ඒ පිළිබඳ විස්තර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2025-09-11

අසන ලද්දේ

ගරු රෝහණ බංඩාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

 

(අ) (i)

අනු අංකය

දිස්ත්‍රික්කය

විනාශ වූ කුඹුරු ප්‍රමාණය (අක්කර)

01

අම්පාර

13,909.46

02

අනුරාධපුර

10,099.41

03

බදුල්ල

1,681.66

04

මඩකලපුව

11,981.94

05

ගාල්ල

37.04

06

ගම්පහ

188.70

07

හම්බන්තොට

1,091.22

08

යාපනය

1,121.75

09

කළුතර

43.53

10

මහනුවර

98.23

11

කෑගල්ල

34.10

12

කිලිනොච්චිය

444.40

13

කුරුණෑගල

1,526.85

14

මන්නාරම

9,698.45

15

මාතලේ

474.02

16

මාතර

550.93

17

මොනරාගල

947.45

18

මුලතිව්

3,553.81

19

පොළොන්නරුව

14,088.53

20

පුත්තලම

959.65

21

රත්නපුර

185.84

22

ත්‍රිකුණාමලය

11,690.62

23

වවුනියාව

1,865.03

24

නුවරඑළිය

610.55

25

කොළඹ

45.86

 

එකතුව

86,929.03

 

(ii) අස්වැන්නේ අඩුවීම මෙට්‍රික් ටොන් 178,433ක් බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වාර්තා කර ඇත.

(iii) අක්කර 25,673යි, රූඩ් 3යි, පර්චස් 3යි.

(iv) ඔව්.

(v) වන්දි ගෙවූ අක්කර ප්‍රමාණය, ගොවීන් ප්‍රමාණය හා වන්දි මුදල පහත පරිදි වේ.

2024-25 මහ - වන්දි ගෙවීම්

ගොවීන් ප්‍රමාණය

හානි වූ අක්කර ප්‍රමාණය (වන්දි ගෙවූ අක්කර ප්‍රමාණය)

වන්දි මුදල

73,988

86,929.03

රු.1,516,458,181.50

 

 

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2026-01-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks