බලන්න

04

E   |     |  

 දිනය: 2025-07-22   පිළිතුර ලබා දී ඇත 

0216/2025: 2015 සිට සේවක අර්ථසාධක අරමුදලේ සක්‍රිය ගිණුම්: ගෙවන ලද වාර්ෂික පොලිය

----

අසන ලද දිනය

2025-07-22

අසන ලද්දේ

ගරු රෝහණ බංඩාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

කම්කරු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      2015 වර්ෂයේ සිට 2024 වර්ෂය දක්වා පවතින ගිණුම් ප්‍රමාණය නිල වශයෙන් මෙම පිළිතුරෙහි සඳහන් වෙනවා. ඒ නිසා මම එය මෙතැනදී කියවීම අවශ්‍ය කරන්නේ නැහැ. 2015 වර්ෂයේ මුළු සාමාජික ගිණුම් සංඛ්‍යාව මිලියන 16.8යි. 2024 වර්ෂය වන විට එම ප්‍රමාණය මිලියන 22.2 දක්වා වර්ධනය වෙලා තිබෙනවා. වාර්ෂිකව දායක මුදල් ලැබෙන ගිණුම් ප්‍රමාණය 2015 වර්ෂයේදී මිලියන 2.5යි. එම ප්‍රමාණය මිලියන 2.9 දක්වා 2024 වර්ෂය වනවිට වැඩි වෙලා තිබෙනවා.

(ii) 2015 සිට 2024 දක්වා සාමාජික ‍ශේෂ මත ගෙවන ලද පොලී අනුපාතය පහත පරිදි වේ.

 

වර්ෂය

සාමාජික ශේෂ මත ගෙවන ලද පොලී අනුපාතය

2015

10.50

2016

10.50

2017

10.50

2018

9.50

2019

9.25

2020

9.00

2021

9.00

2022

9.00

2023

13.00

2024

11.00

 (iii) පොලී අනුපාතය තීරණය කරද්දී සලකා බලනු ලබන කරුණු කාරණා ගොඩක් තිබෙනවා. ඒ අතර ප්‍රධාන ක්ෂේත්‍ර 2ක් තිබෙනවා. එකක් තමයි, බෙදා හැරිය හැකි ලාභය - distributable profit. එතැනදී විවිධ ක්ෂේත්‍රවලින් සේවක අර්ථසාධක අරමුදලට ලැබෙන ආයෝජනවලින් එම වර්ෂයේ මෙහෙයුම් වියදම් අයින් කරලා, අදාළ බදු අයින් කළාට පසුව බෙදා හැරිය හැකි ලාභය - distributable profit - තීරණය කරනවා. ඊට පසුව ඒ ඒ සාමාජිකයන්ගේ ගිණුම්වල තිබෙන ශේෂයන්ට සාපේක්ෂව ඒ අදාළ පොලී අනුපාත තීරණය කරනවා.

(iv) සේවක අර්ථසාධක අරමුදල තවදුරටත් ශක්තිමත් කිරීමට ප්‍රධාන ක්‍රියාමාර්ග කිහිපයක් ගෙන තිබෙනවා. ඒවා මෙසේයි.

(1) සේවක අර්ථසාධක අරමුදලේ තිබෙන ආයෝජන කළඹ විවිධාංගීකරණයකට ලක් කිරීමට සැලසුම් කරනවා.

(2) ආයෝජන වශයෙන් විශාල මුදල් ප්‍රමාණයක් තිබෙන නිසා එම ආයෝජන ආදායම් අඩු-වැඩිවීමේ අවදානමක් තිබෙන නිසා නිසි පරිදි අවදානම් කළමනාකරණ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා.

(3) වත්කම් කළමනාකරණ ක්‍රමවේදයක් ගැනත් සාකච්ඡා කරනවා. ඒ සඳහා තොරතුරු පද්ධතිය විධිමත් පරිදි වැඩිදියුණු කරනවා.

(4) සමස්ත රාජ්‍ය ක්‍රියාකාරීත්වයේ කාර්යක්ෂමතාව වැඩි කිරීම සඳහා ඩිජිටල්කරණයට යොමුවීමේ ප්‍රවණතාවක් අපේ ආණ්ඩුව තුළ තිබෙනවා. එම ඩිජිටල්කරණ පරිවර්තනයත් මෙතැනට සම්බන්ධ කරගන්න ඕනෑ. ඒ අනුව නව ඩිජිටල් ක්‍රමවේද පද්ධතියකට යෑම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබෙනවා.

(5) දායක මුදල් ගෙවීම පැහැර හැර ඇති අවස්ථා අනාවරණය කරගත් පසු ඒවා ඉක්මනින් අය කර ගැනීමටත්, ඒ අනුව අරමුදල තර කර ගැනීමටත්, සාමාජිකයන්ට එහි ප්‍රතිලාභ ලබා දීමටත් පියවර ගනිමින් ඉන්නවා.

(6) සේවක අර්ථසාධක අරමුදල් කළමනාකරණය සඳහා ත්‍රෛපාර්ශ්වීය සහභාගිත්වයෙන් -ප්‍රධාන වශයෙන් වෘත්තිය සමිති, සේවායෝජකයින් හා රජය නියෝජනය කරමින්- නව යන්ත්‍රණයක් සකස් කිරීමේ ක්‍රියාවලියක් ඉදිරියේදී හඳුන්වා දීමට කටයුතු කරනවා.

(ආ) පැන නොනගී.

පිළිතුරු දුන් දිනය

2025-07-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (ආචාර්ය) අනිල් ජයන්ත මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks